01

E   |     |  

 දිනය: 2025-03-03   පිළිතුර ලබා දී ඇත 

0450/2025: බැස්ටියන් මාවත, කඩ කාමර විවෘත කිරීමේ උත්සවය: මාධ්‍ය ආවරණය

450/2025

ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පිටකොටුව, බැස්ටියන් මාවතේ, කඩ 42ක් විවෘත කිරීමේ උත්සවයේ මාධ්‍ය ආවරණය කිරීම සඳහා සම්පූර්ණ වියදම වන රු. 19,301,403.61ක මුදලෙන් අත්තිකාරම් ලෙස රු. 17,639,938.86ක මුදලක් ටී.ආර්.අයි.ඒ.ඩී. ආයතනය වෙත ලබා දී තිබේද;

(ii) ඒ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර තිබේද;

(iii) ඉහත අත්තිකාරම් මුදල ගෙවීම අනුමත කිරීම සඳහා බලය තිබෙන්නේ කවුරුන් වෙතද;

(iv) එම මාධ්‍ය ආවරණය වෙනුවෙන් ඉහත සඳහන් පරිදි විශාල මුදලක් වියදම් කිරීමේ අරමුණ කවරේද;

(v) ඉහත උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණයක් සිදු කරනු ලැබුවේ නම්, එම මාධ්‍ය ආවරණය රජයේ මාධ්‍ය ආයතනයක් මඟින් සිදු නොකිරීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-03

අසන ලද්දේ

ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඒ බව තහවුරු කර ඇත.

              (ii)      ප්‍රසම්පාදන අනුමැතිය ලබා ගැනීමට යටත්ව එවකට අධිකාරියේ සිටි සභාපතිවරයා විසින් ගෙවීම අනුමත කර ඇති නමුත් ප්‍රසම්පාදන අනුමැතිය ලබා ගත් බවට නිරීක්ෂණය නොවේ.

             (iii)      මූල්‍ය ක්‍රියාවලිය අනුව මෙම බලය හිමිව ඇත්තේ ප්‍රසම්පාදන කමිටුවට බව වාර්තා ‍කෙරේ.

              (iv)      එවකට කොළඹ ප්‍රදේශයේ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමේ උත්සව ආකර්ෂණීය ලෙස පැවැත්වීම සඳහා ලබා දී තිබූ නියෝගවලට අනුව ක්‍රියා කරන ලද බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් දන්වා ඇති අතර, මෙම වාණිජ ඉදිකිරීම් බදු දීම සඳහා ප්‍රචාරණය ද මෙමඟින් අපේක්ෂා කර ඇත.

(v) ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කළේ නම් ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයම ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන අතර ඒ අනුව රජයට උපරිම වාසි සැලසෙන ආයතනයක් තෝරා ගැනීමට තිබුණි. එහෙත් ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් එම අවස්ථාව මඟහැරී තිබුණු බව නිරීක්ෂණය කෙරේ.

(ආ) අදාළ නො‍වේ.

පිළිතුරු දුන් දිනය

2025-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks