E   |     |  

 දිනය: 2025-04-24   පිළිතුර ලබා දී ඇත 

0310/2025: වී අලෙවි මණ්ඩලය: වී මිලදී ගැනීම

310/2024

ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       වී අලෙවි මණ්ඩලය ස්ථාපිත කරන ලද දිනය කවරේද;

            (ii)       එම මණ්ඩලය විසින් පසුගිය වර්ෂ 3 තුළ එක් එක් දිස්ත්‍රික්කයෙන් මිලට ගන්නා ලද වී තොග ප්‍රමාණය සහ වටිනාකම වෙන් වෙන් වශයෙන්  කවරේද;

(iii) එක් එක් දිස්ත්‍රික්කය තුළ වී මිලට ගැනීම සඳහා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

(iv) එක් එක් දිස්ත්‍රික්කය තුළ ඇති වී ගබඩා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; 

(v) එක් එක් දිස්ත්‍රික්කයේ මුළු වී අස්වැන්නෙන් රජය විසින් වාර්ෂිකව මිලට ගනු ලබන වී ප්‍රමාණ‍යෙහි ප්‍රතිශතය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පසුගිය වර්ෂ 3 මුළුල්ලේ රාජ්‍ය බැංකු විසින් කුඩා හා මහා පරිමාණ වී මෝල් හිමියන් වෙත සපයා ඇති මුදල් ප්‍රමාණය කොපමණ‍ද;

(ii) අදාළ කාලපරිච්ඡේදය තුළ එම මෝල් හිමියන් විසින් මිලට ගන්නා ලද වී ප්‍රමාණය කොපමණද;

(iii) එම මෝල් හිමියන්ගේ නම් සහ ඔවුන් විසින් ඉහත දක්වන ලද කාලපරිච්ඡේදය තුළ මිලට ගන්නා ලද වී තොගවල ප්‍රමාණය හා වටිනාකම කොපමණද;

(iv) වී සහල් බවට පත්කර බෙදා හරිනු පිණිස ක්‍රමවේදයක් දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කරන්නේද;

යන්නත් වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නො එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-04-24

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1971 මාර්තු 17වන දින.

 

(ii)           

අනු අංකය  

දිස්ත්‍රික්කය  

පසුගිය වර්ෂ 3 සඳහා මිලදී ගත් වී ප්‍රමාණය (මෙ.ටො)

2022

2023

2024

1

අම්පාර

  13,783.90

248.464

1,396.443

2

මහනුවර

        65.80

-

-

3

බදුල්ල

          -

-

-

4

පොළොන්නරුව

-

-

5,305.94 

අනු අංකය  

දිස්ත්‍රික්කය  

පසුගිය වර්ෂ 3 සඳහා මිලදී ගත් වී ප්‍රමාණය (මෙ.ටො)

2022

2023

2024

5

අනුරාධපුරය

   7,326.78

-

-

6

කුරුණෑගල

 12,958.73

-

-

7

පුත්තලම

   2,148.09

-

-

8

ගම්පහ

   1,122.76

-

-

9

මාතලේ

   3,084.34

-

-

10

හම්බන්තොට

   1,142.38

1,716.73

1,011.593

11

මොනරාගල

      378.84

-

   165.262

12

රත්නපුර

      222.25

     94.97

   184.227

13

මාතර

        -

-

-

14

ගාල්ල

          3.04

-

-

15

කිළිනොච්චිය

   6,389.43

-

-

16

මුලතිව්

   5,617.11

         7.4

-

17

වව්නියාව

   7,446.51

-

-

18

යාපනය

   1,926.58

-

-

19

මන්නාරම

   2,551.68

-

-

20

මඩකලපුව

   3,738.33

     86.36

-

21

ත්‍රිකුණාමලය

   3,148.32

-

-

ප්‍රමාණය (මෙ.ටො.)

 78,360.81

2,153.924

2,757.525

මුළු වටිනාකම (මිලියන)

   6,747.23

   204.635

292.636

(iii) 2024/25 මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා විවෘත කර ඇති, ස්ථාපිත කර ඇති ගබඩා පිළිබඳව කලාප මට්ටමින් මා කියන්නම්, ගරු මන්ත්‍රීතුමා. 

 

 

කලාපය

දිස්ත්‍රික්කය

වී මිල දී ගැනීම සඳහා විවෘත කර ඇති ගබඩා සංඛ්‍යාව

01

පොළොන්නරුව

පොළොන්නරුව

20

02

දකුණ

හම්බන්තොට, රත්නපුර, මොනරාගල

19

03

නැඟෙනහිර

මඩකලපුව, ත්‍රිකුණාමලය

10

04

අනුරාධපුර

අනුරාධපුරය, මාතලේ

27

05

අම්පාර

නුවර, බදුල්ල, අම්පාර

26

06

උතුර

කිලිනොච්චි, වවුනියාව, මුලතිව්, යාපනය, මන්නාරම

12

07

වයඹ

කුරුණෑගල, පුත්තලම, මාතලේ, ගම්පහ

19

මුළු එකතුව

133

(iv)

 

දිස්ත්‍රික්කය

ගබඩා සංඛ්‍යාව

1

කුරුණෑගල

19

2

පුත්තලම

7

3

මාතලේ

9

4

ගම්පහ

4

5

ත්‍රිකුණාමලය

25

6

මඩකලපුව

10

7

මොනරාගල

9

8

රත්නපුර

8

9

හම්බන්තොට

19

10

ගාල්ල

1

11

මාතර

1

12

අම්පාර

65

13

බදුල්ල

7

14

මහනුවර

9

15

අනුරාධපුරය

69

16

පොළොන්නරුව

57

17

කිලිනොච්චි

8

18

වවුනියාව

7

19

මුලතිව්

14

20

මන්නාරම

4

21

යාපනය

1

මුළු එකතුව

353

(v)

අනු අංකය

දිස්ත්‍රික්කය

2022 වසරේ මිල දී ගත්  වී ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස (%)

2023 වසරේ මිල දී ගත් වී ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස (%)

1

කොළඹ

0.00

0.00

2

ගම්පහ

2.34

0.00

3

කළුතර

0.00

0.00

4

නුවර

0.12

0.00

5

මාතලේ

3.37

0.00

6

නුවරඑළිය

0.00

0.00

7

ගාල්ල

0.01

0.00

8

මාතර

0.00

0.00

9

හම්බන්තොට

0.44

0.53

10

යාපනය

12.83

0.00

11

මන්නාරම

4.35

0.00

12

වවුනියාව

11.51

0.00

13

මුලතිව්

8.48

0.01

14

කිලිනොච්චි

7.31

0.00

15

මඩකලපුව

2.21

0.03

16

අම්පාර

3.11

0.04

17

ත්‍රිකුණාමලය

1.66

0.00

18

කුරුණෑගල

0.00

0.00

19

පුත්තලම

3.02

0.00

20

අනුරාධපුර

1.76

0.00

21

පොළොන්නරුව

1.31

0.00

22

බදුල්ල

0.00

0.00

23

මොනරාගල

0.25

0.00

24

රත්නපුර

0.32

0.11

25

කෑගල්ල

0.00

0.00

(ආ)         (i)        2022 වර්ෂය සඳහා ඉහත ණය වැඩසටහන ක්‍රියාත්මක කර නැත.  2023 සහ 2024 වර්ෂවල තොරතුරු පහත පරිදි වේ.

 

කන්නය  

ලංකා බැංකුව

මහජන බැංකුව

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ලබා දී ඇති මුළු ණය මුදල  (රුපියල් මිලියන)

ලබා දී ඇති මුළු ණය මුදල  (රුපියල් මිලියන)

ලබා දී ඇති මුළු ණය මුදල  (රුපියල් මිලියන)

2023 යල

329.7

137.5

-*

2023/24 මහ

1,042

348

37

2024 යල

2,389

480

42

           * 2023 යල කන්නයේදී මෙම වැඩසටහන ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා පමණක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 2023 යල කන්නයේදී මෙම වැඩසටහන සඳහා සම්බන්ධ නොවීය.

              (ii)     

 

කන්නය  

ලංකා බැංකුව

මහජන බැංකුව

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

මිල දී ගත් වී ප්‍රමාණය  (මෙට්‍රික් ටොන්)

මිල දී ගත් වී ප්‍රමාණය  (මෙට්‍රික් ටොන්)

මිල දී ගත් වී ප්‍රමාණය  (මෙට්‍රික් ටොන්)

2023 යල

3,324

1,640

-*

2023/24 මහ

9,398

2,863

410

2024 යල

21,438

4,084

384

           * 2023 යල කන්නයේදී මෙම වැඩසටහන ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා පමණක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 2023 යල කන්නයේදී මෙම වැඩසටහන සඳහා සම්බන්ධ නොවීය.

 

            (iii)      එම මෝල්හිමියන්ගේ නම් ඇමුණුම් මඟින් දක්වා ඇත:

                          2023 යල කන්නය - ඇමුණුම 01

                          2023/24 මහ කන්නය - ඇමුණුම 02

2024 යල කන්නය - ඇමුණුම 03

නමුත් ඔවුන් විසින් ඉහත දක්වන කාල පරිච්ඡේදය තුළ මිලට ගන්නා ලද වී තොගවල ප්‍රමාණය හා  වටිනාකම පිළිබඳ තොරතුරු සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැත.

ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරනවා.

 

ගරු මන්ත්‍රීතුමනි, මෙම ඇමුණුම්වල නම් වට්ටෝරුවක් තිබෙනවා. ඒවා සොයලා තමයි කියන්න වෙන්නේ. ඒ සියල්ල මා සභාගත කළ ඇමුණුම්වල සඳහන් වෙනවා.

             (iv)      ඔව්.

                        2021/22 මහ කන්නයේ සිට වී අලෙවි මණ්ඩලයේ කලාප හරහා ගොවීන්ගෙන් මිලට ගන්නා ලද වී තොග සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හරහා කෙටුම් කුලී ගෙවා සහල් බවට පත්කර සතොස හරහා දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන ඉදිරියේදී රජයේ මැදිහත්වීමක් හරහා සිදු කළ හැකිය.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks