පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-20
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ - වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ - නිවාස 885කින් සමන්විතව ආදර්ශ ගම්මාන 40ක් ඉදිකර ඇත.
සටහන : මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන දෙකම එකක් වේ.
(ii) ඔව්.
එයින් නිවාස 270ක වැඩ සම්පූර්ණයෙන්ම නිම කර ඇති අතර, වැඩ අවසන් නොකරන ලද නිවාස සඳහා ප්‍රතිපාදන වෙන් වන ආකාරයට ඉතිරි නිවාසවල වැඩ අවසන් කිරීමට කටයුතු කරනු ලැබේ.
(iii) ඔව්.
වැඩ අවසන් කිරීමට ඇති ඉතිරි නිවාසවල වැඩ අදියරගතව ප්‍රමුඛතා පදනමක් මත ඉදිරි වර්ෂ 03ක පමණ කාලයක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙම වර්ෂය තුළ නිවාස 136ක් සහිත ආදර්ශ ගම්මාන 06ක වැඩ අවසන් කිරීම සඳහා කටයුතු යොදා ඇති අතර, මන්මුනෛයි බටහිර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 48කින් යුත් ආදර්ශ ගම්මාන 02ක් ද ඒ අතර වේ.
(iv) ඔව්.
මේ සම්බන්ධයෙන් දැනටමත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වෙත යෝජනා ලබා දී ඇති අතර, වැඩ අවසන් නොකළ නිවාස ඉදිකිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ඇති වැඩසටහනක් ලෙස කච්චේරියේ පස් අවුරුදු සැලැස්මට ද ඇතුළත් කර ඇත. [බාධා කිරීමක්]
(ආ) (i) ඔව්.
2026 වර්ෂයේදී මන්මුනෛයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආදර්ශ ගම්මාන 02ක ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු යොදා ඇත. වර්ෂ 03ක් වැනි කාල පරිච්ඡේදයක් තුළ
අර්ධ වශයෙන් ඉදිකර ඇති මෙම නිවාස සියල්ලෙහිම වැඩ අවසන් කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ඉල්ලා ඇති අතර, එම ප්‍රතිපාදන ලැබෙන පරිදි වාර්ෂිකව වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
(ii) ඔව්.
2025 වර්ෂයේදී ආදර්ශ ගම්මාන 8ක් සඳහා අනුමැතිය ලැබුණු අතර, ඒවායේ ඉදිකිරීම් කටයුතු නිම කර ඇත. එලෙසම, 2026 වසර සඳහා ද ආදර්ශ ගම්මාන 6ක නිවාස 136ක් සඳහා අනුමැතිය ලැබී ඇති හෙයින්, ඒවායේ ඉදිකිරීම් කටයුතු මේ වසර තුළ නිම කිරීමට බලාපොරොත්තු වේ. අනාගතයේදී ද ඉතිරි ගම්මානවල වැඩ නිම කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ නම්, ඒවායේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට ද හැකියාව ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. සරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks