පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
488/2025
ගරු උපුල් කිත්සිරි මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1992 වර්ෂයේදී ආරම්භ කරන ලද ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ආරම්භ කරන ලද දිනයේ සිට මේ දක්වා අයත් වී ඇති රේඛීය අමාත්‍යාංශය/අමාත්‍යාංශ කවරේද;
(ii) වර්ෂ 2010 සිට 2015 දක්වා, වර්ෂ 2015 සිට 2019 දක්වා සහ වර්ෂ 2019 සිට 2024 දක්වා යන එක් එක් කාල සීමාවේ පැවති ආණ්ඩුවලදී ඉහත ආයතනය අයත් වූ රේඛීය අමාත්‍යාංශය/අමාත්‍යාංශ භාරව කටයුතු කරන ලද අමාත්‍යවරයා වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම එක් එක් අමාත්‍යවරයා යටතේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව, එම එක් එක් ව්‍යාපෘතියේ නම සහ වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඉහත ව්‍යාපෘති අතරින් මේ දක්වා වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-04
අසන ලද්දේ
ගරු උපුල් කිත්සිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1992 - නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය
1994 - නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යාංශය
2001 සැප්තැම්බර් - නාගරික සංවර්ධන, පොදු පහසුකම්, නිවාස හා ක්‍රීඩා අමාත්‍යාංශය
2001 දෙසැම්බර් - නිවාස හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය
2004 - නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත, නැගෙනහිර පළාත් අධ්‍යාපන හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යාංශය
2010 - ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය
2015 ජනවාරි - නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය
2015 සැප්තැම්බර් - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
2020 - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
2022 - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
2023 - මුදල්, ආර්ථික ස්ථායිකරණ, ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
2024.11.25 දින සිට මේ දක්වා - 2024.11.25 දිනැති අංක 2412/08 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
(ii) වර්ෂ 2010 සිට 2015 - ගරු විමල් වීරවංශ මහතා
වර්ෂ 2015 සිට 2019 - ගරු සජිත් ප්‍රේමදාස මහතා
වර්ෂ 2019 සිට 2024
2020 - ගරු මහින්ද රාජපක්ෂ මහතා
2022 - ගරු ප්‍රසන්න රණතුංග මහතා
2023 - ගරු රනිල් වික්‍රමසිංහ මහතා
2024.11.25 සිට මේ දක්වා - ගරු අනුර කරුණාතිලක මහතා
(iii) ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත.
ඇමුණුම සභාගත* කරමි.
එක් එක් අමාත්‍යවරයා යටතේ ආරම්භ කළ ව්‍යාපෘති මොනවාද, එම ව්‍යාපෘතිවල වටිනාකම කීයද, එම ව්‍යාපෘති සම්පූර්ණ කර තිබේද, අතරමැද නතර කර තිබේද, නිශ්චිත තොරතුරක් නැති ව්‍යාපෘති තිබේද යන කරුණු සම්බන්ධයෙන් වූ විස්තර මම සභාගත කළ ඇමුණුමෙහි ඇතුළත් වෙනවා.
(iv) වැඩ අවසන් නොවූ ව්‍යාපෘති සංඛ්‍යාව -
ඇමුණුමෙහි අංක 215, 231, 252, 295 දරන එක් එක් අමාත්‍යවරයා යටතේ තිබූ ව්‍යාපෘතිවල වැඩ අවසන් නොකර අතරමඟ නතර කර තිබෙනවා. ඉතිරි ව්‍යාපෘති 345 භාරදීම/නතර කිරීම/තීරණයක් නොගැනීම මඟින් වැඩ අවසන් කර තිබෙනවා. ඒ පිළිබඳ සවිස්තර තොරතුරු මෙහි ඇතුළත් වෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks