පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
460/2025
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) ප්‍රධාන ඖෂධ නිෂ්පාදන කිහිපයක් සම්බන්ධයෙන් ගුණාත්මක අසාර්ථකත්වයන් හිතාමතා නිර්මාණය කිරීමෙන් අත්‍යාවශ්‍ය ඖෂධ සැපයුම්කරුවන් අපකීර්තියට පත් කිරීම සහ සැපයුම්වලින් ඉවත් කිරීම වැනි තත්ත්ව උද්ගතවී තිබේද;
(ii) පසුගිය වසර 05 තුළ, විවිධ හේතු මත 2-8 °C අතර උෂ්ණත්වයක ගබඩා කළ යුතු ජීවිතාරක්ෂක/මිල අධික ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවූ අවස්ථා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඖෂධවල ගුණාත්මක ගැටලු ඇති කිරීම මඟින් දිගු කාලීන සැපයුම්කරුවන් ඉවත් කිරීම ප්‍රාදේශීය රෝහල් මට්ටමෙන්ද සිදු වන බවත්;
(ii) මේ හේතුවෙන් ඔවුන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ටෙන්ඩර් සඳහා ඇස්තමේන්තු ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත්;
(iii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉවත් කර ඇති ඖෂධ සංඛ්‍යාව, කාණ්ඩ ආපසු ගැනීම් හෝ නිෂ්පාදන ආපසු ගැනීම් පිළිබඳවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) එම ඉවත් කළ ඖෂධ පෞද්ගලික වෙළඳපොළ තුළ අලෙවි කරන බව දන්නේද;
(ii) එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි අංශයක් තිබේද;
(iii) එසේ නම්, 2024 වර්ෂයේ ලැබුණු එවැනි පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-17
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) යම් ඖෂධයක ගුණාත්මක අසාර්ථකතාව තීරණය කරන්නේ අදාළ ඖෂධය රසායනාගාර පරීක්ෂාවට ලක් කර ලැබෙන ප්‍රතිඵල මතයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියට එබඳු තත්ත්ව අසමත්වීම් හිතාමතා නිර්මාණය කළ නොහැක.
එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරියට එවැනි සිතාමතා ඇති කළ සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැත.
(ii) පසුගිය වසර 5 තුළ විවිධ හේතු මත 2-8°C අතර උෂ්ණත්වයක ගබඩා කළ යුතු ජීවිතාරක්ෂක vital/ මිල අධික ඖෂධ අතරින් Teneteplase Injection 40mg යන ඖෂධයේ TNV1B24A08 හා TNV1B24E07 යන කාණ්ඩ දෙකක් පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් තීරණයක් ලැබෙනතුරු භාවිතය තාවකාලිකව නවතා ඇත.
(ආ) (i) යම් ඖෂධයක අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳව සහ ප්‍රමිතිය ඇතුළු ගැටලු පිළිබඳව වාර්තා කරන්නේ බොහෝ විට රෝහල් මඟිනි. එබඳු අවස්ථාවලදී ඖෂධ භාවිතය අත්හිටුවිම, භාවිතයෙන් ඉවත් කිරීම වැනි කරුණු තීරණය කරන්නේ රසායනාගාර පරීක්ෂණ වාර්තා ඇතුළු කරුණු මත පදනම්ව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසිනි. එය රෝහල් මට්ටමින් ගන්නා තීරණයක් නොවේ.
(ii) ප්‍රාදේශීය රෝහල් මට්ටමින් වාර්තා වන ඖෂධවල ගුණාත්මක ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැනුවත් නමුත්, ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී සලකා බලනුයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් නිර්දේශ කර ඇති product withdrawal/batch withdrawal හෝ reject පමණි. Product withdrawals වාර්තා වන අවස්ථාවලදී ටෙන්ඩර් ප්‍රදානය සිදු නොකරන අතර, ඉහත සඳහන් අනෙකුත් අවස්ථාවලදී කොන්දේසිවලට යටත්ව (පූර්ව නැව්ගත කිරීමේ සාම්පල පරීක්ෂාව, වෛද්‍ය සැපයුම් අංශය මඟින් ලබා ගන්නා ලද පළමු තොගය සඳහා කාර්ය සාධන වාර්තා) ටෙන්ඩර් ප්‍රදානය සඳහා නිර්දේශ කිරීම සිදු වේ.
(iii) 2025 වසරේ සහ 2026 වසරේ මේ දක්වා නියාමන තීරණ අනුව භාවිතය අත්හිටුවා ඇති, භාවිතයෙන් ඉවත් කර ඇති සහ ආපසු කැඳවා ඇති ඖෂධ කාණ්ඩ සහ ඖෂධ - ඖෂධයේ සියලුම කාණ්ඩ ඇතුළත් වන සේ මුළු ඖෂධයම - පිළිබඳ සියලු තොරතුරු ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම
|
|
කාණ්ඩ / නිෂ්පාදන භාවිතය අත්හිටුවීමට තීරණ |
කාණ්ඩ / නිෂ්පාදන භාවිතය ඉවත් කර ගැනීමේ තීරණ |
නිෂ්පාදකයා / දේශීය නියෝජිතයා විසින් ස්වේච්ඡාවෙන් ඉවත් කර ගැනීම |
නැවත සලකා බැලීමෙන් පසු, කලින් ගනු ලැබූ නියාමන තීරණ අවලංගු කිරීම |
|||
|
|
කාණ්ඩ |
නිෂ්පාදන |
කාණ්ඩ |
නිෂ්පාදන |
කාණ්ඩ |
නිෂ්පාදන |
|
|
Jan-25 |
02 |
01 |
06 |
- |
- |
- |
03 |
|
Feb-25 |
- |
- |
01 |
01 |
- |
- |
02 |
|
Mar-25 |
04 |
01 |
01 |
- |
- |
- |
- |
|
Apr-25 |
06 |
02 |
01 |
- |
- |
- |
01 |
|
May-25 |
- |
- |
- |
- |
- |
- |
- |
|
Jun-25 |
- |
- |
- |
- |
- |
- |
02 |
|
Jul-25 |
06 |
- |
02 |
01 |
- |
- |
11 |
|
Aug-25 |
01 |
- |
- |
- |
- |
01 |
- |
|
Sep-25 |
06 |
- |
- |
- |
- |
- |
- |
|
Oct-25 |
01 |
- |
01 |
- |
02 |
01 |
04 |
|
Nov-25 |
- |
- |
- |
- |
- |
- |
- |
|
Dec-25 |
02 |
04 |
03 |
- |
- |
- |
- |
|
Jan-26 |
- |
- |
- |
- |
- |
- |
- |
|
Feb-26 |
- |
- |
03 |
01 |
- |
- |
01 |
|
මුළු ගණන |
28 |
08 |
18 |
03 |
02 |
02 |
24 |
(ඇ) (i) ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ඉවත් කර ඇති ඖෂධ පෞද්ගලික වෙළෙඳ පොළ තුළ අළෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු මේ වන තෙක් වාර්තා වී නොමැත.
(ii) එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙළෙඳ පොළ නිරීක්ෂණ සහ පාලන අංශය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැක.
(iii) 2024 වර්ෂය තුළ එවැනි පැමිණිලි වාර්තා වී නොමැත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks