පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
365/2024
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ හැර, අනෙකුත් ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ ආනයනය කිරීම සීමා කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් යටතේ තහනමක් පනවනු ලැබූ බවත්;
(ii) මෙම තහනම මඟින් ආනයනය කරන ලද කුරානයේ පිටපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වර්ෂයේ පවා මාස කිහිපයක ප්‍රමාදයන් ඇති කර තිබෙන බවත්;
(iii) මෙම අගතිගාමී තහනම මඟින් ඇති කෙරෙන ආගමික ග්‍රන්ථ මුදා හැරීමේ දීර්ඝ කාලීන ප්‍රමාදයන් හේතුවෙන් ඉස්ලාමීය ග්‍රන්ථ ආනයනකරුවන්ට තදබල දුෂ්කරතා ඇති වී තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් සීමාවන් ඉවත් කිරීමට රජය කඩිනම් පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-06
අසන ලද්දේ
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඉහත සඳහන් පරිදි තහනම් නියෝගයක් පනවා නොමැත.
එහෙත් 2019.04.21වන දින පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අනුව නියාමන ක්‍රියාවලියක් පමණක් සිදු වන බව ප්‍රකාශ කරමි.
(ii) අදාළ නියාමන ක්‍රියාවලියට අනුකූලව කටයුතු කරන්නේ නම් ග්‍රන්ථ ආනයනකරුවන්ට දුෂ්කරතා ඇති විය නොහැක.
(iii) එවන් ප්‍රමාදයන් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සිදු නොවේ. නියාමන ක්‍රියාවලිය යටතේ ඇති සමාලෝචන කමිටු සහතිකය ආරක්ෂක අමාත්‍යාංශ නිර්දේශයට යොමු කර පැය 48ක් ඇතුළත අනුමැතිය ලබා දේ.
(ආ) මෙරට ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අන්තවාදී ග්‍රන්ථ මෙරට තුළ නියාමනය කිරීම දැනට සිදු කරන අතර, කාලීනව පවතින තත්ත්ව සමාලෝචන ප්‍රතිඵලවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks