01

E   |     |  

 දිනය: 2025-01-22   පිළිතුර ලබා දී ඇත 

0324/2025: නිමි තේ සඳහා සෙස් බද්ද: 2024දී ඉපැයූ ආදායම

324/2024

ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ශ්‍රී ලංකාව අපනයනය කරනු ලබන නිමි තේ සඳහා සෙස් බද්දක් අය කරනු ලබන බව දන්නේද;

            (ii)      මේ වනවිට තේ කිලෝ ග්‍රෑම් එකක් සඳහා අය කරනු ලබන සෙස් බද්ද කොපමණද;

           (iii)      2024 වර්ෂයේදී එම සෙස් බද්ද මඟින් උපයන ලද ආදායම කොපමණද;

(iv) එම ආදායමෙන්, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ තේ පර්යේෂණ ආයතනය යන ආයතන වෙත ලබා දී ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත සඳහන් එක් එක් ආයතනය විසින් එම මුදල් වියදම් කර ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2025-01-22

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      තේ සඳහා පහත පරිදි සෙස් බද්ද අය කරනු ලබයි.

  • තේ තොග - bulk packaging - කිලෝග්‍රෑම් 10ට වැඩි ඇසුරුම් සඳහා සෙස් බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 10යි.
  • කිලෝග්‍රෑම් 10ට අඩු අගය එකතු කළ ඇසුරුම් - value-added packs - සඳහා සෙස් බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 4යි.
  • අපනයන සඳහා තේ කිලෝග්‍රෑම් 100ක් සඳහා Tea Medical Cess වශයෙන් ශත 35යි.
  • ආනයන තේ සඳහා CIF අගය මත සියයට 10ක ප්‍රතිශතයක සෙස් බද්දක් අය කරනු ලබයි.

(iii) ශ්‍රී ලංකා රේගුවෙන් ලබා ගත් දත්ත අනුව 2024 වර්ෂයේදී තේ සඳහා සෙස් බද්ද මඟින් උපයන ලද මුළු ආදායම රුපියල් 1,618,237,620.00ක් වේ.

සෙස් බද්ද (රු.)

ආනයන

අපනයන

8,538,154

1,609,699,466

(iv) සෙස් මුදල් ශ්‍රී ලංකා රේගුව විසින් එකතු කරන අතර එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කරනු ලබයි.

                        ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය යන ආයතන වෙත සෙස් බදු ආදායමෙන් මුදල් වෙන් කිරීමක් සිදු නොකෙරේ.

              (v)      අදාළ නොවේ.

(ආ)     අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks