01

E   |     |  

 දිනය: 2025-03-11   පිළිතුර ලබා දී ඇත 

0486/2025: ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති "රෙජිඩේල් වත්ත"ඉඩම: විස්තර

486/2025

ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කහපොල පිහිටා ඇති  ‘රෙජිඩේල් වත්ත’ නමැති ඉඩම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින්නේද;

             (ii)       එම ඉඩමේ විශාලත්වය කොපමණද;

‍(iii) ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට එම ඉඩමේ සිදු කරනු ලබන කටයුතු කවරේද;

(iv) එම ඉඩම සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙළක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-11

අසන ලද්දේ

ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කහපොළ පිහිටා ඇති "රෙජිඩේල් වත්ත" නමැති සම්පූර්ණ ඉඩම අක්කර 77ක් වන අතර, අක්කර 72 ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. ඉතිරි අක්කර 05 බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත පවරා ඇත.

                        අදාළ ඔප්පුවේ සහතික කරන ලද පිටපත ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

                        අංක අමප/16/1733/730/009 හා 2016.09.14 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සහ අංක අමප/16/2216/730/009-1 හා 2016.11.09 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

අංක අමප/20/1493/305/004 දරන 2020.11.03 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය ඇමුණුම 03** මඟින් දක්වා ඇත.

 

(ii) අක්කර 72කි. (ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත්) ඉඩමෙහි සැලැස්ම ඇමුණුම 04** මඟින් දක්වා ඇත.

 

(iii) ජාතික සත්වෝද්‍යානයේ සංරක්ෂණ අභිමතාර්ථයන්ට අනුකූලව පාරිසරික සංචාරක කර්මාන්තයේ සේවාවන් සපයන ප්‍රධාන ආයතනයක් වශයෙන් රජයට වැය බරක් ඇති නොවන ආයතනයක් වශයෙන් පවත්වා ගැනීම සඳහා, සත්වෝද්‍යානයේ ප්‍රධානම අවශ්‍යතාව වන සතුන් සඳහා ආහාර සපයන ගොවිපොළක් පවත්වා ගත යුතු ය. ඒ සඳහා මෙම ඉඩම යොදා ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. පවත්නා අරමුදල මඟින් මෙම ඉඩමේ කොටසක CO4 තෘණ, කෙසෙල්, වෙනත් ආහාරමය ශාක වගාවන් හා එළවලු වගාවන් වගා කිරීම සඳහා යොදාගෙන ඇත. වගාව පුළුල් කරමින්, දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ සම්පූර්ණ තණකොළ අවශ්‍යතාව ඉදිරි වසරේදී සම්පූර්ණ කර ගැනීමට මෙමඟින් අපේක්ෂිතය.

 

(iv) පරිසර අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් සකස් කිරීමට කටයුතු කර ඇත.

ඔව්.

(ආ) අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks