පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
435/2025
ගරු දිනිඳු සමන් මහතා, — බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2020 සිට 2024 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම ව්‍යාපෘති අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(iii) එම එක් එක් ව්‍යාපෘතිය සඳහා ඉල්ලීම ඉදිරිපත් කරන ලද පාර්ශ්වය, අනුමතිය ලබා දීමේදී සලකා බලන ලද සුවිශේෂ හේතු, වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-10
අසන ලද්දේ
ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජනන හා සම්ප්‍රේෂණ ව්‍යාපෘති සංඛ්‍යාව 20කි. එම ව්‍යාපෘති හා ඒවාට අදාළ තොරතුරු ඇමුණුම මඟින් දක්වා ඇත.
මෙයට අමතරව බෙදා හැරීම් අංක 1, 2, 3 සහ 4 මඟින් වෙන් වෙන්ව සකසන දස අවුරුදු බෙදාහැරීම් පද්ධති සංවර්ධන සැලසුම්වලට අදාළව එම එක් එක් අංශ මඟින් වාර්ෂිකව කුඩා පරිමාණ බෙදා හැරීම් පද්ධති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.
(ii) ව්‍යාපෘති සංඛ්‍යාව 01යි. උමා ඔය ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය.
වාරිමාර්ග අමාත්‍යාංශ විෂය පථය යටතේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස උමා ඔය ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය -ඇමුණුමෙහි අයිතම 3- ක්‍රියාත්මක විය.
(iii) එම ව්‍යාපෘති බාහිර පාර්ශ්වයන්හි ඉල්ලීම් මත සිදු නොකරන අතර, එම ව්‍යාපෘති ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ හා ජනන සැලසුම් ශාඛාව විසින් සකස් කරනු ලබන විසි අවුරුදු දිගු කාලීන ජනන සැලසුම සහ ඒවාට සමගාමීව සකසනු ලබන දස අවුරුදු දිගු කාලීන සම්ප්‍රේෂණ පද්ධති සංවර්ධන සැලැස්ම මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කිරීමෙන් අනතුරුව, දේශීය හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ආධාර මත ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම එක් එක් ව්‍යාපෘති හා සම්බන්ධව අරමුදල් සැපයූ ආයතනය, ඇස්තමේන්තුගත මුදල හා මෙතෙක් වැය කළ මුදල ඇතුළත් තොරතුරු ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks