01

E   |     |  

 දිනය: 2025-02-20   පිළිතුර ලබා දී ඇත 

0425/2025: Dog bite cases in Trincomalee district

425/2025

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය  සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      2024.01.01 දින සිට 2024.12.31 දින දක්වා වූ කාලය තුළ සුනඛයන් සපා කෑම හේතුවෙන් ප්‍රතිකාර ගන්නා ලද පුද්ගලයන් සංබ්‍යාව කොපමණද;

    (ii)     එම කාලය තුළ සුනඛයන්ගේ සපා කෑමට ලක්වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම කාලය තුළ අයාලේ යන  සුනඛයන්ගේ සපා කෑමට ලක්වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් සංඛ්‍යාව එම දිස්ත්‍රික්කයේ එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත කාලය තුළ සුනඛයන්ගේ සපා කෑමට වැඩි වශයෙන් ලක්වූ පුද්ගලයන් වෙසෙන දිස්ත්‍රික්කය කවරේද;

(v) සුනඛයන්ගේ සපා කෑමට ලක්වන පුද්ගලයන්ට ‍ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව වැයවන මුදල කොපමණද;

(vi) සුනඛයන් සපා කෑමේ ගැටලුව විසඳීම සඳහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2025-02-20

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks