බලන්න

04

E   |     |  

 දිනය: 2025-03-04   පිළිතුර ලබා දී ඇත 

0481/2025: ලියාපදිංචි අරාබි පාසල්: පොදු විෂය මාලාවක් හඳුන්වාදීම

481/2025

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,—  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇති අරාබි විදුහල් කවරේද;

            (ii)       එම අරාබි විදුහල් සඳහා පොදු පාඨමාලාවක් නොමැති අතර එක් එක් විදුහල විසින් විවිධ පාඨමාලා උගන්වන බව දන්නේද;

‍(iii) එම අරාබි විදුහල් සඳහා පොදු පාඨමාලාවක් හඳුන්වා දීමට කටයුතු කර තිබේද;

(iv) එසේ නම්, ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;

(v) එම ‍පොදු පාඨමාලාව සහ කැමති වෙනත් විෂයයක් හැදෑරීමට අවස්ථාව ලබාදෙනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-04

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      321ක් ලියාපදිංචි කර ඇත. ඇමුණුම 01** මඟින් දක්වා ඇත. 

              (ii)      අරාබි විදුහල් සඳහා පොදු පාඨමාලාවක් 2013 වසරේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සකස් කර, එම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරන ලද සියලුම අරාබි විදුහල් සඳහා එය ලබා දී ඇත. (පොදු විෂය මාලාවේ පිටපතක් අමුණා ඇත. එය ඇමුණුම 02** මඟින් දක්වා ඇත.) මෙම පොදු පාඨමාලාවට අමතරව අරාබි විදුහල් විසින් වෙනත් පාඨමාලාවන් උගන්වනවා නම් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් දන්වා ඇති අතර, සමහර අරාබි විදුහල් වෙනත් පාඨමාලාවන් උගන්වන බව දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත.

 

(iii) ඔව්, 2013 වසරේ හඳුන්වා දුන් පොදු පාඨමාලාව සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

 

(iv) 2020.02.19වන දින පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටුවේ නිර්දේශය අනුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2022.08.02වන දින විද්වත් කමිටුවක් පත් කර සකස් කරන ලද විෂය නිර්දේශය සමාලෝචනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.

 

(v) අදාළ දිනය නිශ්චිතව සඳහන් කළ නොහැක.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සමාලෝචනය කර අනුමැතිය ලද පසු ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරනු ලැබේ.

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks