පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
445/2025
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විශේෂ බඳවා ගැනීම (හමුදාගත) යටතේ ත්‍රිවිධ හමුදාවට බඳවාගත් සෙබලුන් විවිධ වෘත්තීන්වල රාජකාරිවලට යොදවා ඇති බවත්;
(ii) ඔවුන්ට එම සේවාවලට ආවේණික නිල ඇඳුම් පැළඳීමකින් තොරව සිවිල් ඇඳුමින් හෝ වැඩ ඇඳුමින් රාජකාරි කිරීමට අවසරදී ඇති බවත්;
(iii) එම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශයේ රාජකාරිවල යොදවා සිටින සෙබලුන් 43 දෙනෙකුට නිල ඇඳුම් පළඳින ලෙස උපදෙස් දීමෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) විශේෂ බඳවා ගැනීම යටතේ බඳවාගෙන ඇති සහ මේ වනවිට සේවය කරන සෙබලුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන්ගේ රාජකාරි සහ හිමි වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) සිවිල් ඇඳුමට අමතරව සේවාවලට ආවේණික නිල ඇඳුම් ඔවුන්ට පැළඳිය හැකිද;
(iv) එසේ නම්, එම අවස්ථා කවරේද;
(v) ඔවුන්ට අදාළ උපදෙස්/චක්‍රලේඛ/නියෝග නිකුත් කරන්නේ කවුරුන්ද;
(vi) ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි ඔවුන්ට නිල ඇඳුම් පැළඳීමට නියෝග කළ හැකිද;
(vii) ඉහත (අ) (iii)හි සඳහන් සෙබලුන් සේවා නිල ඇඳුමෙන් රාජකාරි සිදු කරන්නේද;
(viii) නොඑසේ නම්, සිවිල් හෝ වැඩ ඇඳුමෙන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-24
අසන ලද්දේ
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
විවිධ වෘත්තීන් සඳහා බඳවාගෙන ඇති සෙබළුන් ඒ ඒ වෘත්තීන්ට අදාළ රාජකාරින්හි යොදවා ඇත.
(ii) යුද හමුදාව සඳහා යුද හමුදා නියෝග 13/2012 සහ 14/2012 යටතේ සඳහන් පරිදි ඔවුන්හට සිවිල් ඇඳුමින් රාජකාරි ඉටු කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති අතර, නාවික හමුදාවට හා ගුවන් හමුදාවට ද ඔවුන්ගේ රාජකාරි ස්වභාවය අනුව සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි කිරීමට අවසර ලබා දී ඇත.
(iii) සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි කරන තොරතුරු තාක්ෂණ අංශයේ නාවිකයන් 46දෙනෙකු විසින් නිල ඇඳුමෙන් සැරසී රාජකාරි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව දැනට වාර්තා වෙලා තිබෙනවා.
(ආ) (i) ඇමුණුම i මඟින් දක්වා ඇත. ඇමුණුම i පහත පරිදි වේ.
යුද හමුදාව
|
හමුදාගත බඳවා ගැනීම් යටතේ බඳවාගෙන ඇති ප්‍රමාණය |
30036 |
|
දැනට සේවයේ නියුතු සංඛ්‍යාව |
10521 |
නාවික හමුදාව
|
අංශය |
එකතුව |
|
ඉංජිනේරු අංශය |
322 |
|
සිවිල් ඉංජිනේරු අංශය |
4605 |
|
පොදු රාජකාරි |
172 |
|
විදුලි හා විද්‍යුත් අංශය |
355 |
|
බුද්ධි අංශය |
16 |
|
ප්‍රවාහන අංශය |
132 |
|
තොරතුරු තාක්ෂණ |
72 |
|
ක්‍රීඩා |
328 |
|
සූපවේදී |
46 |
|
භෝජනවේදී |
110 |
|
වෛද්‍ය සහායක |
32 |
|
ලිපිකරු |
3 |
|
වාදක අංශය |
5 |
|
එකතුව |
6198 |
ගුවන් හමුදාව
|
රාජකාරි නිල ඇඳුමින් සේවය කරනු ලබන නිලධාරින් සංඛ්‍යාව |
01 |
|
සිවිල් ඇඳුමින් රාජකාරි කරන නිලධාරින් සංඛ්‍යාව |
03 |
|
රාජකාරි නිල ඇඳුමින් සේවය කරනු ලබන සෙසු නිලයන් සංඛ්‍යාව |
1746 |
|
සිවිල් ඇඳුමින් රාජකාරි කරන සෙසු නිලයන් සංඛ්‍යාව |
259 |
(ii) හිමි වරප්‍රසාද
|
යුද හමුදාව |
ඔවුන්ගේ රාජකාරි සහ වරප්‍රසාද හමුදා නියෝගයේ සහ ස්වේච්ඡා බලසේනා රෙගුලාසි මාලාවේ සඳහන් පරිදි වේ. (ඇමුණුම ii) අපේ හමුදා චරියා නියෝග අනුව 13/2012 ඒ කියන්නේ හමුදාගත පදනම මත ස්වේච්ඡා බලසේනාවට බඳවාගෙන ඇති සෙසු නිලයන් සඳහා පනවන ප්‍රතිපත්තිමය රෙගුලාසි මාලාව යටතේ තමයි එය සිද්ධ වෙන්නේ. |
|
නාවික හමුදාව |
සියලු නාවිකයන්, අනෙකුත් නිත්‍ය සහ ස්වේච්ඡා නාවිකයන් වෙත ලැබෙන වැටුප් හා දීමනා, ආහාර, නවාතැන්, ප්‍රවාහන, නිල ඇඳුම් සහ වෛද්‍ය පහසුකම් ආදී නාවිකයෙකුට හිමි සියලු වරප්‍රසාද ද හිමි වේ. මෙම නාවිකයන් ද අනෙකුත් නාවිකයන් මෙන්ම වසර 22 (පිරිමි) හා වසර 15 (කාන්තා) සේවා කාලයක් සම්පූර්ණකොට විශ්‍රාම වැටුපකට හිමිකම් ලබයි. සියලු නාවිකයන් නිල ඇඳුම් දීමනාවකට හිමිකම් ලබන අතර ඉහත සඳහන් ස්වේච්ඡා විශේෂ ක්‍රමය යටතේ තොරතුරු තාක්ෂණ අංශයට බඳවා ගත් නාවිකයන් 46දෙනා ද එම දීමනාව ලබාගෙන ඇත. |
|
ගුවන් හමුදාව |
ඔවුන්ගේ වෘත්තියට හිමි රාජකාරින්වලට අනුයුක්ත කර ඇති අතර ස්වේච්ඡා ගුවන් හමුදා නිලධාරින්/සෙසු නිලයන් සඳහා හිමි වරප්‍රසාද හිමිය. |
ඇමුණුම ii සභාගත* කරමි.
(iii)
|
යුද හමුදාව |
අදාළ හමුදා නියෝගයට අනුව සිවිල් ඇඳුම සහ වැඩ ඇඳුම පැළඳිය හැකිය. |
|
නාවික හමුදාව |
සියලුම නාවික පුද්ගලයින්ට තම රාජකාරියට අනුව නියමිත නිල ඇඳුමක් හිමි අතර, එය පැළඳ රාජකාරි කිරීම කළ යුතු වේ. මීට අමතරව, නාවික හමුදාපතිගේ ලිඛිත නියෝග අනුව, සේවා අවශ්‍යතාවන් මත ඇතැම් අවස්ථාවලදී සිවිල් ඇඳුමෙන් රාජකාරි කිරීමට උපදෙස් ලබා දී ඇත. |
|
ගුවන් හමුදාව |
ඉහත (අ) (i) අනුව, සිවිල් ඇඳුමින් රාජකාරි කරන නිලධාරින්ට සහ සෙසු නිලයන්ට හැර අනෙකුත් සේවාවලට ආවේණික නිල ඇඳුම් පැළඳිය හැක. |
(iv)
|
යුද හමුදාව |
ඇමුණුම ii මඟින් දක්වා ඇති හමුදා නියෝග යටතේ සඳහන් පරිදි වේ. |
|
නාවික හමුදාව |
සේවා අවශ්‍යතා මත සිවිල් ඇඳුමෙන් හෝ දක්වා ඇති ඇඳුමකින් රාජකාරි කිරීමට නාවික හමුදාපති විසින් අවසර ලබා දෙනු ලැබේ. එවැනි අවස්ථා ලෙස බුද්ධි අංශයට ආවේණික රාජකාරි, පෙර පාසල් කාර්ය මණ්ඩල, ක්‍රීඩා සංචිත සහ ප්‍රභු ආරක්ෂක වැනි රාජකාරි දැක්විය හැක. |
|
ගුවන් හමුදාව |
සේවා අවශ්‍යතාව මත නිල ඇඳුම් ඇඳිය යුතු සියලුම අවස්ථාවන්වලදී |
(v)
|
යුද හමුදාව |
යුද හමුදාපතිගේ උපදෙස් මත අධ්‍යක්ෂ පිරිස් පරිපාලන විසින් නිකුත් කෙරේ. |
|
නාවික හමුදාව |
නාවිකයින්ගේ නිල ඇඳුම් සම්බන්ධ නියෝග නාවික හමුදාපති විසින් නිකුත් කරනු ලබන අතර, එම නියෝග නිකුත් කිරීම අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුව සිදු කරනු ලබයි. |
|
ගුවන් හමුදාව |
ගුවන් හමුදා මූලස්ථානය මඟින් සිදු කර ඇත. |
(vi)
|
යුද හමුදාව |
නාවික හමුදාව |
ගුවන් හමුදාව |
|
ඇමුණුම ii මඟින් දක්වා ඇති හමුදා නියෝගයේ සඳහන් පරිදි සිදු කළ යුතුය. |
සියලුම නාවිකයින් නාවික හමුදාපති විසින් නිකුත් කර ඇති නිල ඇඳුම් සම්බන්ධ මාර්ගෝපදේශ අත්පොතෙහි (යොමු පොත් අංක 16) සඳහන් උපදෙස් පිළිපැදිය යුතු අතර, යම් හේතුවක් මත නිල ඇඳුම නොපැළඳ රාජකාරි කිරීම අත්‍යවශ්‍ය වන අවස්ථාවක ඒ සඳහා නාවික හමුදාපතිගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතුය. |
නියෝග කළ හැක |
(vii) ස්වේච්ඡා විශේෂ ක්‍රමය යටතේ නාවික හමුදාවේ, -ඔබතුමා අසා සිටි කොටස- තොරතුරු තාක්ෂණ අංශයට බඳවා ගත් නාවිකයින් 72ක් අතුරින් නාවිකයින් 26ක ප්‍රමාණයක් පමණක් ඔවුන්ට හිමි සේවා නිල ඇඳුමෙන් රාජකාරි සිදු කරනු ලබන අතර, නාවිකයින් 46දෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී කාර්යාල රාජකාරි සිදු කරනු ලබයි.
(viii) ඉහත සඳහන් නාවිකයින් 46දෙනෙකු පමණක් නාවික හමුදාපති විසින් පනවා ඇති ලිඛිත නියෝගවලට පටහැනිව නිල ඇඳුම් දීමනාවද ලබා ගනිමින් සිවිල් ඇඳුමෙන් රාජකාරි කරනු ලබන බැව් නිරීක්ෂණය වීමෙන් පසුව 2023 ජූනි මස 03වන දිනැති නාහ. 5 සන්දේශය අනුව කටයුතු කරන ලෙස සියලු නාවිකයින්හට උපදෙස් ලබා දී ඇත.
මෙම සිවිල් ඇඳුමින් සැරසුණු නාවික පුද්ගලයින්ට අමතරව සිවිල් පරිපාලන අංශයට අයත්ව සිවිල් ඇඳුමින් රාජකාරි කරනු ලබන පුද්ගලයින්ද සිටින අතර ඔවුන් නාවික හමුදා නීතියට යටත් නොවන බැවින් ඔවුන්ගේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා සිවිල් පරිපාලන නිලධාරියෙකු සිටී. Civil Administrative Officersලා ත්‍රිවිධ හමුදාවටම වෙන වෙනම ඉන්නවා. ඔවුන්ගේ රාජකාරි වේලාවන් සහ ක්‍රියා පටිපාටිය සාමාන්‍ය රාජ්‍ය සේවය පරිදි සිදු වන අතර, ඔවුන් අනෙකුත් රාජ්‍ය සේවකයින්ට හිමි කාර්යාල වේලාවන්හිදී රාජකාරි කටයුතු කරනු ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks