E   |     |  

 දිනය: 2026-05-05   පිළිතුර ලබා දී ඇත 

0467/2026: 2010 සිට සංචාරක පැමිණීම්: විස්තර

467/2025

ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      2020 වර්ෂයේ සිට මේ දක්වා ලියාපදිංචි තරු පන්තියේ හෝටල් සංඛ්‍යාව, ක්‍රියාත්මක වර්ෂ, කාමර ධාරිතාවය, සෘජු හා වක්‍ර සේවකයින් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව කොපමණද;

(ii) එම කාලය සඳහා Airbnbහි ලියාපදිංචි වෙබ් අඩවි සංඛ්‍යාව කොපමණද;

(iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා සංචාරකයින්ගේ පැමිණීම, මුළු ඉපැයීම සහ ඒක පුද්ගල ඉපැයීම කොපමණද;

(iv) ක්‍රියාත්මකව පවතින Booking.com ආයතන සංඛ්‍යාව කොපමණද;

(v) ඔවුන් උපයා ගත් මුදල සහ ගෙවූ බදු මුදල කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) සංචාරකයින් නැවතී සිටින සාමාන්‍ය කාලසීමාව කොපමණද;

(ii) වාර්ෂිකව නැවත පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව කොපමණද;

(iii) 2020 වර්ෂයේ සිට මේ දක්වා සිංගප්පූරුව, තායිලන්තය, ජපානය, ඇමරිකාව, චීනය, එක්සත් රාජධානිය, මැලේසියාව, ඩුබායි, ඉන්දියාව, තුර්කිය, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ප්‍රංශය සහ කැනඩාව යන රටවලින් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i) සංචාරක කර්මාන්තයේ පවතින දුර්වලතා කවරේද;

(ii) එමඟින් ඇති වන අහිතකර බලපෑම් කවරේද;

(iii) එම දුර්වලතා අවම කිරීමට ගත් පියවර කවරේද;

යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-05

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        ඇමුණුම අනුව,

                        ලියාපදිංචි තරු පන්තියේ හෝටල් සංඛ්‍යාව 31යි.

                        ක්‍රියාත්මක වර්ෂ අවසන් තීරුවේ පිළිවෙළින් දක්වා තිබේ.

                          කාමර ධාරිතාව 4,787යි.

                        ඍජු හා වක්‍ර සේවකයන් සංඛ්‍යාව - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තොරතුරු නොමැත.

ඇමුණුම සභාගත* කරමි.

(ii) ඒ පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව නොමැත. 

(iii) වසර 2010 සිට 2025 දක්වා තොරතුරු පහත වගුවේ දක්වා තිබෙනවා.

වර්ෂය

සංචාරකයන් පැමිණීම්

මුළු ආදායම (ඇමෙරිකානු ඩොලර් මිලියන)

සංචාරකයෙකුගෙන් ලැබෙන ඒක පුද්ගල ආදායම (ඇමෙරිකානු ඩොලර්)

2010

    654,476

   576

  880.09

2011

    855,975

   839

  980.17

2012

 1,005,605

1,038

1032.21

2013

 1,274,593

1,716

1346.31

2014

 1,527,153

2,431

1591.85

2015

 1,798,380

2,981

1657.60

2016

 2,050,832

3,519

1715.89

2017

 2,116,407

3,925

1854.56

2018

 2,333,796

4,381

1877.20

2019

 1,913,702

3,607

1884.83

2020

   507,704

   683

1345.27

2021

   194,495

   507

2606.75

2022

   719,978

1,136

1577.83

2023

1,487,303

2,068

1390.44

2024

2,053,465

3,169

1543.25

2025

2,362,521

3,219

1362.53

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(iv) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තොරතුරු නොමැත.

(v) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තොරතුරු නොමැත.

(ආ) (i) ඒ පිළිබඳ තොරතුරු පහත table එකෙහි දක්වා තිබෙනවා.

වර්ෂය

සාමාන්‍ය කාලසීමාව (රාත්‍රීන්)

2010

10.0

2011

10.0

2012

10.0

2013

8.6

2014

9.9

2015

10.1

2016

10.2

2017

10.9

2018

10.8

2019

10.4

2020

8.5

2021

15.1

2022

9.0

2023

8.4

2024

8.4

2025

8.3

 

 

 

 

 

 

 

(ii) 2018 සහ 2024/25 exit survey එක අනුව, සම්පූර්ණ සංචාරක පැමිණීම්වලින් සියයට 18ක් repeat visitorsලා බව හෙළි වී තිබෙනවා.

(iii) මෙහි සඳහන් රටවල ඒ ඒ වර්ෂවලට අදාළව එම තොරතුරු පහත වගුවේ දක්වා තිබෙනවා. 

රට

2020

2021

2022

2023

2024

2025

2026 ජනවාරි සහ පෙබරවාරි

සිංගප්පූරුව

2,545

557

3,770

9,551

12,591

15,086

2,508

තායිලන්තය

1,880

247

1,725

4,922

7,246

8,595

1,951

ජපානය

6,644

392

3,087

19,583

30,429

38,153

7,135

ඇමෙරිකාව

16,842

6,124

22,230

46,344

59,532

65,973

15,601

චීනය

26,147

2,417

4,715

68,789

131,681

132,035

34,183

එක්සත් රාජධානිය

55,455

16,646

85,187

130,088

178,339

212,277

60,328

මැලේසියාව

3,494

323

2,779

10,940

18,259

23,684

3,888

එක්සත් අරාබි එමීර් රාජ්‍යය *ඩුබායි ද ඇතුළත්වේ

352

254

1,347

2,945

4,296

5,656

368

ඉන්දියාව

89,357

56,268

123,004

302,844

416,974

531,511

99,740

තුර්කිය

2,121

309

1,514

3,739

6,673

8,112

2,160

ඉන්දුනීසියාව

1,114

1,856

885

2,352

3,744

5,056

1,267

ඕස්ට්‍රේලියාව

20,283

4,421

30,924

67,436

89,573

109,487

21,172

වියට්නාමය

709

52

519

2,307

2,963

3,729

1,981

ප්‍රංශය

24,838

6,549

35,482

56,251

88,775

109,041

30,743

කැනඩාව

12,436

5,079

26,845

43,944

42,212

46,133

10,042

(ඇ) (i) සංචාරක කර්මාන්තයේ පවතින දුර්වලතා 13ක් අපි හඳුනාගෙන මේ සමඟ ඉදිරිපත් කර තිබෙනවා.

1. පළාත් මට්ටමින් සංචාරක ආකර්ෂණ ස්ථාන නිසි පරිදි හඳුනාගෙන සංවර්ධනය කිරීමේ සැලසුම් හිඟ වීම හේතුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමාණවත් ලෙස සිදු නොවීම.

2. පර්යේෂණ හා සංවර්ධන - R&D -  ක්ෂේත්‍රයේ යාවත්කාලීනතාව හා නව්‍යකරණය සීමිත වීම. එමඟින් සංචාරක ව්‍යාපාරයේ වර්ධනය මන්දගාමී වීම.

3. සංචාරක කර්මාන්තය තුළ ඩිජිටල්කරණය ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම හේතුවෙන් සේවා කාර්යක්ෂමතාව අඩු වීම.

4. ජාතික වෙළෙඳ නාමකරණය - branding - සහ ගමනාන්ත අළෙවිකරණය සඳහා නවමු උපාය මාර්ග භාවිත නොකිරීම හේතුවෙන් සංචාරක ක්‍රියාකාරකම් විවිධාංගීකරණය සීමිත වීම. විශේෂයෙන්, digital promotions වාගේ දේවල්.

5. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන අතර සම්බන්ධීකරණයේ පවතින දුර්වලතා.

6. සංචාරකයින්ට අද්විතීය, අව්‍යාජ හා අත්දැකීම්මය - experience-based - සේවාවන් සැපයීම වෙනුවට සාම්ප්‍රදායික දර්ශනීය ස්ථාන ප්‍රචාරණය මත පමණක් අවධානය යොමු වීම.

7. සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයෝජන ප්‍රමාණවත් නොවීම සහ සංචාරක ස්ථාන කළමනාකරණයේ පවතින දුර්වලතා.

8. සංචාරක කර්මාන්තයේ හැකියාව පිළිබඳ ජනතාව අතර දැනුවත්භාවය අඩු වීම හේතුවෙන් සමාජ සහභාගිත්වය හා ව්‍යාපාරික අවස්ථා වර්ධනය අඩු වීම.

9. ස්වාභාවික හා මනුෂ්‍යයා විසින් ඇති කරන ආපදා වැනි හදිසි තත්ත්වයන් සම්බන්ධ අවදානම් සංචාරක උපාය මාර්ගික සැලසුම්කරණයට ප්‍රමාණවත් ලෙස ඇතුළත් නොවීම.

10. විශ්වාසදායක දත්ත හිඟය සහ විශේෂඥ දැනුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සාක්ෂි මත පදනම් වූ - evidence-based - නව ව්‍යාපෘති සංවර්ධනය සීමිත වීම.

11. සංචාරක ගමනාන්තවල ධාරිතාව - carrying capacity - පිළිබඳ සම්පූර්ණ හා විද්‍යාත්මක අධ්‍යයන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ගමනාන්තවල පහසුකම් සංවර්ධනය නිසි ලෙස සැලසුම් කිරීමට නොහැකි වීමත් සංචාරක කර්මාන්තයේ රූපය - image - හා ගුණාත්මකභාවයට අහිතකර බලපෑම් ඇති වීමත් සිදුවේ.

12. සංචාරක කර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය ඔස්සේ රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධීකරණය කර ගනිමින් සංචාරක කර්මාන්තයට බලපාන ප්‍රධාන ගැටලු නිරාකරණය කිරීමට සහ නම්‍ය විසඳුම් සෙවීමට කටයුතු කරමින් පවතී.

13. Online Travel Agents - OTAs - හරහා ලියාපදිංචි වී සිටින සේවාදායකයන් සහ ඒ හරහා වන හෝටල් කාමර වෙන් කර ගැනීම් නියාමනය සඳහා OTA සේවාදායකයින් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

(ii) ඒවායෙන් ඇති වන අහිතකර බලපෑම් 11ක් හඳුනාගෙන තිබෙනවා.

1. යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රාදේශීය සංචාරක සංවර්ධනය මන්දගාමී වීම.

2. නව්‍ය සංචාරක නිෂ්පාදන හා සේවාවන් සංවර්ධනය නොවීම හේතුවෙන් කර්මාන්තයේ තරගකාරිත්වය අඩු වීම.

3. සේවා සැපයීමේ කාර්යක්ෂමතාව අඩු වීම හේතුවෙන් සංචාරක තෘප්තිය අඩු වීම.

4. සංචාරක ක්‍රියාකාරකම් විවිධාංගීකරණය නොවීම හේතුවෙන් නව වෙළෙඳ පොළ ආකර්ෂණය කිරීමේ අපහසුතාව.

5. ආයතන අතර සම්බන්ධීකරණ දුර්වලතා හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය සහ සම්පත් නාස්තිය.

6. අත්දැකීමමය සංචාරක සේවාවන් හිඟවීම හේතුවෙන් සංචාරකයින්ගේ නැවත පැමිණීම අඩු වීම.

7. ආයෝජන හා කළමනාකරණ දුර්වලතා හේතුවෙන් පහසුකම් සංවර්ධනය අඩු වීම සහ ආදායම් අඩු වීම.

8. ජනතාවගේ සහභාගීත්වය අඩු වීම හේතුවෙන් ප්‍රාදේශීය ආර්ථික ප්‍රතිලාභ සීමිත වීම.

9. ආපදා අවදානම් සැලසුම්කරණයට ඇතුළත් නොකිරීම හේතුවෙන් හදිසි අවස්ථාවලදී කර්මාන්තයට දැඩි බලපෑම් ඇති වීම.

10. දත්ත සහ විශේෂඥ දැනුම හිඟවීම හේතුවෙන් දත්ත මත පදනම් නොවූ තීරණ ගැනීම හා නව ව්‍යාපෘති සංවර්ධනය සීමිත වීම.

11. ගමනාන්ත ධාරිතාව නොසලකා හැරීම හේතුවෙන් අධික භාවිතය, පරිසර හානිය සහ සංචාරක රූපයට අහිතකර බලපෑම් ඇති වීම.

සමස්තයක් වශයෙන් මෙය තිරසාර සංචාරක සංවර්ධනයට බාධාවක් වේ.

(iii) මේ සම්බන්ධයෙන් කරුණු 11ක් හඳුනාගෙන ඉදිරිපත් කර තිබෙනවා.

1. පළාත් මට්ටමින් සංචාරක සංවර්ධන ප්‍රධාන සැලසුම් - master plans - සකස් කර ප්‍රමුඛතාව අනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

ඒවා සකස් කිරීම අපි ආරම්භ කර තිබෙනවා. 

ඒ වාගේම ආයතන අතර තිබෙන සම්බන්ධීකරණ දුර්වලතා අවම කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා තීන්දු තීරණ ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.

2. නව්‍ය සංචාරක නිෂ්පාදන හා සේවාවන් සංවර්ධනය සඳහා පර්යේෂණ හා නව්‍යකරණ (R&D) වැඩසටහන් ශක්තිමත් කිරීම.

3. සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් තාක්ෂණ හා e-tourism විසඳුම් ක්‍රියාත්මක කිරීම.

4. නව වෙළෙඳ පොළ ආකර්ෂණය කිරීම සඳහා නවීන අළෙවිකරණ සහ වෙළෙඳ නාමකරණ උපාය මාර්ග හඳුන්වා දීම.

නව වෙළෙඳ පොළ ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩ පිළිවෙළක් - global promotion campaign එකක් - අපි මේ වන කොට ආරම්භ කර තිබෙනවා.

5. රාජ්‍ය හා පෞද්ගලික ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණ යන්ත්‍රණයක් ස්ථාපනය කර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කාර්යක්ෂම කිරීම.

6. සංචාරකයින්ට අද්විතීය අත්දැකීම් ලබා දෙන experience-based සංචාරක නිෂ්පාදන සංවර්ධනය කිරීම.

7. දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කිරීම සහ සංචාරක ස්ථාන කළමනාකරණය ශක්තිමත් කිරීම.

8. ප්‍රාදේශීය ජනතාවගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සඳහා community-based tourism වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

9. ආපදා අවදානම් කළමනාකරණය සංචාරක උපාය මාර්ගික සැලසුම්කරණයට ඒකාබද්ධ කිරීම සහ සූදානම්භාව වැඩිදියුණු කිරිම.

10. විශ්වාසදායක සංචාරක දත්ත පද්ධති ස්ථාපනය කර විශේෂඥ දැනුම වර්ධනය කිරීම මඟින් evidence-based තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම.

11. ගමනාන්ත ධාරිතාව - carrying capacity - පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන සිදු කර sustainable visitor management ක්‍රමවේද හඳුන්වා දීම.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks