E   |     |  

 දිනය: 2026-01-09   පිළිතුර ලබා දී ඇත 

0472/2026: මහපොළ භාරකාර අරමුදල: විස්තර

472/2025

ගරු රවී කරුණානායක මහතා,— වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)        (i)      මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් කවරේද;

             (ii)      එම අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ බලධාරියා කවුරුන්ද;

(iii) මේ වනවිට එම අරමුදලේ මුළු වටිනාකම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මහපොළ භාරකාර අරමුදල ආරම්භයේ සිට මේ දක්වා —

(i) එම අරමුදලට වාර්ෂිකව ලැබුණු අරමුදල් ප්‍රමාණය සහ එම අරමුදල්වල මූලාශ්‍ර කවරේද;

(ii) එම අරමුදලේ වාර්ෂික පුනරාවර්තන වියදම කොපමණද;

(iii) ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සහ පුනරාවර්තන නොවන වියදම් සඳහා එම කාර්යය ඉටුකිරීම වෙනුවෙන් අරමුදල විසින් වාර්ෂිකව සිදු කරන ලද ගෙවීම් ප්‍රමාණය කොපමණද;

(iv) උපාධි අපේක්ෂකයින්ට වාර්ෂිකව ප්‍රදානය කරන ලද ශිෂ්‍යත්ව සංඛ්‍යාව කොපමණද;

(v) ශිෂ්‍යත්ව ලබා ඇති මුළු සිසුන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-01-09

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලලිත් ඇතුලත්මුදලි මහපොළ භාරකාර අරමුදලේ භාරකාර මණ්ඩල සාමාජිකයින්ගේ නම්,

  • සභාපති    -  විජිත් කේ. මලල්ගොඩ මහතා, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
  • ප්‍රාරම්භක -  ගරු වසන්ත සමරසිංහ මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
  • · උසස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය යන විෂයයන් පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා - නාලක කළුවැව මහතා
  • · වෙළඳ විෂයය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා - කේ.ඒ. විමලේන්තිරරාජා මහතා
  • · පත්කළ සාමාජික - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
  • · පත්කළ සාමාජික - චන්දන කුමුදු කුමාර මහතා

(ii) ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ භාරකාර මණ්ඩල සාමාජිකයින් පත් කෙරෙනුයේ 2022 අංක 1 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනතේ 4වන වගන්තිය මඟින් සංශෝධිත, 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ 3 (2)වන උපවගන්තිය අනුවය.

 

ඒ අනුව, භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් පත් කිරීමේ බලධාරින් මෙසේයි. ප්‍රාරම්භක හෝ ඔහුගේ නාමිකයෙකු පත් වන්නේ නිල බලයෙන්. සභාපති පත් කරන්නේ ජනාධිපතිවරයා. උසස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය යන විෂයයන් පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, වෙළඳ විෂයය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාත් පත් වන්නේ නිල බලයෙන්. පත්කළ සාමාජික පත් කරන්නේ ප්‍රාරම්භක.

(iii) 2025.12.31 දිනට අරමුදලේ මුළු වටිනාකම රුපියල් මිලියන 21,600කි.

(ආ) (i) මහපොළ භාරකාර අරමුදලට වාර්ෂිව ලැබුණු අරමුදල් ප්‍රමාණය

 

වර්ෂය

2022 රුපියල් මිලියන

2023 රුපියල් මිලියන

2024 රුපියල් මිලියන

2025 රුපියල් මිලියන (ඇස්තමේන්තුගත)

ස්ථාවර තැන්පතු පොලිය

272

258

156

169

භාණ්ඩාගාර බැඳුම්කර පොලිය

727

614

611

698

භාණ්ඩාගාර බිල්පත් පොලිය

629

1,514

942

762

ණයකර පොලී (Debenture)

111

10

-

-

සංවර්ධන ‍ලොතරැයි ලාභාංශ සියයට 50 කොටස

1,382

1,519

1,418

3,062

මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් ලැබෙන බදු කුලිය

25

25

25

25

කෙටි කාලීන (REPO) ආදායම්

5

35

98

47

වෙනත් ආදායම්

28

30

8

5

එකතුව

3,179

4,005

3,258

4,768

 

අවසන් ගිණුම් දත්ත පරිගණකගත කර ඇති 2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ලැබී ඇති මුදල් පිළිබඳ විස්තර ඇමුණුම 1හි දැක්වේ. ඇමුණුම සභාගත කරමි.

මහපොළ ශිෂ්‍යත්ව ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව ලැබුණු අරමුදල් ප්‍රමාණය 2022 සිට   පහත පරිදි වේ.

 

 

වර්ෂය

2022 රු.මි.

2023 රු.මි.

2024 රු.මි.

2025 රු.මි. (ඇස්තමේන්තුගත)

1

විශ්වවිද්‍යාල සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබාදෙන භාණ්ඩාගාර දායක මුදල

1,389

1,477

1,500

2,143

2

උසස් තාක්ෂණ ආයතන සිසුන්ට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන මුදල

-

-

-

67.5

 

එකතුව

1,389

1,477

1,500

2,210.5

         (ii)        මහපොළ භාරකාර අරමුදලේ පුනරාවර්තන වියදම් (2022 සිට 2025 නොවැම්බර් මස දක්වා)

වර්ෂය

2022 රු.මි.

2023 රු.මි.

2024 රු.මි.

2025 රු.මි. (ඇස්තමේන්තුගත)

පුනරාවර්තන විදයම්

66

58

57

51

        (iii)      මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදාන වියදම සහ පුනරාවර්තන නොවන වියදම  (2022 සිට 2025)

වර්ෂය

2022 රු.මි.

2023 රු.මි.

2024 රු.මි.

2025 නොවැ. දක්වා රු.මි.

ශිෂ්‍යත්ව සඳහා වියදම (මහපොළ අරමුදලේ දායකත්වය)

1,288

1,540

1,564

2,215

පුනරාවර්තන නොවන වියදම් (ප්‍රාග්ධන වියදම්)

නැත.

නැත.

නැත.

නැත.

එකතුව

1,288

1,540

1,564

2,215

(iv) ප්‍රදානය කරන ලද ශිෂ්‍යත්ව සංඛ්‍යාව (ශිෂ්‍යත්වලාභී සිසුන් සංඛ්‍යාව)-(2021 සිට 2025)

වර්ෂය

2021

2022

2023-2024

2025

2025

අධ්‍යයන වර්ෂය

2019/20

2020/21

2021/22

2022/23

2023/24

විශ්ව විද්‍යාල සිසුන් සංඛ්‍යාව

16,000

16,000

16,000

17,000

17,000

උසස් තාක්ෂණ ආයතන සිසුන් සංඛ්‍යාව

1,500

1,500

1,500

1,500

1,500

අ‍නෙකුත් ආයතන සිසුන් සංඛ්‍යාව

1,000

1,000

1,000

1,000

1,000

එකතුව

18,500

18,500

18,500

19,500

19,500

(v) මහපොළ අරමුදලේ ආරම්භයේ සිට මේ දක්වා (1981 සිට 2025 දක්වා) ලබා දී ඇති මුළු ශිෂ්‍යත්ව සංඛ්‍යාව (ශිෂ්‍යත්වලාභී සිසුන් සංඛ්‍යාව) 418,637කි. ඒ අනුව, 1981දි විශ්වවිද්‍යාල සිසුන් 422කට ලබා දුන් ප්‍රමාණය 2025 වන විට එක් අධ්‍යයන වර්ෂයක් සඳහා 17,000ක් හැටියට අධ්‍යයන වර්ෂ දෙකට, - 17,000 ගාණේ දෙකක් - 34,000කට ලබා දීලා තිබෙනවා.

1981 සිට 2025 දක්වා වාර්ෂිකව ලබා දී ඇති ශිෂ්‍යත්ව සංඛ්‍යාව ඇතුළත් ලේඛනය ඇමුණුම 2හි දැක්වේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks