පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
420/2025
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති වනාන්තර ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(ii) ඒ අතරින් වනඅලින්ට ජීවත් වීම සඳහා සුදුසු වාතාවරණයක් සහිත වනාන්තර ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(iii) එම වනාන්තරවල ජීවත්වන වනඅලින් සංඛ‍්‍යාව කොපමණද;
(iv) වනඅලින් විසින් මිනිසුන් සහ ඔවුන්ගේ දේපළ විනාශ කරන බව දන්නේද;
(v) වර්ෂ 2020 සිට 2024 දක්වා වනඅලි ප්‍රහාරයන්ට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව, එම ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව සහ අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මිය ගිය වනඅලින් සංඛ‍්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වන ඝනත්වයට ඔරොත්තු නොදෙන වනඅලි ගහණයක් සිටින බව දන්නේද;
(ii) වන ඝනත්වයට උචිත පරිදි වනඅලි ගහණය පාලනය කිරීමට සිදුව තිබේද;
(iii) එසේ නම්, ඒ සඳහා පවතින යාන්ත්‍රණ කවරේද;
(iv) ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේද;
(v) එසේ නම්, වනඅලින් සිදු කරනු ලබන විනාශය පාලනය කිරීම සඳහා යම් ක්‍රමවේදයක් තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-21
අසන ලද්දේ
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 2020 වර්ෂයේ වන සංගණනය අනුව,
|
විස්තරය |
ප්‍රමාණය (අක්කර) |
|
ශ්‍රී ලංකාවේ මුළු වන ආවරණය (ස්වාභාවික වන ආවරණය අනුව) |
4,717,222.78 |
(ii) වනඅලින් ජීවත් වන දිස්ත්‍රික්කවල පිහිටි සියලුම වනාන්තර එම සතුන්ට යෝග්‍යය. එම ප්‍රමාණය අක්කර 4,553,641 වේ. ඉතිරි වනාන්තර තෙත් කලාපයේ හා කඳුකර ප්‍රදේශවල පිහිටා ඇති අතර එම වනාන්තරවල වනඅලින් වාසය නොකරයි.
(iii) වනාන්තර යනුවෙන් ගැනෙන පරිසර පද්ධතිය තුළ ජීවත් වන අලි සංඛ්‍යාව වෙන් වශයෙන් ගණනය කර නොමැත. 2011 වර්ෂයේ දී සිදු කරන ලද වනඅලි සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය අවම වශයෙන් 5,879කි.
(iv) ඔව්.
(v)
|
වර්ෂය |
වනඅලි ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව |
එම වනඅලි ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව |
වනඅලි-මිනිස් ගැටුම් හේතුවෙන් මිය ගිය වනඅලින් සංඛ්‍යාව |
|
2020 |
236 |
112 |
328 |
|
2021 |
212 |
142 |
375 |
|
2022 |
353 |
146 |
439 |
|
2023 |
423 |
184 |
488 |
|
2024 |
354 |
155 |
388 |
(ආ) (i) එක් එක් පරිසර පද්ධතිවලට දැරිය හැකි අලි ගහනය සම්බන්ධයෙන් යම් අදහස් ප්‍රකාශ වී තිබුණද, මෙරට සමස්ත අලි ගහනය පවත්නා ස්වාභාවික පරිසර පද්ධතියට දැරිය හැකිදැයි යන්න සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තා මෙතෙක් එළි දක්වා නොමැත.
(ii) නැත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) ඔව්.
වනඅලින් මිනිසුන් සමඟ ඇතිවන ගැටුම හේතුවෙන් ඇතිවන විනාශය පාලනය කිරීම පිණිස පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගනු ලැබේ.
|
වර්ෂය |
ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම (හෙක්.) |
තෘණ භූමි කළමනාකරණය (හෙක්.) |
මාර්ග දෙපස යටි රෝපණ ඉවත් කිරීම (හෙක්.) |
ජල මූලාශ්‍ර වැඩිදියුණු කිරීම (සංඛ්යාව) |
|
2023 |
386.9 |
258.27 |
118.64 |
9 |
|
2024 |
105 |
222 |
365 |
5 |
1. ලංකාවේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද energizers භාවිත කරමින් උඩවලව, අම්පාර, පුත්තලම යන ප්‍රදේශවල ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.
2. අලින්ට අප්‍රිය පරිදි තරංග නිකුත් කරන උපකරණ භාවිත කරමින් අම්පාර, ගල්ගමුව, පොළොන්නරුව වනජීවී කලාපවල වනඅලින් පලවා හැරීම හා වනඅලින් ගම්මානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙම උපකරණ යොදා ගනිමින් අත්හදා බැලීම් සිදුකර ඇත.
3. නාවික හා ගුවන් හමුදාවන් සම්බන්ධ කරගෙන ඩ්‍රෝන යාත්‍රාවන් යොදා ගනිමින් වනඅලි පලවා හැරීමේ කටයුතු පුත්තලම, අනුරාධපුර දකුණ යන වනජීවී කලාපවල සිදු කර ඇත.
4. මීමැසි පාලනය උපයෝගී කරගෙන මීමැස්සන්ගේ ශබ්ද තරංග භාවිත කරමින් මාදුරුඔය, අම්පාර කලාපවල මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.
5. කළුතෙල් කලවම් කර කඹ පිලිස්සීමෙන් ඇතිවන දුම උපයෝගී කරගෙන වනඅලි විකර්ෂණය කිරීම සඳහා අත්හදා බැලීමක් සිදු කර ඇත.
6. උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රධාන විදුලි වැට කඩා බිඳිමින් ගම්මානවලට පැමිණෙන මාර්ග හඳුනාගෙන එම ස්ථානවල කොන්ක්‍රීට් තැටි සකස් කර බිම ඇතිරීමෙන් අධ්‍යයනයන් සිදු කර ඇත.
7. ඖෂධ ගැල් වූ හඳුන්කූරු වර්ගයකින් නිකුත් වන දුම උපයෝගී කරගෙන වනඅලින් විකර්ෂණය කිරීම සඳහා අත්හදා බැලීමක් සිදු කර ඇත.
8. දැනට භාවිත කරන විදුලි වැට ව්‍යූහයේ වැඩිදියුණු කිරීම් සිදු කර ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks