පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-22
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විදුලි සැපයුමෙහි ගුණාත්මකභාවය තීරණය කිරීම සඳහා විදුලි ඇනහිටීමක කාල සීමාව හෝ බලපෑමට ලක් වූ පාරිභෝගිකයින් සංඛ්‍යාව පමණක් නිවැරදි මිනුමක් ලෙස යොදා ගත නොහැකි බැවින්, විදුලිබල අංශයේ SAIDI (System Average Interruption Duration Index) සහ SAIFI (System Average Interruption Frequency Index) යන දර්ශක භාවිත කරයි.
විදුලි පාරිභෝගිකයන්හට ගුණාත්මක, විශ්වාසදායී විදුලි සැපයුමක් ලබා දීම සඳහා, මෙම දර්ශක ලංකා විදුලිබල මණ්ඩලය තුළ ද කාලානුරූපව අධීක්ෂණය කරන අතර, ත්‍රිකුණාමලය ප්‍රදේශය සහ කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ප්‍රදේශය තුළ එම අගයන් මෙසේයි.
|
දර්ශකය |
2023 |
|
2024 |
|
|
|
ත්‍රිකුණාමලය ප්‍රදේශය |
කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ප්‍රදේශය |
ත්‍රිකුණාමලය ප්‍රදේශය |
කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ප්‍රදේශය |
|
SAIDI (මසකට එක් ගනුදෙනුකරුවෙකුට සිදුවන සාමාන්‍ය බාධා කිරීම් පැය ගණන) |
5.62 |
1.81 |
5.36 |
1.34 |
|
SAIFI (මසකට එක් ගනුදෙනුකරුවෙකුට සිදුවන සාමාන්‍ය බාධා කිරීම් වාර ගණන)
|
3.09 |
1.328 |
2.18 |
0.876 |
විවිධ හේතූන් මත විදුලිය විසන්ධිවීම් සිදු වන අතර ඒවා නම්;
1. උපපොළ පෝෂක විසන්ධිවීම්.
2. අයහපත් කාලගුණය, අනතුරු වැනි හේතූන් මත සිදුවන බිඳ වැටීම්.
3. නඩත්තු කටයුතු හා නව ඉදිකිරීම් සඳහා සැලසුම් කර සිදු කරන විසන්ධි කිරීම්. (පාරිභෝගිකයෙකුහට මසකට දින දෙකක උපරිමයකට යටත්ව දින තුනකට පෙර පාරිභෝගිකයන් දැනුවත් කිරීමෙන් පසු සිදු කරයි.)
මෙසේ කින්නියා පාරිභෝගික සේවා බලප්‍රදේශය තුළ 2023 හා 2024 වසරවල විසන්ධිවීම් පහත පරිදි වේ.
|
වසර |
උපපොළ පෝෂක විසන්ධිවීම් |
බිඳ වැටීම් |
සැලසුම් කර සිදු කරන විසන්ධි කිරීම් |
|
2023 |
පැය 3 විනාඩි 4 |
පැය 363 විනාඩි 16 |
පැය 478 විනාඩි 26 |
|
2024 |
පැය 0 විනාඩි 36 |
පැය 213 විනාඩි 52 |
පැය 264 විනාඩි 19 |
සැලසුම් කර සිදු කරන විසන්ධි කිරීම් අවස්ථාවන්හිදී විකල්ප සැපයුම් මාර්ග භාවිත කර විදුලි පාරිභෝගිකයන්ට සිදු වන බලපෑම අවම කිරීමට කටයුතු කරන බැවින් බිඳ වැටුම් සහ සැලසුම් කළ විසන්ධි කිරීම් දීර්ඝ වුවද කින්නියා පාරිභෝගික සේවා බලප්‍රදේශය තුළ පාරිභෝගිකයින් බලපෑමට ලක් නොවේ.
(ii) ගුණාත්මක විදුලි සැපයුමක් ලබා දීම සඳහා ඉහත (i) සඳහන් පරිදි විදුලිය විසන්ධි කරන අතර, රජයේ විභාග පැවැත්වෙන කාල සීමාවන් හා විශේෂ අවස්ථාවන්වලදී හදිසි බිඳ වැටුමකදී හැරෙන්නට විදුලිය විසන්ධි කිරීමක් සිදු කරනු නොලබයි.
(iii) ඉහත (අ) (i) පිළිතුර අදාළ වේ.
(iv) ඉහත (අ) (i)න් පිළිතුරු සපයා ඇත.
(v) ඉහත (අ) (i)න් පිළිතුරු සපයා ඇත.
(ආ) (i) පිළිගනිමි. සමහර ප්‍රදේශවල එසේ ක්‍රියාත්මක නොවේ.
(ii) එසේ බිල්පත් ඉල්ලුම් කරන විදුලි පාරිභෝගිකයන් වෙත ලිඛිත සටහනක් ලබා දීමට හා ඉදිරියේදී එවැනි විදුලි පාරිභෝගිකයන් වෙත බිල්පත් සටහනක් (A hang card) මනුව අසල රඳවා තැබීමට ද කටයුතු සූදානම් කර ඇත.
(iii) ඉහත (ii) සඳහන් පරිදි කටයුතු කෙරේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks