පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-21
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) එම වැලි අළෙවි කරලා හලාවත වැවිලි සමාගම සඳහා ආදායමක් ලබා ගැනීම හා පොල් වගාව සඳහා පතස් නිර්මාණය කරලා පොල් වගාවේ ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම.
(iii) ඔව්, මෙතැනදී පරිසරය සම්බන්ධව යම් හානියක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා අදාළ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත අරමුණු ඉටු වෙලා නැහැ කියලා අමාත්‍යාංශය නිරීක්ෂණය කරලා තිබෙනවා. අයථා ගනුදෙනුවකුත් එතැනදී සිදු වී ඇති බවට නිරීක්ෂණය වෙලා තිබෙනවා. ඒ අනුව අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, සීමාසහිත හලාවත වැවිලි සමාගමේ පාලන අධිකාරියට අපි දැනුම් දීලා තිබෙනවා, එම ව්‍යාපෘතියේ කටයුතු අත්හිටුවා අදාළ පරීක්ෂණ කටයුතු කරන්න කියලා. ඒ තීන්දුව අරගෙන තිබෙනවා.
(ආ) (i) මේ සඳහා විස්තරාත්මක පිළිතුරක් තිබෙන්නේ.
සීමාසහිත හලාවත වැවිලි සමාගමට අයත් පොල් වතුවලින් පහත සඳහන් පරිදි වාර්ෂික ආදායම් උපයා ඇත.
|
වර්ෂය |
උපයන ලද පොල් ආදායම (රු.) |
උපයන ලද සමස්ත ආදායම (රු.) |
|
2019 |
348,349,082 |
506,641,013 |
|
2020 |
592,179,338 |
790,907,817 |
|
2021 |
801,718,449 |
1,210,896,497 |
|
2022 |
882,287,388 |
1,156,642,401 |
|
2023 |
756,680,740 |
993,707,915 |
(ii) එහෙම තොරතුරක් අපට වාර්තා වී නැහැ.
(iii) අදාළ නොවේ.
(iv) සීමාසහිත හලාවත වැවිලි සමාගමේ පොල් වතුවල පොල් අඩුවීම පහත පරිදි පෙන්වා දිය හැකිය.
|
වර්ෂය |
පොල් ඵලදාව (ගෙඩි) |
|
2019 |
14,993,952 |
|
2020 |
11,943,494 |
|
2021 |
14,715,763 |
|
2022 |
15,172,334 |
|
2023 |
11,728,576 |
ඒ සඳහා බලපා ඇති හේතු:
- සීමාසහිත හලාවත වැවිලි සමාගමට අයත් වතු කොට්ඨාස අතරින් වැඩි වතු කොට්ඨාස ප්‍රමාණයක් වියළි හා අතරමැදි තෙත් කලාප තුළ පිහිටා ඇත. එසේම වියළි කලාපයේ පිහිටා ඇති වතු සඳහා ප්‍රශස්ත වර්ෂාපතනය නොලැබීම වතුවල ඵලදාව අඩුවීමට බලපා ඇත. පොල් ගසේ ඵලදාව තීරණය කරන සාධක ගණනාවක් ඇති අතර, එහි ප්‍රධානතම සාධක උෂ්ණත්වය සහ වර්ෂාපතනය වුවද,
කොහොම නමුත්, 2023 වසරේ පොල් අස්වැන්න ගෙඩි මිලියන 11.7යි.
එය පසුගිය 2024 වසර වෙනකොට පොල් ගෙඩි මිලියන 10ට වඩා පහළට ඇවිල්ලා තිබෙනවා. ඒ විධියට පොල් අස්වැන්න විශාල වශයෙන් අඩුවෙලා තිබෙනවා.
ඒ වාගේම පොල් පළදාව අඩු වීමට හේතු විශාල ප්‍රමාණයක් තිබෙනවා.
- පසුගිය වසර 5ක කාලය තුළ සීමාසහිත හලාවත වැවිලි සමාගමට අයත් වතු කොට්ඨාසවල පොහොර යෙදීම නිසි පරිදි සිදු වී නොමැති අතර, මේ සඳහා කොවිඩ් වසංගතය, රට තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය සහ අධික ලෙස පොහොරවල මිල ගණන් ඉහළ යෑම යන කරුණු බලපා තිබෙනවා.
ඊට අමතරව දේශගුණික තත්ත්වයන්ද බලපා තිබෙනවා. කළමනාකාරිත්වයේ දුර්වලතා බලපා තිබෙනවා. ඒ වාගේම යම් යම් අකටයුතුකම් සහ දූෂිත ක්‍රියාවන් බලපා තිබෙනවා.
ජාතික මට්ටමින් සලකා බලන විට 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ ජාතික පොල් නිෂ්පාදනය සියයට 12කින් අඩු වී ඇත. එය එලෙසින්ම සීමාසහිත හලාවත වැවිලි සමාගමටද බලපා ඇත.
(v) සීමාසහිත හලාවත වැවිලි සමාගම විසින් පොල් වතුවල පොල් අස්වැන්න ඉහළ නැංවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග:
1. ප්‍රමිතියෙන් යුක්ත පොහොර නිසි පරිදි අදාළ වතු කොටස් සඳහා යෙදීම
2. ජල සංරක්ෂණ හා ජල සම්පාදන කටයුතු ක්‍රියාත්මක කිරීම
3. පැළ වගාවේ ගහන ඝනත්වය නිසි පරිදි පවත්වා ගැනීම
4. රෝග සහ පළිබෝධ නිසි පරිදි පාලනය කිරීම
5. නිසි පරිදි වල් මර්දනය කිරීම
6. තෙතමන සංරක්ෂණ කටයුතු සඳහා පොල් ලෙලි වැළලීම
7. ආවරණ බෝග වගා කිරීම
8. කෘෂිකාර්මික කටයුතු නිසි පරිදි අධීක්ෂණය කිරීම
9. කාබනික පොහොර යෙදීම
10. අතුරු බෝග වගා කිරීම
11. පාංශු ඛාදනය වැළැක්වීම
12. වසුන් යෙදීම
13. වර්ෂාවෙන් ලැබෙන ජලය එක්රැස් කිරීම
14. අදාළ වතු කොටස්වල කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදු කිරීම හා අස්වනු හානිය අවම කිරීම
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks