පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
489/2025
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024 වර්ෂයේදී ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් පතල් කැණීම හා ගැරීම සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(ii) මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මැණික් පතල් කැණීම හා ගැරීම සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(iii) එම බලපත්‍ර, මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන්ට යටත්ව නිකුත් කරන්නේද;
(iv) පතල් කැණීමේ පවතින අවිධිමත්භාවය හේතුවෙන් සිදු වන පරිසර හානිය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-04
අසන ලද්දේ
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024 වර්ෂයේදී ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් පතල් කැණීම් බලපත්‍ර 7,897ක් නිකුත් කර ඇත.
(ii) වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලප්‍රදේශය තුළ 2025.01.11 දිනට වලංගුව පවතින සාමාන්‍ය මැණික් ගැරීම් බලපත්‍ර 101ක් ද, යාන්ත්‍රික කැණීම් අවසර පත්‍ර 6ක් ද නිකුත් කර ඇත.
(iii) නැත.
1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මැණික් පතල් කැණීම් හා ගැරීමේ බලපත්‍රයක් නිකුත් කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර නිර්දේශයක් ලබා ගැනීමට අත්‍යවශ්‍යතාවක් පෙන්වා දී නොමැත. කෙසේ වුවද, අදාළ කැණීම් බලපත්‍රය ලබා දීමේදී පරිසර නිර්දේශයක් ලබා ගැනීමේ අවශ්‍යතාව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවලදී අදාළ පරිසර වාර්තාව ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.
සංවේදී පරිසර කලාපවලට මේ බලපත්‍ර ලබා දීමේ දී -එහෙම හැකියාවක් තිබුණත්- පරිසර අධිකාරියේ නියාමනයට, නැත්නම් අවසර ලබා ගැනීමකට යටත් වෙලා නැහැ කියන එක ප්‍රායෝගිකව පෙනෙන්න තිබෙන දෙයක්.
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් පතල් කැණීමේ හා ගැරීමේ බලපත්‍ර නිකුත් කරන අතර, මෙම බලපත්‍රය සාමාන්‍ය කොන්දේසි 16ක් හා විශේෂ කොන්දේසි 13ක් යටතේ නිකුත් කර ඇත. මෙම කොන්දේසි තුළ පරිසරය ආරක්ෂා වන ආකාරයෙන් කැණීම් කටයුතු සිදු කිරීම, ජලය බැහැර කිරීම, මාර්ග, ඇළ, දොළ, ගංගා නිවාස සඳහා නියමිත රක්ෂිත තැබීම, සේවකයන් යෙදවීම, බලපත්‍රයට අදාළ පාර්ශ්වකරු විසින් මැණික් විකිණීමෙන් පසුව නියමිත ගෙවීම් සිදු කිරීම සම්බන්ධයෙන් නියමයන් පනවා ඇත. බලපත්‍රධාරියෙකු මෙම කොන්දේසි කඩවන ආකාරයෙන් කර්මාන්තය කරගෙන යන්නේ නම් අදාළ බලපත්‍රය යටතේ කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට හෝ බලපත්‍රය අවලංගු කිරීමට අධිකාරියට ඉඩ ප්‍රස්ථා සලසා ඇත.
(iv) (1) නිකුත් කරන කැණීම් බලපත්‍රයේ කොන්දේසි තුළ පරිසරය සංරක්ෂණය කිරීමට අදාළ පියවර අනුගමනය කිරීමට උපදෙස් දී ඇත. ඒ අනුව මැණික් පතල් කැණීම හා ගැරීම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර කොන්දේසි කඩවන ආකාරයෙන් බලපත්‍රධාරින් කටයුතු කරයි නම්, එවැනි බලපත්‍ර අත්හිටුවීම හෝ අවලංගු කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇත.
(2) එසේම මැණික් පතල් කර්මාන්තයට අදාළව සිදුවන අනවසර ක්‍රියා පාලනය සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත බලය පවරා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය මඟින් අනවසර ක්‍රියා පාලනය සඳහා අධිකාරිය වෙත අදාළ සහාය ලබා දෙනවා.
(3) 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 49(1) වගන්තිය අනුව එම පනත යටතේ යම් තැනැත්තෙකු යම් වරදක් කර ඇත්නම්, එම වරද සඳහා යොදා ගන්නා භාණ්ඩ තහනමට ගැනීම සිදු කරනු ඇත.
මෙවැනි නීති රාමුවක් තිබුණාට මේ නීති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රශ්නයක් පසුගිය කාලය පුරාවට ඇති වෙලා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමියනි, ඒ පිළිබඳව අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා තිබෙනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks