පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
482/2025
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ අරාබි විදුහල් ලියාපදිංචි කර නඩත්තු කරන බවත්;
(ii) මවුලවි සහතිකය ලබා දීම සඳහා එම එක් එක් අරාබි විදුහල් වෙන වෙනම විභාග පවත්වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මවුලවි සහතිකය ලබා දීම සඳහා රජය විසින් පොදු විභාගයක් පැවැත්වීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-11
අසන ලද්දේ
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අරාබි විද්‍යාල සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කරනු ලබන්නේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් වන අතර, ඊට අදාළ සියලු කටයුතු අධීක්ෂණය කිරීමද සිදු කරනු ලබයි.
(ii) වර්තමානයේ සෑම අරාබි විද්‍යාලයක්ම තමන්ගේම අවසාන විභාගයක් පවත්වන අතර ඒ ඒ අරාබි විදුහල්වලට ආවේණික වූ සහතික නිකුත් කරයි. කෙසේ වෙතත් නව ක්‍රමය යටතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංශෝධිත විෂය නිර්දේශය සහ විෂය මාලාව මත පදනම්ව ඒකාබද්ධ විභාගයක් හඳුන්වා දිම තුළින් පොදු විභාගයක් පැවැත්වීමට කටයුතු කරනු ඇත.
ඔව්.
(ආ) විෂය නිර්දේශය හා විෂය මාලාවේ කෙටුම්පත සම්පූර්ණ කර සමාලෝචනය හා අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත. අනුමැතිය ලැබුණු පසු යාවත්කාලීන කරන ලද විෂය මාලාව සහ පොදු විභාගය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත; (ඇමුණුම් 01,** 02** සහ 03** බලන්න.)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks