01

E   |     |  

 දිනය: 2025-03-01   පිළිතුර ලබා දී ඇත 

0418/2025: පිටිපන, මාහේනවත්ත LRC ඉඩම: විකිණීම

418/2025

ගරු අරුණ පනාගොඩ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක් මීට පෙර තිබුණේද;

             (ii)      නොඑසේ නම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩමක් එම ප්‍රදේශයේ  තිබේද;

(iii) එම ඉඩම, කිසියම් පාර්ශ්වයකට විකුණා තිබේද;

(iv) නොඑසේ නම්, විකිණීමේ සූදානමක් තිබේද;

(v) එම ඉඩම විකුණා ඇත්නම්, විකුණන ලද මුළු මුදල කොපමණද;

(vi) එම ඉඩමේ පර්චසයක වටිනාකම කොපමණද;

(vii) රජයේ කටයුතු සඳහා ඉඩම් අවශ්‍යව තිබියදී, එම ඉඩම බාහිර පාර්ශ්වයකට විකිණීමට හේතු කවරේද;

(viii) එම ඉඩම නැවත රජයට පවරා ගැනීම සඳහා කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-01

අසන ලද්දේ

ගරු අරුණ පනාගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        ඉඩමේ නම - පිටිපන වත්ත නොහොත් මාහේන වත්ත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      ඔව්. එය පහත පරිදි බැහැර කර ඇත.

                          ·      නාගරික සංවර්ධන අධිකාරිය වෙත  -අක්කර: 124 රූඩ් 1 පර්චස් 17.87

                    ·     ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය  වෙත   -   අක්කර: 00 රූඩ් 1 පර්චස් 16.85

· සේවක සුබසාධන පදනම මත විකිණීමෙන් බැහැර කර ඇත - පර්චස් 20

(iv) බැහැර කර අවසන්.

(v) රාජ්‍ය ආයතන සඳහා අත්පත් ක්‍රියාවලිය යටතේ අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති අතර, විකිණීමෙන් බැහැර කර ඇති කොටස සේවක සුබසාධන පදනම යටතේ ඉඩම් ලබා දීමේ පිළිවෙතට අනුව පර්චස් 1ක් සඳහා රුපියල් 1,000 බැගින් රුපියල් 20,000ක මුදලක් අය කර බැහැර කිරීම් සිදු කර ඇත.

(vi) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් තක්සේරු කැඳවීමක් සිදු කර නොමැත.

(vii) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වී ඇති ප්‍රමාණයෙන් රජයේ සංවර්ධන කටයුතු සඳහා ඉල්ලා තිබූ ඉහත අනු අංක (iii)හි සඳහන් පරිදි ඉඩම් ලබා දී එයට අමතරව තිබූ පර්චස් 20ක ප්‍රමාණයක් විකුණුම්කරයක් මඟින් ලබා දී ඇත.

(viii) රාජ්‍ය ආයතන වන නාගරික සංවර්ධන අධිකාරිය හා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය වෙත බැහැර කර ඇති බැවින් නැවත රජයට පවරා ගැනීමක් අවශ්‍ය නොවන අතර, සේවක සුබසාධන පදනම මත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් විකුණුම්කරයක් මඟින් බැහැර කරන ලද ඉඩම රජයේ කාර්යයකට අවශ්‍ය වන්නේ නම් රජයට අත්පත් කිරීමක් මඟින් පවරා ගත හැක.

(ආ) (viii)     පිළිතුර අදාළ වේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks