පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
468/2025
ගරු රවී කරුණානායක මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මාර්ග සංවර්ධන අධිකාරියේ මේ වනවිට කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව කොපමණද;
(ii) මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ ඇති මාර්ගවල මුළු දුර වෙන් වෙන් වශයෙන් කිලෝමීටරවලින් කොපමණද;
(iii) පසුගිය වසර 05 තුළ එම මාර්ගවල නඩත්තු කටයුතු සඳහා වාර්ෂිකව දරන ලද පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) නව මාර්ග ඉදිකිරීම සඳහා කිලෝමීටරයකට දරන පිරිවැය කොපමණද;
(v) එවැනි ඉදිකිරීම් කටයුතු පෞද්ගලික සමාගම්වලට ලබාදුන් විට කිලෝමීටරයකට දරන පිරිවැය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සංඛ්‍යාව සහ ඒවායේ නම් කවරේද;
(ii) ඉහත (i)හි සඳහන් අධිවේගී මාර්ගවල මුළු දුර සහ වාර්ෂික නඩත්තු පිරිවැය කොපමණද;
(iii) එම අධිවේගී මාර්ගවලින් රජයට ලැබෙන මුළු ආදායම කොපමණද;
(iv) එම එක් එක් අධිවේගී මාර්ගය සඳහා ආයෝජන මත ප්‍රතිලාභය කොපමණද;
(v) දැනට ඉදිවෙමින් පවතින සහ ඉදිරියේදී ඉදිකිරීමට සැලසුම් කර ඇති අධිවේගී මාර්ගවල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-20
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සම්පූර්ණ සේවක සංඛ්‍යාව - 8,332
(ස්ථිර 8079+කොන්ත්‍රාත් 253)
(ii) Ø මධ්‍යම රජය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මහාමාර්ගවල දුර ප්‍රමාණය
Ø පළාත් සභා යටතේ ඇති මාර්ග සම්බන්ධ තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරිය සතුව නොමැත.
(iii) Ø මධ්‍යම රජය යටතේ ඇති මාර්ගවල වසර අවසානය වන විට මුළු වියදම
Ø පළාත් සභා යටතේ ඇති මාර්ග සම්බන්ධ තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරිය සතුව නොමැත.
(iv) A ශ්‍රේණිය හා B ශ්‍රේණිය මාර්ග සඳහා:
Ø නිර්මිත ද්විත්ව මංතීරු මාර්ගයක කිලෝමීටර 1 නව ඉදිකිරීම සඳහා - රුපියල් මිලියන 300 - රුපියල් මිලියන 450 පමණ වන අතර, එහි අඩංගු අයිතම මත විචල්‍ය වේ. තවද පුනරුත්ථාපන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 200 සිට 250 පමණ වේ.
Ø නිර්මිත මංතීරු 4න් යුතු මාර්ගයක කිලෝමීටර 1 නව ඉදිකිරීම සඳහා - රුපියල් මිලියන 800 - රුපියල් මිලියන 1,000 පමණ වන අතර, එහි අඩංගු අයිතම මත විචල්‍ය වේ. තවද පුනරුත්ථාපන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 200 සිට 250 පමණ වේ.
(v) Ø පසුගිය ටෙන්ඩර්වලට අනුව ඉහත පිරිවැය සියයට ඍණ 25 සිට සියයට ධන 25 දක්වා පරාසයක මාර්ගය පවතින භූමියේ පවතින ස්වභාවය අනුව හා අයිතම මත විචලනය වී ඇත.
(ආ) (i) · E01 - දක්ෂිණ අධිවේගී මාර්ගය (කොට්ටාව - මත්තල) - කිලෝමීටර 200.45
· E02 - පිටත වටරවුම් මාර්ගය (කොට්ටාව -කෙරවලපිටිය) - කිලෝමීටර 28.86
· E03 - කොළඹ කටුනායක අධිවේගී මාර්ගය (පෑලියගොඩ - සීදුව) -කිලෝමීටර 25.8
· E04 - මධ්‍යම අධිවේගී මාර්ගය (මීරිගම - කුරුණෑගල/යග්ගපිටිය) - කිලෝමීටර 40.91
· E05 - දක්ෂිණ අධිවේගී මාර්ගය දිගුව - (අන්දරවැව - හම්බන්තොට) - කිලෝමීටර 16.55
මුළු දුර - කිලෝමීටර 312.57
(ii) Ø මුළු දුර - කිලෝමීටර 312.57
Ø වාර්ෂික නඩත්තු පිරිවැය - රුපියල් මිලියන 5,180.90
මම මේ breakdown එක කියන්නේ, ගරු මන්ත්‍රීතුමා.
(iii) Ø 2025.12.31 දිනට ආදායම (රුපියල් මිලියන)
(iv) මෙම ප්‍රශ්නයෙන් ඔබතුමා අහන්නේ ආයෝජන මත ප්‍රතිලාභය කොපමණද කියන එක. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාත් දන්නවා, පාරකින් එන ප්‍රතිලාභය සම්බන්ධයෙන් හුදු ගණනය කිරීම ඉතාම සංකීර්ණ ක්‍රමවේදයක් බව. ඒකෙන් ලැබෙන සමාජ ප්‍රතිලාභ, ඒ කියන්නේ logisticsවලට, transportවලට, economy එකට විතරක් නොවෙයි, environment එකට එකතු වන දේවල් එක්ක එතැන විශාල කාරණා ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ ආකාරයේ ගණනය කිරීමක් RDA එක දැනට කරලා නැහැ. ඉතින් ඔබතුමා ආයෝජන මත ප්‍රතිලාභය බලනවා නම්, එහෙම පුළුල් formula එකකට ගිහිල්ලා එය බලන්න ඕනෑ. එහෙම එකක් දැනට නැහැ කියන එක තමයි කියන්න තිබෙන්නේ. අවශ්‍යම නම් විතරක් හොයලා දෙන්න පුළුවන්, කොච්චර වියදම් කළාද, toll gatesවලින් කොච්චර එකතු කරලා තිබෙනවාද කියලා. මම හිතන විධියට, ඒක එච්චර හොඳ අදහසක් වෙන්නේ නැහැ, ඒකෙදි.
(v) ඔබතුමා මේ ප්‍රශ්නයෙන් අහන්නේ අධිවේගී මාර්ගවල ඉදිරි සැලසුම් ගැන. සැලසුම් තිබෙන්නේ මේ විධියටයි, ගරු මන්ත්‍රීතුමනි.
Ø මධ්‍යම අධිවේගී මාර්ගය අදියර 01 - (කඩවත සිට මීරිගම)
Ø මධ්‍යම අධිවේගී මාර්ගය අදියර 03 - (පොතුහැර සිට රඹුක්කන) දැන් ඉදිකිරීම් සිදුකරගෙන යනවා. කඩවත-මීරිගම කොටසේ ඉදිකිරීම් ද අපි කරගෙන යනවා. ඊළඟට රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ වැඩ බොහෝදුරට මේ මාසයේ අග හෝ ලබන මාසයේ මුල අපි ආරම්භ කරනවා.
Ø මධ්‍යම අධිවේගී මාර්ගය අදියර 04 - (කුරුණෑගල සිට දඹුල්ල) මේ වසර අග හෝ ලබන වසරේ මුල ආරම්භ කරනවා.
Ø රුවන්පුර අධිවේගී මාර්ගය - (කහතුඩුව සිට ඉංගිරිය) මේ වසර අග හෝ ලබන වසර මුල කාර්තුවේදී ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks