පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
429/2025
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෝප්පූර් උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ස්ථාපිත කර වසර කිහිපයක් ගත වී තිබුණද, මේ වනතෙක් තෝප්පූර් උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කර නොමැති බවත්;
(ii) කින්නියා ප්‍රාදේශීය සභා බලප්‍රදේශය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කිරීමේ යෝජනාව පළාත් පාලන කොමිෂන් සභාව විසින් අනුමත කර තිබුණද, එම යෝජනාව මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) තෝප්පූර් උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කිරීමට සහ කින්නියා ප්‍රාදේශීය සභා බලප්‍රදේශය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කිරීමට ඇති බාධාවන් වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමහර ග්‍රාම නිලධාරි වසම්වල පවුල් 1000කට අධික සංඛ්‍යාවක් ජීවත් වන අතර සමහර ග්‍රාම නිලධාරි වසම්වල පවුල් 100ක් පමණක් ජීවත් වන බව දන්නේද;
(ii) එසේ නම්, මෙම අසමතුලිත තත්ත්වය යථාවත් කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-15
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) පළාත් පාලන කොමිෂන් සභාව යනුවෙන් ආයතනයක් ක්‍රියාත්මකව නොපවතී.
(ආ) තෝප්පූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍රමාණවත් පවුල් සංඛ්‍යාවක් නොසිටීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමට 2012 සීමා නිර්ණය කමිටු නිර්දේශ ලැබී නොමැති අතර, 2012 වර්ෂයෙන් පසුව මේ වන තෙක් නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිහිටුවීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පිහිටුවා නැත. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම සඳහා අපේක්ෂා කෙරේ.
(ඇ) (i) ඔව්.
පවුල් 1000ට වැඩි සංඛ්‍යාව - 40
පවුල් 100ට අඩු සංඛ්‍යාව - 05
(ii) කාලානුරූපීව ජනගහන වර්ධනය, ජන සංක්‍රමණ, නාගරීකරණය, පාරිසරික සාධක හා සමාජ විද්‍යාත්මක සාධක යනාදී හේතූන් මත ග්‍රාම නිලධාරි කොට්ඨාසයන්හි ජනගහනය හා පවුල් සංඛ්‍යාව වෙනස් වීමට ලක්වන අතර එම වෙනස්වීම් අනුව ජනගහනය, පවුල් සංඛ්‍යාව හා අනෙකුත් නිර්ණායක මත පදනම්ව නව ග්‍රාම නිලධාරි කොට්ඨාස ඇති කිරීමට හෝ ග්‍රාම නිලධාරි කොට්ඨාස හකුළුවාලීමට අවශ්‍ය පියවර සීමා නිර්ණ කමිටුවක් පත් කිරීම මඟින් ඉදිරියේදී සලකා බැලීමට හැකියාවක් පවතී.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks