04

E   |     |  

 දිනය: 2013-06-04   පිළිතුර ලබා දී ඇත 

2684/2013: "දැයට කිරුළ" ප්‍රදර්ශන : පිරිවැය

2684/’12

 

ගරු රවී කරුණානායක මහතා,— විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      “දැයට කිරුළ” ප්‍රදර්ශනයෙහි සංකල්පය එතුමා පැහැදිලි කරන්නෙහිද?

(ආ)        (i)       මේ දක්වා පැවැත්වූ එක් එක් දැයට කිරුළ ප්‍රදර්ශනයෙන් ජනනය කරන ලද රැකියා සංඛ්‍යාව කොපමණද;

  (ii)  එම රැකියාවන් කවරේද;

  (iii)  ඒවා ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිත රැකියාද;

යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?        

(ඇ)  (i)  අනුරාධපුරයෙහි පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා සත්‍ය වශයෙන්ම මුදල් වැය කළ වැය ශීර්ෂය කවරේද;

  (ii)  අවසන් වරට පැවැත්වූ දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා කිසිදු ගෙවීමකින් තොරව ලබාගත් ඇතැම් වත්කම් සහ ශ්‍රමය, එනම් සන්නද්ධ හමුදාවන්හි පුද්ගලයන් හෝ ශ්‍රමය සහ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයෙහි බස්රථ වැනි දෑ සම්පූර්ණ පිරිවැය ගණනය කිරීමේදී පිරිවැය සංරචකයන්හි ඇතුළත් කොට තිබේද;

  (iii)  එසේ නොමැති නම්, ඉහත කී ප්‍රදර්ශනය සඳහා මුළු පිරිවැය ගණනය කළ ආකාරය කවරේද;

  (iv)  පැවැත්වීමට නියමිත මීලඟ දැයට කිරුළ ප්‍රදර්ශනයන් තුන සඳහා අපේක්‍ෂිත පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-04

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

              (අ)        මිලේච්ඡ LTTE සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මානසිකව වැටී සිටින ශ්‍රී ලාංකීය ජාතියේ සාඩම්බර ඉතිහාසය, අභියෝග ජය ගන්නා වර්තමානය හා ජයග්‍රාහී අනාගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ‍සම්බන්ධව පැවති අවශ්‍යතාව මුදුන්පත් කිරීම සඳහා දැයට කිරුළ ප්‍රදර්ශනය ප්‍රථම වරට 2007 වසරේදී ආරම්භ කෙරුණි.

                        මුල් කාලීනව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ මෙය පසුව රටේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණි. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත එළි දැක්වුණු දැයට කිරුළ මේ වන විට රජයේ ප්‍රධාන සංවර්ධන ප්‍රවේශයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

උදාහරණ වශයෙන්

I. 2014 දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රදර්ශන භූමියේ ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම හා ජල සම්පාදනය සඳහා වෙන් කළ මුදල රු.මි. 1000 ඉක්මවයි.

II 2014 දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිදියුණු කරන ලද, මාර්ග සංවර්ධන අධිකාරියට හා පළාත් සභාවලට අයත් මාර්ගවල වටිනාකම රු.මි. 13,498.24කි.

III 2014 දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව ග්‍රාමීය ජනතාවගේ එදිනෙදා මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා දිස්ත්‍රික්ක තුන තුළ පවත්වන ලද ජංගම සේවා ගණන 2,664කි. ඒ සඳහා දස  ලක්ෂයකට අධික ගැටලු සංඛ්‍යාවක් ඉදිරිපත් විය. එසේ ඉදිරිපත් වූ ගැටලුවලින්,

35% - ප්‍රාදේශීය මට්ටමේදීද

30% - දිස්ත්‍රික් මට්ටමේදීද

30% - ප්‍රතිපත්ති සම්පාදනයෙන්ද විසඳුම් ලද අතර

5% - විසඳිය නොහැකි ගැටලු ලෙස හඳුනා ගන්නා ලදී.

මින් පෙනී යන්නේ, දැයට කිරුළ සංවර්ධන වැඩසටහන හා ප්‍රදර්ශනයේදී මහ ජනයා එදිනෙදා මුහුණපාන ගැටලු හා දුෂ්කරතා පිළිබඳවද අවධානයට ලක් කර කටයුතු කිරීම තුළින් ජනතාවගේ දිවි මග සැපවත් වන අයුරුය. එමෙන්ම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ                        සංඛ්‍යා ලේඛනවලට අනුව දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන්ගේ ඉහළ සහභාගීත්වයක් ලැබී ඇත. එයින් විද්‍යමාන වන්නේ ප්‍රදර්ශනය ජනතාවගේ සිත් සතන් තුළ වාද භේද දුරලන, රටේ සියලු ජනතාව එකම තැනකට රැස් කරන්න වූ අභිමානවත් ප්‍රදර්ශනාත්මක දැක්මක් බවය. ඒ අනුව, දැයට කිරුළ යනු ප්‍රදර්ශන සංකල්පයෙන් ඔබ්බට ගිය ජනතා හිතවාදී, රටේ සංවර්ධනය සඳහා වන ජාතික වැඩසටහනකි.

ජංගම සේවයට ඉදිරිපත් වූ ගැටලු හා විසඳුම්

 

දිස්ත්‍රික්කය

ඉදිරිපත් වූ ගැටලු සංඛ්‍යාව

එදිනම විසඳූ ගණන

ක්ෂේත්‍ර පරීක්ෂණයෙන් පසු ලබා දුන් විසඳුම්

ඉදිරි කටයුතුවලට යොමු කළ

විසඳිය නොහැකි

 

පොදු

පෞද්

ගලික

පොදු

පෞද්

ගලික

පොදු

පෞද්ගලික

පොදු

පෞද්

ගලික

පොදු

පෞද්

ගලික

කුරුණෑගල

45,309

525,125

2,240

139,341

1,212

5,510

40,511

341,329

1,472

6,518

කෑගල්ල

28,866

275,761

3,096

108,642

758

2,178

25,793

144,160

2,116

6,539

පුත්තලම

10,166

232,396

1,541

99,118

329

1,666

9,349

118,081

1,284

2,327

එකතුව

84,341

1,033,282

6,877

347,101

2,299

9,354

75,653

603,570

4,872

15,384

(ආ) (i) දැයට කිරුළ වැඩසටහන සඳහා සෘජු ලෙස රජයේ රැකියාවන් වැඩිවීමක් සිදු නොව්. ඒ සඳහා යොදා ගනු ලබන්නේ දැනට ඒ ඒ අමාත්‍යාංශ යටතේ සේවය කරනු ලබන නිලධාරින්ය. එසේ වුවද ඊට සහභාගී වන ඉතා කුඩා ස්වයං රැකියා ලාභින්ගේ සිට ඉතා විශාල වශයෙන් පෞද්ගලික අංශයේ රැකියා වර්ධනයටද මෙය හේතු වේ.

වැදගත්ම දෙය නම්, ප්‍රදර්ශනය තුළින් ඇති වන දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය තුළ ප්‍රදේශයේ සියලුම ජීවනෝපායන් වර්ධනයට එයින් ඇති වන්නා වූ විශාල පිටිවහලයි. එයට අමතරව ප්‍ර‍දේශයේ කරගෙන යන්නා වූ විවිධ ජීවනෝපායන් සංවර්ධන ඉලක්ක කරගෙන විශේෂ උපදේශක වැඩසටහන්ද විශාල වශයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

(ii) ආහාර, කෘෂිකර්ම, කර්මාන්ත, වෙළෙඳ, ඉදිකිරීම්, ප්‍රවාහන, සනීපාරක්ෂක ඇතුළු විවිධ සේවා අංශයන්ගෙන් රැකියා ජනිත වේ.

(iii) අදාළ නොවේ.

(ඇ) (i)  2011 = 274 - 1 - 1- 0 -  1405 (5)

2012 = 274 - 1 - 1- 0 -  2502 (1)

(ii) දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා කිසිදු අයෙකු ගෙවීමකින් තොරව සම්බන්ධ කර ගන්නේ නැත. ඊට සම්බන්ධ වන රජයේ සේවකයන් සියලු දෙනාටම තම තමන්ගේ අමාත්‍යාංශ හරහා නියමිත වැටුප් හා අදාළ දීමනා ලැබේ. මධ්‍යම ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ යොදා ගැනීමේදී ද ඊට අදාළ එකඟ වූ ගෙවීම් නියමිත පරිදි ගෙවනු ලබයි. වියදම් ගණනය කිරීම ඒ ඒ අමාත්‍යාංශ මගින් සිදු කොට ඇත.

(iii)  අදාළ නොවේ.

අවසන් වරට පැවැත්වූ දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා රජ‍යේ දායකත්වය රු.මි. 100කි.

ප්‍රදර්ශනය සඳහා සෘජුවම යන වියදම් කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමත කරනු ලැබේ. සැම විටම යන වියදමෙන් විශාල කොටසක් අනුග්‍රාහකයන් මගින් සහ වෙළෙඳ කුටි අළෙවි කිරීම මගින් සපයා ගැනීමට ප්‍රදර්ශන කමිටුව උත්සුක වේ.

(iv) 2015 වර්ෂයේ ප්‍රදර්ශනය පැවැත්වීමට මාතර දිස්ත්‍රික්කයේ වල්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටවිලවත්ත යන ස්ථානය හඳුනාගෙන ඇත. මෙම ස්ථාන හඳුනා ගැනීම වඩාත් නිරවද්‍යව සිදු කිරීම සඳහා නිර්ණායක භාවිතා කරනු ලැබේ. එම නිර්ණායක නම්,

අවම පිරිවැය

හොඳම අනාගත ආයෝජනය

පරිසර ආරක්ෂාව

මේ අනුව තෝරා ගනු ලැබූ ස්ථානයේ අවශ්‍යතාව පරිදි, අවම වියදම ගණනය කොට ඉන් අනුග්‍රාහකයින්ගෙන් හා වෙළෙඳ කුටි අළෙවි කිරීම තුළින් සොයා ගත හැකි මුදල තීරණය කිරීමෙන් පසු පිරිවැය ගණනය කරනු ලැබේ. ඉදිරි වර්ෂවලදී ද එය ඒ ආකාරයෙන්ම සිදු කරනු ලැබේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-06-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks