01

E   |     |  

 දිනය: 2025-03-01   පිළිතුර ලබා දී ඇත 

0452/2025: ගිං ගඟ පිටාර ගැලීම පාලනය කිරීම: සකස් කළ වාර්තා සහ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති

452/2025

ගරු ටී. කේ. ජයසුන්දර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිතවලට හා දේපලවලට විශාල බලපෑමක් ඇති කරන බව පිළිගන්නේද;

             (ii)      2000 වර්ෂයෙන් පසු ගිං ගඟේ පිටාර ගැලීම පාලනය කිරීම සඳහා හෝ වෙනත් අරමුණක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් වාර්තා සකස් කර තිබේද;

(iii) එසේ නම්, එම වාර්තා කවරේද;

(iv) එම වාර්තා සකස් කරන ලද ආයතන කවරේද;

(v) එම ව්‍යාපෘති වාර්තා/ශක්‍යතා අධ්‍යයන වාර්තා සකස් කිරීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;

(vi) ඒ සඳහා ප්‍රතිපාදන ලබා ගත් ප්‍රභවයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ගිං ගඟේ පිටාර ගැලීම පාලනය කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේද;

(ii) එසේ නම්, එම එක් එක් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද වර්ෂය, අවසන් කරන ලද වර්ෂය, වෙන් කරන ලද මුදල, වියදම් කරන ලද මුදල, ක්‍රියාත්මක කරන ලද ආයතනය සහ ලැබී ඇති විසඳුම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-01

අසන ලද්දේ

ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)       

  • CRIP අධ්‍යයන වාර්තාව
  • ගිං-නිල්වලා හැරවුම් ව්‍යාපෘති වාර්තාව

             (iv)      වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ CRIP එක යටතේ Atkins නම් උපදේශක සමාගම විසින් අධ්‍යයන වාර්තා සකස් කර ඇත.

ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘති අධ්‍යයනය China CAMC Engineering ආයතනය මඟින් සිදු කර ඇත.

(v) CRIP - සංරචක 01 යටතේ ගිං ගඟ ද්‍රෝණිය ඇතුළුව ගංගා ද්‍රෝණි 10ක් අධ්‍යයනය කර ඇති අතර, එම සංරචකය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14.4ක් වැය කර ඇත.

ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 29.98යි. මෙම අධ්‍යයනයේ අවසන් කිරීමට ඇති කොටස් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 29.98ට අදාළ බැඳුම්කරයේ සියයට 5ක ප්‍රමාණයක් රඳවාගෙන ඇත.

(vi) CRIP එක ලෝක බැංකු ආධාර යටතේ සිදු කර ඇත. ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදනවලින් තමයි ක්‍රියාත්මක කර තිබෙන්නේ.

(ආ) (i) ඔව්.

(ii) 1976 සිට 1982 දක්වා චීන රජයේ ආධාරවලින් ගිං ගඟ ද්‍රෝණියේ අගලිය සිට පහළට හෙක්ටෙයාර 4,944ක ප්‍රමාණයක් ජල ගැලීම්වලින් ආරක්ෂා කිරීම සඳහා ගිං ගඟ ජල පාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. එහිදී ගඟ දෙපස ගංවතුර ආරක්ෂණ බැමි ඉදිකර භූ විෂමතාව අනුව ආරක්ෂා කළ යුතු වපසරිය කොටස් 10කට බෙදා එම එක් එක් කොටස සඳහා පොම්පාගාර ඉදිකර එම කොටස්වල එකතු වන ජලය ගඟට පොම්ප කිරීම තුළින් එම ප්‍රදේශ ආරක්ෂා කිරීම සිදු කරයි. එම පොම්පාගාර 10 ධාරිතා දෙකකින් යුතු පොම්ප 37කින් සමන්විත වන අතර ඒවා විදුලියෙන් ක්‍රියාත්මක වේ. එම පොම්පාගාර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් 2014 වසරේදී ආරම්භ කරන ලද අතර, එහි වියදම රුපියල් මිලියන 700කි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද එම ව්‍යාපෘතිය 2021 වසරේ නිම කරන ලදී.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks