පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
327/2024
ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පැවති කඩුවෙල, කොතලාවල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ‘පට හා සේද කර්මාන්ත ශාලාවක්’ තිබූ ඉඩමෙන් සී/ස ධර්මායතන ආරක්ෂණ සභාවට සහ වෙනත් පාර්ශ්ව වෙත ඉඩම් කොටස් නිදහස් කර තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) නිදහස් කරන ලද ඉඩම් කොටස් හැර ඉතිරි ඉඩම් ප්‍රමාණයෙන් නේවාසික කටයුතු සඳහා අන්සතු කර ඇති ඉඩම් කොටස් සංඛ්‍යාව;
(ii) මාර්ග හා රක්ෂිත සඳහා වෙන් කර ඇති ඉඩම් කොටස් සංඛ්‍යාව;
(iii) පොදු කටයුතු සඳහා වෙන් කර ඇති කොටස් සංඛ්‍යාව;
(iv) එම එක් එක් කොටසේ විශාලත්වය ඉඩම් මිනුම් ඒකක වර්ග ප්‍රමාණය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉහත (ආ)හි සඳහන් ඉඩම්, අන්සතු කර ඇති පදනම සහ කාල වකවානුව කවරේද;
(ii) එම අවස්ථාවේදී පර්චසයක වටිනාකම සහ වර්තමාන වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත (ආ)(ii)හි සඳහන් ඉඩම් කොටස් සලකුණු කර ඇති ඉඩම් සැලැස්ම ඉදිරිපත් කරන්නේද;
(iv) පොදු කටයුතු සඳහා ඇති ඉඩම් කොටස් වර්තමානයේ භාවිත කරනු ලබන අරමුණු කවරේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-22
අසන ලද්දේ
ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) 46කි.
(ii) 15කි.
(iii) 04කි.
(iv)
(2023හි කැබලි අංක 02, 03, 04 හා 05)
(ඇ) (i) නිවාස අරමුණු සඳහා අන්සතු කර ඇති අතර, 2000.08.27 දින ඉඩම් කොටස් බෙදා දීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියක් පවත්වා ඇත. ඊට අමතරව කම්කරු විනිශ්චය සභාවේ සභාපතිවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි 2007 වර්ෂයේදී ඉඩම් කොටස් බෙදා දීම සඳහා කටයුතු කර ඇත.
2000 වර්ෂයේ තක්සේරු වාර්තාව ඇමුණුම 01 වශයෙන් ඉදිරිපත් කරමි.
(ii) 2007 වසරට අදාළ රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව කැඳවා ඇති අතර, ඊට අදාළ වාර්තාව අමුණා ඇත. එම බිම් කොටස් බැහැර කර ඇති බැවින් ඒ සඳහා වර්තමාන වටිනාකම තක්සේරු කර ඇත.
* 2007 වර්ෂයේ තක්සේරු වාර්තාව ඇමුණුම 02 වශයෙන් ඉදිරිපත් කරමි.
(iii) ඔව්.
(ආ) (ii) හි සැලැස්ම අමුණා ඇත.
* පිඹුරු අංක 142 ඇමුණුම් 03 වශයෙන් ඉදිරිපත් කරමි.
ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.
(iv) මේ වන විට ක්ෂේත්‍රය නිදහස්ව පවතී.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks