E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0325/2026: Stock details of essential items identified in the health sector

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       රෝහල්වල දෛනික මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තීරණාත්මක අයිතම 15ක් සහ අත්‍යවශ්‍ය ලෙස හඳුනාගත් අයිතම 354ක් සම්බන්ධයෙන් වර්තමාන තොග තත්ත්වය;

(ii) එම අයිතම අතරින් සම්පූර්ණයෙන් තොග අවසන්වී ඇති අයිතම සහ මාස 02කට පමණක් ප්‍රමාණවත් තොග පවතින අයිතම වෙන් වෙන් වශයෙන්;

(iii) සැපයුම්කරුවන්ට ගෙවිය යුතු දින 60, 90, 120 සහ 150 ඉක්මවා ඇති හිඟ ගෙවීම්;

(iv) දින 60 ඉක්මවා ඇති හිඟ ගෙවීම් එලෙස ප්‍රමාද වීමට හේතු;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) විදුලිය, ජලය, ආහාර සහ රෙදි සේදීම සඳහා ගෙවීම්වල වර්තමාන තත්ත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) දේශීය නිෂ්පාදන සැපයුම්කරුවන්ට හිඟව පවතින, දින 60 ඉක්මවා ප්‍රමාදවී ඇති ගෙවීම් නිරවුල් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-07-21

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks