පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
423/2025
ගරු ටී.කේ. ජයසුන්දර මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය බිඳ වැටෙමින් පවතින බව පිළිගන්නේද;
(ii) තේ නැවත වගාව සඳහා ක්‍රියාත්මක වූ ‘ස්ටාර්’ ව්‍යාපෘතියට මුදල් සැපයූ ආයතනය කවරේද;
(iii) සැපයූ මුළු මුදල කොපමණද;
(iv) එය ණයක්ද, නොඑසේ නම්, ප්‍රදානයක්ද;
(v) ණයක් නම්, වාර්ෂික පොලී අනුපාතය කොපමණද;
(vi) එම ණය ගෙවා අවසන් වන වර්ෂය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එම ව්‍යාපෘතියේ පරිපාලන ව්‍යූහය හා ඊට සම්බන්ධ පුද්ගලයන් කවරේද;
(ii) එමඟින් තේ නැවත වගාව සිදු කර ඇති ඉඩම් ප්‍රමාණය එක් එක් තේ පරීක්ෂක කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ව්‍යාපෘතිය යටතේ තේ නැවත වගා කරන ඉඩම් අක්කරයකට ගෙවූ මුදල හා පරිපාලන වියදම්වලට වෙන් කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) මේ වනවිට එම ව්‍යාපෘතිය අවසන් කර තිබේ නම්, එම දිනය කවරේද;
(ii) වගාකරුවන්ට හිඟ මුදල් ගෙවිය යුතුව තිබේ නම්, එය එක් එක් තේ පරීක්ෂක කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ව්‍යාපෘතියේ විගණන වාර්තාව ඉදිරිපත් කරන්නේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-22
අසන ලද්දේ
ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) කර්මාන්තයේ යම් පසුබෑමක් ඇති බව නිරීක්ෂණය කරමි. නමුත්, 2024 වර්ෂයේදී සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 262 දක්වා වර්ධනය වී ඇත. එය පසු ගිය වසර තුනට සාපේක්ෂව වැඩි අගයකි.
(ii) කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල - International Fund for Agricultural Development, IFAD - හා ශ්‍රී ලංකා රජය
(iii) 2024.04.19 දින වන විට රුපියල් මිලියන 8,703.71ක් වැය කර ඇත.
(iv) ණයකි.
(v) පොලී අනුපාතය සියයට 1.25ක් හා සේවා ගාස්තු සියයට 0.75කි.
වාර්ෂිකව සියයට 1.25ක ස්ථාවර අනුපාතයක් සහ සියයට 0.75ක සේවා ගාස්තුවක් සමඟින්, ඉතිරිව ඇති ප්‍රදාන මුදල - principal amount - සඳහා පොලිය සමඟ මිශ්‍ර කොන්දේසි - blended terms - මත ණය ලබා දී ඇත.
(vi) 2040 වර්ෂයේ දී.
(ආ) (i) අමාත්‍යාංශය සතු ලිපි ලේඛන අනුව, 2023.06.15 දින වන විට කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතියෙහි - STaRR Projectහි - පරිපාලනය සම්බන්ධයෙන් කටයුතු කරන ලද නිලධාරින් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.
|
අනු අංකය |
තනතුර |
නම |
|
01 |
ව්‍යාපෘති අධ්‍යක්ෂ - Project Director |
ඒ.ජේ.එල්.පී. අමරසිංහ මයා |
|
02 |
මූල්‍ය කළමනාකරු - Finance Manager |
ආර්.එච්.එස්.පී. රණසිංහ මිය |
|
03 |
අභ්‍යන්තර විගණක - Internal Auditor |
රවීන් ඕවිටිගල මයා |
|
04 |
ව්‍යාපෘති ගණකාධිකාරී - Project Accountant |
ඩබ්.ජී. සාගර මයා |
|
05 |
ආයතනික සංවර්ධන සම්බන්ධීකාරක - Institutional Development Coordinator |
ඒ. හේවගේ කුලරත්න මයා |
|
06 |
ධාරිතා ගොඩනැංවීම හා මානව සම්පත් සම්බන්ධීකාරක - Capacity Building and Human Resource Coordinator |
ශිරෝමි කුමාරි හේරත් මිය |
|
07 |
ICT නිලධාරි-MIS - ICT Officer-MIS |
ඩබ්.ජී.එච්. ප්‍රියංගිකා මිය |
|
08 |
ICT නිලධාරි-GIS - ICT Officer-GIS |
ජී.ඒ.එම්.ඩී. ගුණරත්න මයා |
|
09 |
ප්‍රජා සංවර්ධන නිලධාරි - Community Development Officer |
එම්.ඩබ්.ඩී. නිශාන්ත මයා |
|
10 |
|
එන්.එච්.ඒ.ආර්. ස්වර්ණපාලි මයා |
|
11 |
|
කේ.එම්.එම්.ඩී.පී. කෝණාර මයා |
|
12 |
|
ඩී.බී.ධර්මකීර්ති මයා |
|
13 |
ව්‍යාපාර සංවර්ධන නිලධාරි - Business Development Officer |
වී.ජී. චිත්‍රසේන මයා |
|
14 |
|
ඩී.එස්. පත්මසිරි මයා |
|
15 |
|
අජන්ත ශාන්ත කුමාර මයා |
|
16 |
ආයතනික සංවර්ධන නිලධාරි - Institutional Development Officer |
සුරංග සෙනෙවිරත්න මයා |
|
17 |
ව්‍යාපෘති ලේකම් - Project Secretary |
රෝහිනී පෙරේරා මිය |
(ii) තේ නැවත වගාව සිදු කළ මුළු ඉඩම් ප්‍රමාණය - හෙක්ටෙයාර 4131.79කි.
|
දිස්ත්‍රික්කය |
පැල සිටුවීම ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
ගාල්ල |
1122.85 |
|
මාතර |
1177.28 |
|
රත්නපුර |
1036.34 |
|
බදුල්ල |
334.88 |
|
මහනුවර |
358.78 |
|
නුවරඑළිය |
101.66 |
|
එකතුව |
4131.79 |
(තේ පරීක්ෂක කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් තොරතුරු ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත)
(iii) තේ නැවත වගා කරන ඉඩම් අක්කරයකට ගෙවා ඇති මුදල රුපියල් 325,765.00කි.
පරිපාලන වියදම්වලට වෙන් කළ මුදල රුපියල් මිලියන 621.38කි. (2024.04.19 දින වන වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 538.61කි)
(ඇ) (i) 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 30 දින ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර රාජකාරී කටයුතු අවසන් කළ අතර, 2024.03.31 දිනෙන් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.
(ii) සහනාධාර වැඩසටහන අනුව වගාකරුවන්ට හිඟ මුදල් ගෙවීමට ඇත.
වැඩිමනත් විස්තර ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.
(iii) ඔව්, ඇමුණුම 03 මඟින් ඉදිරිපත් කර ඇත.
ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks