E   |     |  

 දිනය: 2026-08-20   පිළිතුර ලබා දී ඇත 

0473/2026: Number of Free Trade Zones in Sri Lanka

ගරු රවී කරුණානායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      රට තුළ පිහිටුවා ඇති මුළු නිදහස් වෙළඳ කලාප සංඛ්‍යාව සහ එක් එක් කලාපයේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම කර්මාන්තශාලාවල සිදු කරනු ලබන නිෂ්පාදනවල ස්වභාවය කවරේද;

(iii) එම නිෂ්පාදනවලට නිමි ඇඳුම් සහ අනෙකුත් අපනයන නිෂ්පාදන ඇතුළත් වන්නේද;

(iv) එම කර්මාන්තශාලාවල සේවය කරන පිරිමි සහ කාන්තා සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පසුගිය වර්ෂ 05 තුළ එම නිෂ්පාදනවලින් උපයා ගන්නා ලද අපනයන ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) අපනයන ආදායම වැඩිකර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද;

(iii) අපනයනකරුවන් සිය අපනයන ප්‍රවර්ධනය කිරීමේදී මුහුණ දෙන ගැටලු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-20

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks