පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
386/2025
ගරු චානක මාදුගොඩ මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලෝකයේ රටවල් ගණනාවක පුරවැසියන් E - 8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු වන බව දන්නේද;
(ii) E - 8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා කිරීම සඳහා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන් තොටුපළේදී නැවත හරවා එවීමට හේතු කවරේද;
(iii) එම ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ රැකියා කිරීමට ඇති බාධා කවරේද;
(iv) E - 8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා කිරීම සඳහා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන් සඳහා සාධාරණත්වය ඉටු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-21
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ශ්‍රී ලංකා රජය E-8 වීසා ක්‍රමය යටතේ ශ්‍රී ලාංකිකයන් හට දකුණු කොරියාවේ රැකියා කිරීම සඳහා කොරියානු රජය සමඟ විධිමත් පරිදි ගිවිසුමකට එළඹ නොමැත. එසේම, E - 8 කාණ්ඩය යටතේ වූ වීසා මත බඳවා ගැනීම් රජයන් දෙකක් අතර සිදුවන ක්‍රියාවලියක් වන අතර, එය පෞද්ගලික පාර්ශ්වයක් මඟින් සිදු කළ නොහැක්කකි. එබැවින්, අදාළ වීසා කාණ්ඩය යටතේ රැකියා සඳහා විදේශගත වීමට පැමිණි පුද්ගලයන් ගුවන් තොටුපළේදී හරවා යැවීමට සිදුවිය.
(iii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත අනුව ලියාපදිංචිවීමට නොහැකි බැවින් රැකියා සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ විදේශගත වීමට නොහැක. E-8 වීසා යනු කෙටිකාලීන (මාස 5-8) ඍතුමය වීසා වන බැවින්, රැකියාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මුදල සහ අදාළ රැකියාව මඟින් කෙටි කාලයක් තුළ උපයා ගනු ලබන ආදායම සැලකීමේදී මෙමඟින් ලැබෙන ප්‍රතිලාභය පිරිවැයට සාපේක්ෂව අඩු අගයක් වේ. කාර්යාංශයේ විමර්ශනවලින් අනාවරණය වන පරිදි මෙම එක් ශ්‍රමිකයකුගෙන් රුපියල් 1,200,000ක් වැනි අධික මුදලක් අය කරගෙන අදාළ රැකියා සපයා දී ඇත. එම කාල පරිච්ඡේදයෙන් පසු ඔවුන් නැවත මව් රටට පැමිණිය යුතු අතර, ඉන්පසු ඊළඟ ඍතුවේ රැකියා සඳහා පිටත්වීම මෙහි ස්වභාවය වුවද, තමන් වියදම් කරන ලද මුදල ආවරණය කර ගැනීම සඳහා වලංගු වීසා කාලයෙන් පසුව නැවත මව් රටට නොපැමිණ නිතැතින්ම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් තවදුරටත් එරට රැඳී සිටීමේ අවදානමක් ඇති අතර, එය 2004 වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂිකව ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 6,000කට පමණ රැකියා අවස්ථා ලබාදෙන ශ්‍රී ලංකා ජනරජය හා කොරියානු ජනරජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම යටතේ ක්‍රියාත්මක වන රැකියා අවසර පත් ක්‍රමය (Employment Permit System) වෙත දැඩි අහිතකර බලපෑමක් සිදු විය හැකි අතර, එමඟින් ලබා දෙනු ලබන රැකියා කෝටාව අඩු කිරීම හෝ අත්හිටුවීමේ අවධානමක් මෙමඟින් ඇති කරනු ලබයි.
(iv) අනීතිකව දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කිරීමට උත්සාහ ගත් 07 දෙනෙකු සම්බන්ධයෙන් ඔවුන් විසින් ගෙවා ඇති සම්පූර්ණ මුදල නීතිමය ක්‍රියා මාර්ග තුළින් අදාළ ආයතනයෙන් අය කරදී ඇති අතර, එම ආයතනයේ බලපත්‍රය අත්හිටුවා ඇත. මෙම මුදල රුපියල් මිලියන 7.1ක් පමණ වන අතර, මෙලෙස මුදල් ගෙවා ඇති තවත් පාර්ශ්වයන් සිටී නම් නිසි ලෙස සාක්ෂි සහිතව එම අය කාර්යාංශයේ පැමිණිලි කරන්නේ නම්, එවැනි අයට ද අදාළ මුදල නීතිමය ක්‍රියා මාර්ග තුළින් අය කරදීමේ හැකියාවක් පවතී. මෙම වීසා කාණ්ඩය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රමිකයන් කොරියාව වෙත විදේශගත කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් සහ සංකල්ප පත්‍රිකාවක් (Concept Report) සකස් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks