පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රවී කරුණානායක මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන දුම්රිය මාර්ග සහ ඒවායේ දිග වෙන් වෙන් වශයෙන් කිලෝමීටර් වලින් කොපමණද;
(ii) මෙම දුම්රිය මාර්ගවල වාර්ෂික මුළු නඩත්තු පිරිවැය කොපමණද;
(iii) මුළු කාර්ය මණ්ඩල සංඛ්‍යාව සහ වැටුප් සහ වේතන සඳහා වන මුළු වාර්ෂික වියදම කොපමණද;
(iv) පසුගිය වර්ෂ 05 තුළ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම, මුළු පිරිවැය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ලැබූ ලාභය හෝ අලාභය, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) දුම්රිය මාර්ග පෞද්ගලික අංශය සමඟ බෙදාගෙන තිබේද;
(vi) එසේ නම්, සම්බන්ධ වන පෞද්ගලික ක්‍රියාකරුවන් සහ එවැනි මාර්ග බෙදාගැනීමෙන් උපයන වාර්ෂික ආදායම කොපමණද;
(vii) දෙපාර්තමේන්තුව සතු මුළු වත්කම් වටිනාකම කොපමණද;
(viii) යෝජිත නවීකරණ සැලසුම් කවරේද;
(ix) කාර්යක්ෂමතාව සහ මුදලට සරිලන වටිනාකමක් සහිත සේවාවක් වැඩි දියුණු කිරීම සඳහා ගැනීමට අදහස් කරන පියවර කවරේද;
(x) පසුගිය වර්ෂ 05 සඳහා දුම්රිය ප්‍රවාහනයෙන් ලැබුණු වාර්ෂික ඉපැයීම් වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගරු මන්ත්‍රීතුමා අහන්නේ, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්ම වන දුම්රිය මාර්ග සහ ඒවායේ දිග වෙන් වෙන් වශයෙන් කිලෝමීටර්වලින්. Sectors වශයෙන් ගත්තොත්, 14ක් තිබෙනවා. තනි මාර්ගවල මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 1436.707යි. මාර්ග තුනක තිබෙනවා double lines. ඒ, double-line මාර්ගවල මුළු දුර ප්‍රමාණයේ එකතුව කිලෝමීටර 282.912යි. ගරු මන්ත්‍රීතුමනි, මරදාන - රාගම විතරක් triple-track මාර්ග තිබෙනවා. එතැන තිබෙන මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 40.938යි. හතරවන track එකක් තිබෙනවා, මරදාන - කොළඹ කොටුව අතර. එහි මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 7.580යි.
සමස්ත දුම්රිය මාර්ගවල මුළු දුර ප්‍රමාණය ගත්තොත්, කිලෝමීටර 1,640.137යි.
වර්තමානය වන විට පවතින දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය පිළිබඳ සමස්ත විස්තරය ඇමුණුම 01 ලෙස පහත දක්වා ඇත.
(ii) ගරු මන්ත්‍රීතුමනි, 2026 රුපියල් බිලියන 5.6ක් නඩත්තුව සඳහා වෙන් කර තිබෙනවා. ඒකෙන් මේ අවුරුද්දේ ජුනි 30වන දාට රුපියල් බිලියන 2.014ක actual expenditure එකක් තිබෙනවා. මෙහි තොරතුරු කරුණු වශයෙන් ඇමුණුම 02 ලෙස පහත වගුවෙහි දැක්වෙනවා.
ඇමුණුම - 02
(iii) අනුමත සේවක සංඛ්‍යාව - 20,609
2026.03.31 දිනට සේවයේ යෙදී සිටි සංඛ්‍යාව - 14,908 වර්ෂය වැටුප් හා වේතන සඳහා වැය වූ මුදල (රුපියල්)
2021 9,598,762,424.65
2022 11,082,993,345.24
2023 10,851,861,039.44
2024 13,118,658,216.66
2025 15,119,714,874.99
(iv) ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ යටතේ අහලා තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ලාභය, අලාභය ගැන. මාත් මේ ප්‍රශ්නය අහලා තිබෙනවා, ගරු කථානායකතුමනි. දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ, ඔවුන් කවදාවත් ලාභ, අලාභ ගණනය කරලා නැහැ කියලා. ඔවුන් කියන්නේ දුම්රිය තිබීමම ලාභයක් කියලා. මේක ටිකක් විවාදාත්මක කරුණක්. ඇත්තටම මමත් විශ්වාස කරනවා, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ආදි තැනකිනුත් යම්කිසි උපදෙසක් දෙනවා නම් හොඳයි කියලා, දුම්රිය වාගේ සේවයක ලාභ අලාභ ගණනය කිරීම සඳහා වන ප්‍රශස්ත ක්‍රමවේදයක් තිබුණා නම් හොඳ බවට.
මම ඉතාම ඉක්මනින් ආදායමයි, වියදමයි ගැන කෙටියෙන් කියන්නම්. ඒක ලාභය ද අලාභයද කියලා කියන්නම බැරි වෙයි. 2021 මුළු වියදම, එනම් Capital Expenditure and Recurrent Expenditure දෙකම ගත්තාම, Rs. 40.41 billion; ආදායම, Rs. 2.6 billion. 2022 මුළු වියදම, Rs. 42.53 billion; ආදායම, Rs. 10.335 billion. 2023 මුළු වියදම, Rs. 39.739 billion; ආදායම, Rs. 16.079 billion. 2024 මුළු වියදම, Rs. 39.508 billion; ආදායම, Rs. 16.468 billion. 2025 මුළු වියදම, Rs. 47.176 billion; income එක, Rs. 17.165 billion.
මීට අදාළ විස්තරය ඇමුණුම 03 වශයෙන් පහත වගුවෙහි දක්වා ඇත.
(v) නැත.
(vi) පෞද්ගලික අංශය සමඟ බෙදාගෙන නැත.
(vii) දැනට දෙපාර්තමේන්තුව සතුව ඇති සම්පූර්ණ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 915ක් පමණ වෙනවා. ආසන්න වශයෙන් එය රුපියල් ට්‍රිලියනයක් වෙනවා.
(viii) 2026 වර්ෂය සඳහා මේ වනවිටත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, 2027-2029 වර්ෂය සඳහා පහත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුම් සකස් කරමින් තිබේ.
1. දුම්රිය විද්‍යුත්කරණය පිළිබඳ ව්‍යාපෘතිය.
2. කැලණි පාලම නවීකරණය.
3. දුම්රිය පාලම් 10ක් ප්‍රතිස්ථාපනය කිරීම. (කොම්පඤ්ඤවීදිය, නාරාහේන්පිට, අලුත්ගම, ඉඳුරුව, ගිංතොට, දොඩන්දූව, වැල්ලවත්ත, පිංවත්ත, හික්කඩුව සහ පානදුර)
4. ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා බලවේග කට්ටල 05ක් ප්‍රසම්පාදනය කිරීම සහ ඩීසල් විදුලි එන්ජින් 05ක් ප්‍රසම්පාදනය කිරීම.
5. කුරුණෑගල - පොල්ගහවෙල ද්විත්ව මාර්ග ව්‍යාපෘතිය.
6. මරදාන සිට රත්නපුර දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය.
7. නව එන්ජින් 05ක් සහ තදාසන්න ප්‍රවාහන කටයුතු සඳහා සැහැල්ලු දුම්රිය කට්ටල 05ක් මිලදී ගැනීම.
8. දුම්රිය ස්ථාන නවීකරණ හා ප්‍රමිතිකරණ වැඩසටහන - Dream Destination (2027-2029)
9. රත්මලාන Workshops 27 and 28 ප්‍රතිසංස්කරණය කිරීම.
(ix) කොළඹ තදාසන්න දුම්රිය සේවා නවීකරණය කර මහජනයාට හිතකර සුවපහසු, ආරක්ෂිත හා ලාභදායී ප්‍රවාහන සේවාවක් ලබා දීමට කටයුතු කිරීම තුළින් දුම්රිය භාවිත කරන මගී සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව දුම්රිය ස්ථාන නවීකරණය කිරීම හරහා ද කාර්යක්ෂමතාව සහ පහසුව ලබා දෙන්න කටයුතු කරනවා.
නව දුම්රිය එන්ජින් ධාවනයට එක් කිරීම, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය, දුම්රිය ස්ථාන නවීකරණ හා ප්‍රමිතිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඩිජිටල් ක්‍රම හඳුන්වා දීම තමයි බලාපොරොත්තු වෙන්නේ.
(x) මම එහි සමස්ත ඉපැයීම් කියන්නම්. ඒක කාණ්ඩ තුනක් යටතේ තිබෙනවා. මගීන්ගෙන්, භාණ්ඩවලින් සහ වෙනත් විධියට තිබෙන කාණ්ඩවල එකතුව තමයි ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමනි, මම කියන්නේ. 2021 වර්ෂයේදී බිලියන 2.6යි; 2022 වර්ෂයේදී බිලියන 10.335යි; 2023 වර්ෂයේදී බිලියන 16.079යි; 2024 වර්ෂයේදී 16.468යි; 2025 වර්ෂයේදී බිලියන 17.165යි. මේ පිළිබඳ සවිස්තරාත්මක පිළිතුර ඇමුණුම 04 මඟින් දක්වා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks