පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
381/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් පාසලේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව, ගුරුවරුන් සංඛ්‍යාව සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ශ්‍රී ලංකාවේ ඇති පළාත් සභා පාසල් සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම එක් එක් පාසලේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව, ගුරුවරුන් සංඛ්‍යාව සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) පසුගිය රජය විසින් ජාතික පාසල් බවට පත් කර ඇති පළාත් සභා පාසල් සංඛ්‍යාව කොපමණද;
(vi) එම පාසල් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-08
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත.
(ii) එම එක් එක් පාසලේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව, ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 මඟින් ද,
ඒකාබද්ධ සේවයට අයත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඇමුණුම 03 මඟින්ද,
ඒකාබද්ධ නොවන සේවයට අයත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව ඇමුණුම 04 මඟින්ද,
ජාතික පාසල් වශයෙන් අනුමත කර ඇති නමුත් මේ දක්වා අනධ්‍යයන කාර්ය මණ්ඩලය අනුමත කර නොමැති, සේවා අවශ්‍යතාව මත කාර්ය මණ්ඩලය අනුයුක්ත කරන ලද ජාතික පාසල් ලැයිස්තුව ඇමුණුම 05 මඟින් ද ඉදිරිපත් කර ඇත.
(iii) ශ්‍රී ලංකාවේ ඇති පළාත් සභා පාසල් සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 06 මඟින් ඉදිරිපත් කර ඇත.
(iv) එම එක් එක් පාසලේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව, ගුරුවරුන් සංඛ්‍යාව සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 07 මඟින් ඉදිරිපත් කර ඇත.
(v) පසුගිය රජය විසින් ජාතික පාසල් බවට පත් කර ඇති පළාත් සභා පාසල් සංඛ්‍යාව 23කි.
(vi) 01. සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය යටතේ, ලෝක බැංකු ආධාර යටතේ, පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදාන යටතේ මෙම පාසල්වල ගොඩනැඟිලිවල සුළු අලුත්වැඩියා කටයුතු කිරීම.
02. අංක 54/2023 හා 2023.12.29 දිනැති අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයේ කරුණු අංක 8.0 ප්‍රකාරව ගුණාත්මක යෙදවුම් මිලදී ගැනීම සඳහා ප්‍රදාන ලබා දීම.
03. පාසල් පරිශ්‍රය තුළ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැඟිලි කඩා ඉවත් කිරීමට නිර්දේශ ලබා දීම.
04. සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ වැසිකිළි කැසිකිළි අලුත්වැඩියාව සඳහා මූල්‍ය ප්‍රදාන ලබා දීම හා නව වැසිකිළි පද්ධති ඉදිකිරීමට කටයුතු කිරීම.
05. ජාතික පාසල්වල අලුත්වැඩියා කිරීමෙන් නැවත ප්‍රයෝජනයට ගත හැකි මට්ටමේ පවතින යන්ත්‍ර සූත්‍ර, උපකරණ අලුත්වැඩියා කිරීමට මූල්‍ය ප්‍රදාන ලබා දීම.
06. අවදානම් තත්ත්වයේ පවතින ගස් ඉවත් කිරීම, අනාරක්ෂිත බැමි කඩා ඉවත් කිරීමට නිර්දේශ ලබා දීම.
07. විවිධ පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම. (උදාහරණ: අලි වැට ඉදිකිරීම)
08. ඩෙස්ක් පුටු හා කාර්යාලයීය උපකරණ ලබා දීම.
09. ආරක්ෂිත පැති බැමි ඉදිකිරීමට කටයුතු කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks