01

E   |     |  

 දිනය: 2025-02-24   පිළිතුර ලබා දී ඇත 

0449/2025: මෝදර සහ මාලිගාවත්ත ප්‍රදීපා ශාලා: බදුදීම

449/2025

ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු මෝදර සහ මාලිගාවත්ත පිහිටි ප්‍රදීපා ශාලා වසර 30ක කාලයක් සඳහා බදු පදනම මත දේශපාලන හිතවතුන්ට ලබාදී තිබේද;

(ii) ඒවා බදු පදනම මත ලබා දීමට පෙර රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් ඒවායේ තක්සේරු වටිනාකම ලබා ගෙන තිබේද;

(iii) එසේ නම්, එම එක් එක් ප්‍රදීපා ශාලාවේ තක්සේරු වටිනාකම වෙන් වෙන් වශයෙන්  කොපමණද;

(iv) ඉහත ප්‍රදීපා ශාලා බදු දීමේදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ආ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ, මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ, බෞද්ධ මන්දිරයට යාබදව පිහිටි පර්චස් 116ක් විශාලත්වයෙන් යුතු ඉඩමේ පර්චසයක් රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදී තිබේද;

(ii) එම ඉඩම් කොටස් ලබා දී ඇත්තේ කවුරුන් වෙතද;

(iii) ඒවා නිවාස සෑදීමේ අරමුණ සඳහා ලබාදී තිබේද;

(iv) ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් තක්සේරු වටිනාකම ලබා ගෙන තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-24

අසන ලද්දේ

ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත.

              (ii)      මෝදර ප්‍රදීපා ශාලාව - රජයේ තක්සේරුව ලබාගෙන නැත. (ප්‍රදීපා ශාලාව පිහිටි ඉඩමේ අයිතිය ‍ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත සම්පූර්ණයෙන්ම පැවරී නොමැති බැවින් රජයේ තක්සේරුව ලබා ගැනීමට නොහැකි වී ඇත.)

                        මාලිගාවත්ත ප්‍රදීපා ශාලාව - රජයේ තක්සේරුව ලබාගෙන නැත. (මේ වනවිට දේපළට අදාළ තක්සේරු වටිනාකම ලබා ගැනීම සඳහා අවශ්‍ය මිනුම් සිතියම් සකස් කර තක්සේරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.)

(iii) මෙතෙක් තක්සේරු වටිනාකම ලැබී නැත.

(iv) නියමිත පරිදි ඉඩමේ අයිතිය හා පැවරීම් කටයුතු සිදුව නොමැති බැවින් -ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැවරිලා නැති නිසා- ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නැත. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව ප්‍රදීපා ශාලා බදු බදනම මත ලබා දීමට කටයුතු කර ඇත.

(ආ) (i) නැත. වාර්ෂික බදු කුලිය රුපියල් 453,000.00ක් වන සේ පර්චස් 109.71ක බිම් ප්‍රමාණයක් බදු පදනම මත ලබා දී ඇත.

(ii) "පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි පදනම" වෙත තමයි භාර දීලා තිබෙන්නේ.

(iii) නැත.

නමුත් සාමාන්‍යයෙන් නිවාස ව්‍යාපෘතියක් හදනකොට ඒ නිවාස ව්‍යාපෘතියේ අයගේ සුබසාධන කටයුතු, ආගමික කටයුතු සඳහාත් වෙන් කරන්න අවශ්‍යයි. ඒ අනුව මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානය හා ඊට අනුබද්ධව පවත්වාගෙන යනු ලබන සිරිසුමන දහම් පාසලේ කාර්යයන් වඩාත් පුළුල්ව පවත්වාගෙන යෑම සඳහා තමයි ඒ බදු පදනමින් ලබා දීලා තිබෙන්නේ.

(iv) ඔව්.

කලින් පැහැදිලි කළ විධියට ලබාගෙන තිබෙනවා. බදු පදනමින් ලබා දීම සඳහා රජයේ තක්සේරුකරුගේ බදු තක්සේරුව 2023.01.25 දිනැතිව ලබාගෙන, ඒ අනුව ගිවිසුම්ගතව ඇත. එහි වාර්ෂික බදු කුලිය රුපියල් 453,000.00කි.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks