පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
467/2025
ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2020 වර්ෂයේ සිට මේ දක්වා ලියාපදිංචි තරු පන්තියේ හෝටල් සංඛ්‍යාව, ක්‍රියාත්මක වර්ෂ, කාමර ධාරිතාවය, සෘජු හා වක්‍ර සේවකයින් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව කොපමණද;
(ii) එම කාලය සඳහා Airbnbහි ලියාපදිංචි වෙබ් අඩවි සංඛ්‍යාව කොපමණද;
(iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා සංචාරකයින්ගේ පැමිණීම, මුළු ඉපැයීම සහ ඒක පුද්ගල ඉපැයීම කොපමණද;
(iv) ක්‍රියාත්මකව පවතින Booking.com ආයතන සංඛ්‍යාව කොපමණද;
(v) ඔවුන් උපයා ගත් මුදල සහ ගෙවූ බදු මුදල කොපමණද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) සංචාරකයින් නැවතී සිටින සාමාන්‍ය කාලසීමාව කොපමණද;
(ii) වාර්ෂිකව නැවත පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) 2020 වර්ෂයේ සිට මේ දක්වා සිංගප්පූරුව, තායිලන්තය, ජපානය, ඇමරිකාව, චීනය, එක්සත් රාජධානිය, මැලේසියාව, ඩුබායි, ඉන්දියාව, තුර්කිය, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ප්‍රංශය සහ කැනඩාව යන රටවලින් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) සංචාරක කර්මාන්තයේ පවතින දුර්වලතා කවරේද;
(ii) එමඟින් ඇති වන අහිතකර බලපෑම් කවරේද;
(iii) එම දුර්වලතා අවම කිරීමට ගත් පියවර කවරේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-05
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඇමුණුම අනුව,
ලියාපදිංචි තරු පන්තියේ හෝටල් සංඛ්‍යාව 31යි.
ක්‍රියාත්මක වර්ෂ අවසන් තීරුවේ පිළිවෙළින් දක්වා තිබේ.
කාමර ධාරිතාව 4,787යි.
ඍජු හා වක්‍ර සේවකයන් සංඛ්‍යාව - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තොරතුරු නොමැත.
ඇමුණුම සභාගත* කරමි.
(ii) ඒ පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව නොමැත.
(iii) වසර 2010 සිට 2025 දක්වා තොරතුරු පහත වගුවේ දක්වා තිබෙනවා.
|
වර්ෂය |
සංචාරකයන් පැමිණීම් |
මුළු ආදායම (ඇමෙරිකානු ඩොලර් මිලියන) |
සංචාරකයෙකුගෙන් ලැබෙන ඒක පුද්ගල ආදායම (ඇමෙරිකානු ඩොලර්) |
|
2010 |
654,476 |
576 |
880.09 |
|
2011 |
855,975 |
839 |
980.17 |
|
2012 |
1,005,605 |
1,038 |
1032.21 |
|
2013 |
1,274,593 |
1,716 |
1346.31 |
|
2014 |
1,527,153 |
2,431 |
1591.85 |
|
2015 |
1,798,380 |
2,981 |
1657.60 |
|
2016 |
2,050,832 |
3,519 |
1715.89 |
|
2017 |
2,116,407 |
3,925 |
1854.56 |
|
2018 |
2,333,796 |
4,381 |
1877.20 |
|
2019 |
1,913,702 |
3,607 |
1884.83 |
|
2020 |
507,704 |
683 |
1345.27 |
|
2021 |
194,495 |
507 |
2606.75 |
|
2022 |
719,978 |
1,136 |
1577.83 |
|
2023 |
1,487,303 |
2,068 |
1390.44 |
|
2024 |
2,053,465 |
3,169 |
1543.25 |
|
2025 |
2,362,521 |
3,219 |
1362.53 |
(iv) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තොරතුරු නොමැත.
(v) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තොරතුරු නොමැත.
(ආ) (i) ඒ පිළිබඳ තොරතුරු පහත table එකෙහි දක්වා තිබෙනවා.
|
වර්ෂය |
සාමාන්‍ය කාලසීමාව (රාත්‍රීන්) |
|
2010 |
10.0 |
|
2011 |
10.0 |
|
2012 |
10.0 |
|
2013 |
8.6 |
|
2014 |
9.9 |
|
2015 |
10.1 |
|
2016 |
10.2 |
|
2017 |
10.9 |
|
2018 |
10.8 |
|
2019 |
10.4 |
|
2020 |
8.5 |
|
2021 |
15.1 |
|
2022 |
9.0 |
|
2023 |
8.4 |
|
2024 |
8.4 |
|
2025 |
8.3 |
(ii) 2018 සහ 2024/25 exit survey එක අනුව, සම්පූර්ණ සංචාරක පැමිණීම්වලින් සියයට 18ක් repeat visitorsලා බව හෙළි වී තිබෙනවා.
(iii) මෙහි සඳහන් රටවල ඒ ඒ වර්ෂවලට අදාළව එම තොරතුරු පහත වගුවේ දක්වා තිබෙනවා.
|
රට |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
2026 ජනවාරි සහ පෙබරවාරි |
|
සිංගප්පූරුව |
2,545 |
557 |
3,770 |
9,551 |
12,591 |
15,086 |
2,508 |
|
තායිලන්තය |
1,880 |
247 |
1,725 |
4,922 |
7,246 |
8,595 |
1,951 |
|
ජපානය |
6,644 |
392 |
3,087 |
19,583 |
30,429 |
38,153 |
7,135 |
|
ඇමෙරිකාව |
16,842 |
6,124 |
22,230 |
46,344 |
59,532 |
65,973 |
15,601 |
|
චීනය |
26,147 |
2,417 |
4,715 |
68,789 |
131,681 |
132,035 |
34,183 |
|
එක්සත් රාජධානිය |
55,455 |
16,646 |
85,187 |
130,088 |
178,339 |
212,277 |
60,328 |
|
මැලේසියාව |
3,494 |
323 |
2,779 |
10,940 |
18,259 |
23,684 |
3,888 |
|
එක්සත් අරාබි එමීර් රාජ්‍යය *ඩුබායි ද ඇතුළත්වේ |
352 |
254 |
1,347 |
2,945 |
4,296 |
5,656 |
368 |
|
ඉන්දියාව |
89,357 |
56,268 |
123,004 |
302,844 |
416,974 |
531,511 |
99,740 |
|
තුර්කිය |
2,121 |
309 |
1,514 |
3,739 |
6,673 |
8,112 |
2,160 |
|
ඉන්දුනීසියාව |
1,114 |
1,856 |
885 |
2,352 |
3,744 |
5,056 |
1,267 |
|
ඕස්ට්‍රේලියාව |
20,283 |
4,421 |
30,924 |
67,436 |
89,573 |
109,487 |
21,172 |
|
වියට්නාමය |
709 |
52 |
519 |
2,307 |
2,963 |
3,729 |
1,981 |
|
ප්‍රංශය |
24,838 |
6,549 |
35,482 |
56,251 |
88,775 |
109,041 |
30,743 |
|
කැනඩාව |
12,436 |
5,079 |
26,845 |
43,944 |
42,212 |
46,133 |
10,042 |
(ඇ) (i) සංචාරක කර්මාන්තයේ පවතින දුර්වලතා 13ක් අපි හඳුනාගෙන මේ සමඟ ඉදිරිපත් කර තිබෙනවා.
1. පළාත් මට්ටමින් සංචාරක ආකර්ෂණ ස්ථාන නිසි පරිදි හඳුනාගෙන සංවර්ධනය කිරීමේ සැලසුම් හිඟ වීම හේතුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමාණවත් ලෙස සිදු නොවීම.
2. පර්යේෂණ හා සංවර්ධන - R&D - ක්ෂේත්‍රයේ යාවත්කාලීනතාව හා නව්‍යකරණය සීමිත වීම. එමඟින් සංචාරක ව්‍යාපාරයේ වර්ධනය මන්දගාමී වීම.
3. සංචාරක කර්මාන්තය තුළ ඩිජිටල්කරණය ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම හේතුවෙන් සේවා කාර්යක්ෂමතාව අඩු වීම.
4. ජාතික වෙළෙඳ නාමකරණය - branding - සහ ගමනාන්ත අළෙවිකරණය සඳහා නවමු උපාය මාර්ග භාවිත නොකිරීම හේතුවෙන් සංචාරක ක්‍රියාකාරකම් විවිධාංගීකරණය සීමිත වීම. විශේෂයෙන්, digital promotions වාගේ දේවල්.
5. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන අතර සම්බන්ධීකරණයේ පවතින දුර්වලතා.
6. සංචාරකයින්ට අද්විතීය, අව්‍යාජ හා අත්දැකීම්මය - experience-based - සේවාවන් සැපයීම වෙනුවට සාම්ප්‍රදායික දර්ශනීය ස්ථාන ප්‍රචාරණය මත පමණක් අවධානය යොමු වීම.
7. සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයෝජන ප්‍රමාණවත් නොවීම සහ සංචාරක ස්ථාන කළමනාකරණයේ පවතින දුර්වලතා.
8. සංචාරක කර්මාන්තයේ හැකියාව පිළිබඳ ජනතාව අතර දැනුවත්භාවය අඩු වීම හේතුවෙන් සමාජ සහභාගිත්වය හා ව්‍යාපාරික අවස්ථා වර්ධනය අඩු වීම.
9. ස්වාභාවික හා මනුෂ්‍යයා විසින් ඇති කරන ආපදා වැනි හදිසි තත්ත්වයන් සම්බන්ධ අවදානම් සංචාරක උපාය මාර්ගික සැලසුම්කරණයට ප්‍රමාණවත් ලෙස ඇතුළත් නොවීම.
10. විශ්වාසදායක දත්ත හිඟය සහ විශේෂඥ දැනුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සාක්ෂි මත පදනම් වූ - evidence-based - නව ව්‍යාපෘති සංවර්ධනය සීමිත වීම.
11. සංචාරක ගමනාන්තවල ධාරිතාව - carrying capacity - පිළිබඳ සම්පූර්ණ හා විද්‍යාත්මක අධ්‍යයන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ගමනාන්තවල පහසුකම් සංවර්ධනය නිසි ලෙස සැලසුම් කිරීමට නොහැකි වීමත් සංචාරක කර්මාන්තයේ රූපය - image - හා ගුණාත්මකභාවයට අහිතකර බලපෑම් ඇති වීමත් සිදුවේ.
12. සංචාරක කර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය ඔස්සේ රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධීකරණය කර ගනිමින් සංචාරක කර්මාන්තයට බලපාන ප්‍රධාන ගැටලු නිරාකරණය කිරීමට සහ නම්‍ය විසඳුම් සෙවීමට කටයුතු කරමින් පවතී.
13. Online Travel Agents - OTAs - හරහා ලියාපදිංචි වී සිටින සේවාදායකයන් සහ ඒ හරහා වන හෝටල් කාමර වෙන් කර ගැනීම් නියාමනය සඳහා OTA සේවාදායකයින් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
(ii) ඒවායෙන් ඇති වන අහිතකර බලපෑම් 11ක් හඳුනාගෙන තිබෙනවා.
1. යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රාදේශීය සංචාරක සංවර්ධනය මන්දගාමී වීම.
2. නව්‍ය සංචාරක නිෂ්පාදන හා සේවාවන් සංවර්ධනය නොවීම හේතුවෙන් කර්මාන්තයේ තරගකාරිත්වය අඩු වීම.
3. සේවා සැපයීමේ කාර්යක්ෂමතාව අඩු වීම හේතුවෙන් සංචාරක තෘප්තිය අඩු වීම.
4. සංචාරක ක්‍රියාකාරකම් විවිධාංගීකරණය නොවීම හේතුවෙන් නව වෙළෙඳ පොළ ආකර්ෂණය කිරීමේ අපහසුතාව.
5. ආයතන අතර සම්බන්ධීකරණ දුර්වලතා හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය සහ සම්පත් නාස්තිය.
6. අත්දැකීමමය සංචාරක සේවාවන් හිඟවීම හේතුවෙන් සංචාරකයින්ගේ නැවත පැමිණීම අඩු වීම.
7. ආයෝජන හා කළමනාකරණ දුර්වලතා හේතුවෙන් පහසුකම් සංවර්ධනය අඩු වීම සහ ආදායම් අඩු වීම.
8. ජනතාවගේ සහභාගීත්වය අඩු වීම හේතුවෙන් ප්‍රාදේශීය ආර්ථික ප්‍රතිලාභ සීමිත වීම.
9. ආපදා අවදානම් සැලසුම්කරණයට ඇතුළත් නොකිරීම හේතුවෙන් හදිසි අවස්ථාවලදී කර්මාන්තයට දැඩි බලපෑම් ඇති වීම.
10. දත්ත සහ විශේෂඥ දැනුම හිඟවීම හේතුවෙන් දත්ත මත පදනම් නොවූ තීරණ ගැනීම හා නව ව්‍යාපෘති සංවර්ධනය සීමිත වීම.
11. ගමනාන්ත ධාරිතාව නොසලකා හැරීම හේතුවෙන් අධික භාවිතය, පරිසර හානිය සහ සංචාරක රූපයට අහිතකර බලපෑම් ඇති වීම.
සමස්තයක් වශයෙන් මෙය තිරසාර සංචාරක සංවර්ධනයට බාධාවක් වේ.
(iii) මේ සම්බන්ධයෙන් කරුණු 11ක් හඳුනාගෙන ඉදිරිපත් කර තිබෙනවා.
1. පළාත් මට්ටමින් සංචාරක සංවර්ධන ප්‍රධාන සැලසුම් - master plans - සකස් කර ප්‍රමුඛතාව අනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
ඒවා සකස් කිරීම අපි ආරම්භ කර තිබෙනවා.
ඒ වාගේම ආයතන අතර තිබෙන සම්බන්ධීකරණ දුර්වලතා අවම කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා තීන්දු තීරණ ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.
2. නව්‍ය සංචාරක නිෂ්පාදන හා සේවාවන් සංවර්ධනය සඳහා පර්යේෂණ හා නව්‍යකරණ (R&D) වැඩසටහන් ශක්තිමත් කිරීම.
3. සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් තාක්ෂණ හා e-tourism විසඳුම් ක්‍රියාත්මක කිරීම.
4. නව වෙළෙඳ පොළ ආකර්ෂණය කිරීම සඳහා නවීන අළෙවිකරණ සහ වෙළෙඳ නාමකරණ උපාය මාර්ග හඳුන්වා දීම.
නව වෙළෙඳ පොළ ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩ පිළිවෙළක් - global promotion campaign එකක් - අපි මේ වන කොට ආරම්භ කර තිබෙනවා.
5. රාජ්‍ය හා පෞද්ගලික ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණ යන්ත්‍රණයක් ස්ථාපනය කර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කාර්යක්ෂම කිරීම.
6. සංචාරකයින්ට අද්විතීය අත්දැකීම් ලබා දෙන experience-based සංචාරක නිෂ්පාදන සංවර්ධනය කිරීම.
7. දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කිරීම සහ සංචාරක ස්ථාන කළමනාකරණය ශක්තිමත් කිරීම.
8. ප්‍රාදේශීය ජනතාවගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සඳහා community-based tourism වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
9. ආපදා අවදානම් කළමනාකරණය සංචාරක උපාය මාර්ගික සැලසුම්කරණයට ඒකාබද්ධ කිරීම සහ සූදානම්භාව වැඩිදියුණු කිරිම.
10. විශ්වාසදායක සංචාරක දත්ත පද්ධති ස්ථාපනය කර විශේෂඥ දැනුම වර්ධනය කිරීම මඟින් evidence-based තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම.
11. ගමනාන්ත ධාරිතාව - carrying capacity - පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන සිදු කර sustainable visitor management ක්‍රමවේද හඳුන්වා දීම.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks