පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ආරක්ෂක අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය තුළ මේ වනවිට ඉගෙනුම ලබන ශිෂ්ය සංඛ්යාව, පූර්ණ කාලීන ආචාර්ය මණ්ඩලයේ සංඛ්යාව, අනධ්යයන කාර්ය මණ්ඩලයේ සංඛ්යාව සහ ශ්රී ලාංකික පුරවැසියන් නොවන ශිෂ්ය සංඛ්යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම විශ්වවිද්යාලයේ මේ වනවිට පවත්වාගෙන යනු ලබන ප්රථම උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා කවරේද;
(iii) විශ්වවිද්යාලය පවත්වාගෙන යාම සඳහා පසුගිය වර්ෂ 05 තුළ එක් එක් වර්ෂය සඳහා රජය විසින් ලබාදී ඇති මුදල් ප්රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ගාස්තු අය කරනු ලබන පාඨමාලා මඟින් මේ දක්වා ලැබූ සමස්ත ආදායම, විශ්වවිද්යාලයේ සමස්ත වියදමේ ප්රතිශතයක් ලෙස කොපමණද;
(v) විශ්වවිද්යාලය තවදුරටත් ප්රවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-11
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්යාංශය
ආරක්ෂක
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය |
සංඛ්යාව |
ඇමුණුම |
|
කෙඩෙට් නිලධාරින් |
815 |
1 |
|
මුදල් ගෙවීමේ පදනම මත බඳවා ගෙන ඇති ශිෂ්යයන් |
7,435 |
2 |
|
පූර්ණකාලීන ආචාර්ය මණ්ඩලය |
301 |
|
|
අධ්යයන සහායක කාර්ය මණ්ඩලය |
106 |
|
|
අනධ්යයන කාර්ය මණ්ඩලයේ සංඛ්යාව |
707 |
3 |
|
ශ්රී ලාංකික පුරවැසියන් නොවන විදේශීය කෙඩෙට් නිලධාරින් සංඛ්යාව |
66 |
4 |
|
විදේශීය ශිෂ්ය සංඛ්යාව |
109 |
5 |
|
ශ්රී ලාංකිය සම්භවයක් සහිත සුදුසුකම් සහිත විදේශීය ශිෂ්ය සංඛ්යාව |
142 |
6 |
සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් 1 සිට 6 දක්වා ඇමුණුම් සභාගත* කරනවා.
(ii) ප්රථම උපාධි පාඨමාලා ගණන 53කි. එය ඇමුණුම 7 ලෙස පහතින් දක්වා ඇත.
පශ්චාත් උපාධි පාඨමාලා ගණන 17කි. එය ඇමුණුම 8 ලෙස පහතින් දක්වා ඇත.
ඇමුණුම 08:
ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ පවත්වාගෙන යනු ලබන පශ්චාත් උපාධි පාඨමාලා:
1. පශ්චාත් උපාධි අධ්යයන පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්ය සංඛ්යාව : 564කි.
2. පශ්චාත් උපාධි පාඨමාලා:
(I) දර්ශනශූරි උපාධි පාඨමාලාව
(II) දර්ශනපති උපාධි පාඨමාලාව
(III) කළමනාකරණය පිළිබඳ විද්යාපති උපාධිය
(IV) පහසුකම් කළමනාකරණ ව්යාපාර පරිපාලනවේදී උපාධිය
(V) ආපදා අවදානම් අවම කිරීම සහ සංවර්ධනය පිළිබඳ විද්යාපති උපාධිය
(VI) විද්යුත් පාලනයේ ව්යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්රපති උපාධි පාඨමාලාව
(VII) නීතිපති උපාධි පාඨමාලාව
(VIII) ව්යාපාර නීතිය පිළිබඳ නීතිපති උපාධි පාඨමාලාව
(IX) ජාත්යන්තර නීතිය පිළිබඳ නීතිපති උපාධි පාඨමාලාව
(X) මහජන නීතිය පිළිබඳ නීතිපති උපාධි පාඨමාලාව
(XI) ඉලෙක්ට්රොනික සහ විදුලි සංදේශ ඉංජිනේරු විද්යාව පිළිබඳ විද්යාපති උපාධිය
(XII) විදුලි ඉංජිනේරු විද්යාව පිළිබඳ විද්යාපති උපාධිය
(XIII) සිවිල් සහ ව්යුහාත්මක ඉංජිනේරු විද්යාව පිළිබඳ විද්යාපති උපාධිය
(XIV) ජෛව වෛද්ය ඉංජිනේරු විද්යාව පිළිබඳ විද්යාපති උපාධිය
(XV) ව්යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය
(XVI) ආරක්ෂාව සහ උපාය මාර්ගික අධ්යයනය පිළිබඳ විද්යාපති උපාධිය
(XVII) උපායමාර්ගික අධ්යයනය සහ ජාත්යන්තර සබඳතා පිළිබඳ විද්යාපති උපාධිය
(iii)
|
වර්ෂය |
රජය විසින් ලබා දී ඇති මුදල් ප්රමාණය (රුපියල්) |
|
2021 |
1,735,000,000.00 |
|
2022 |
1,932,100,000.00 |
|
2023 |
2,027,286,000.00 |
|
2024 |
1,800,549,520.00 |
|
2025 |
2,211,275,217.36 |
|
2026 |
1,776,540,000.00 |
(iv) සියයට 49කි.
(v) ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය ජාතික හා ජාත්යන්තර මට්ටමේ උසස් අධ්යාපන, පර්යේෂණ විශ්වවිද්යාලයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීම හා ප්රවර්ධනය කිරීම සඳහා රජය විසින් ආරක්ෂක අමාත්යාංශය හරහා පියවර ගණනාවක් ගෙන ඇති අතර, එම කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කරමින් පවතී. ඒ අනුව, ප්රධාන වශයෙන් පහත සඳහන් පියවර ගෙන ඇත.
විශ්වවිද්යාලයේ අධ්යාපනික, පර්යේෂණ, පරිපාලන සහ භෞතික සම්පත් සංවර්ධනය සඳහා රජයේ අය වැය ප්රතිපාදන මඟින් අවශ්ය මූල්ය හා ආයතනික සහාය අඛණ්ඩව ලබා දීම.
ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා පමණක් සීමා නොවී, සිවිල් ශිෂ්යයන් සඳහාද උපාධි, පශ්චාත් උපාධි සහ අනෙකුත් වෘත්තීය අධ්යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා විශ්වවිද්යාලයට අවශ්ය සහාය ලබා දීම. එමෙන්ම, ජාතික සංවර්ධන අවශ්යතා සහ රැකියා වෙළෙඳපොළේ අවශ්යතාවන්ට අනුකූලව නවීන හා නැඟී එන ක්ෂේත්ර ආශ්රිත අධ්යයන වැඩසටහන් සංවර්ධනය කිරීමට සහාය ලබා දීම.
නව අධ්යයන ගොඩනැඟිලි, පන්ති කාමර, පර්යේෂණ පහසුකම්, නේවාසික පහසුකම් සහ අනෙකුත් අත්යවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්ය ප්රාග්ධන ප්රතිපාදන හා ආයතනික සහාය ලබා දීම.
ආරක්ෂක, තාක්ෂණික, වෛද්ය, ජාතික ආරක්ෂාව සහ අනෙකුත් උපායමාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත්රවල පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු ප්රවර්ධනය කිරීම සඳහා විශ්වවිද්යාලයේ පර්යේෂණ හැකියාවන් සහ පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම.
විදේශීය විශ්වවිද්යාල, ආරක්ෂක අධ්යාපන ආයතන සහ අනෙකුත් ජාත්යන්තර ආයතන සමඟ අධ්යාපනික හා පර්යේෂණ සහයෝගිතාව වර්ධනය කිරීම, ශිෂ්ය හා කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පර්යේෂණ සහ පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය පහසුකම් සැලසීම. එමෙන්ම විදේශීය ශිෂ්යයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විශ්වවිද්යාලයේ ජාත්යන්තර ප්රවේශය තවදුරටත් පුළුල් කිරීම.
සමුද්රීය අධ්යයන, ජාතික ආරක්ෂාව, තාක්ෂණය, වෛද්ය විද්යාව සහ අනෙකුත් උපායමාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත්රවල අධ්යයන හා පර්යේෂණ කටයුතු තවදුරටත් සංවර්ධනය කිරීම.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ වෛද්ය හා සෞඛ්ය සේවා පහසුකම් තවදුරටත් සංවර්ධනය කරමින්, අධ්යාපනික හා පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම ජාතික සෞඛ්ය අවශ්යතා සඳහාද එහි පහසුකම් ඵලදායී ලෙස යොදා ගැනීම.
විශ්වවිද්යාලයේ අධ්යාපනික හා වෘත්තීය වැඩසටහන්වල ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සහ අදාළ ජාතික හා ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව අධ්යාපනික ප්රමිතීන් හා තත්ත්ව සහතික කිරීමේ ක්රියාවලීන් ශක්තිමත් කිරීම.
හමුදාමය විනය හා සිවිල් උසස් අධ්යාපනය ඒකාබද්ධ වූ කොතලාවල ආරක්ෂක විද්යා පීඨයෙහි අනන්ය අධ්යාපනික ආකෘතිය තවදුරටත් ශක්තිමත් කරමින්, කෙඩෙට් නිලධාරින්ට මෙන්ම ගාස්තු ගෙවන සිවිල් ශිෂ්යයන්ටද උසස් තත්ත්වයේ අධ්යාපන අවස්ථා ලබා දීම.
ඉහත පියවර මඟින් ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ අධ්යාපනික, පර්යේෂණ සහ ජාත්යන්තර හැකියාවන් තවදුරටත් වර්ධනය කරමින්, එය ජාතික හා කලාපීය මට්ටමේ ප්රමුඛ උසස් අධ්යාපන ආයතනයක් බවට පත් කිරීම සඳහා රජය අඛණ්ඩව කටයුතු කරමින් සිටී.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2026-09-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks