පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
323/2024
ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකා පොලිසියේ, පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයක් තිබේද;
(ii) එසේ නම්, මේ වනවිට එම කොට්ඨාසයේ සිටින අශ්වයන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම සංඛ්‍යාව වයස් කාණ්ඩ අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයට ජීව අශ්වයන් 15දෙනෙකු ආනයනය කිරීම සඳහා LA/SJ/300/2024 දරන අංකය යටතේ ටෙන්ඩර් කැඳවා තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා ඉදිරිපත් වූ ටෙන්ඩර් සංඛ්‍යාව කොපමණද;
(iii) එම අශ්වයන් ආනයනය කිරීම සඳහා තෝරා ගන්නා ලද සැපයුම්කරු කවුරුන්ද;
(iv) ඉහත සඳහන් ටෙන්ඩරය අනුව එම අශ්වයින් 15දෙනා ආනයනය කිරීම සඳහා වැය කරනු ලබන මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-22
අසන ලද්දේ
ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 36කි.
|
අනු අංකය |
වයස් කාණ්ඩය - අවුරුදු |
අශ්වයින් සංඛ්‍යාව |
|
1 |
10-11 |
14 |
|
2 |
12-13 |
01 |
|
3 |
14-15 |
10 |
|
4 |
16-17 |
04 |
|
5 |
18-19 |
06 |
|
6 |
20-21 |
- |
|
7 |
22-23 |
01 |
(ආ) (i) ඔව්.
(ii) 01
(iii) මැජෙස්ටික් කම්පැනි ලංකා පුද්ගලික සමාගම.
(iv) රු. 138,944,973.80 (වැට් සහිත) මුදලක් වැය කිරීමට අපේක්ෂා කළ නමුත් කාර්යය සාධන බැඳුම්කරය ඉදිරිපත් කර ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීමට මැජෙස්ටික් කම්පැනි ලංකා පුද්ගලික සමාගම ඉදිරිපත් නොවන බැවින් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව කටයුතු කර අදාළ ප්‍රසම්පාදනය අවලංගු කිරීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කම්ටුව වෙත යොමු කිරීමට කටයුතු කරමින් ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks