පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-17
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) එක් එක් දිස්ත්‍රික්කය තුළ පිහිටි ජාතික හා පළාත් පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහතින් දැක්වේ.
(ii)
|
|
මුළු ගුරුවරුන් සංඛ්‍යාව |
මුළු විදුහල්පතිවරුන් සංඛ්‍යාව |
|
ජාතික පාසල් |
43,300 |
1,573 |
|
පළාත් පාසල් |
194,487 |
10,994 |
|
එකතුව |
237,787 |
12,567 |
(iii) මෙම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා වැටුප් හා පාරිශ්‍රමික වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් මාසිකව හා වාර්ෂිකව වැය වන මුළු මුදල පහතින් දැක්වේ.
(iv) රජයේ ගුරුවරයෙකුගේ සාමාන්‍ය මාසික වැටුප මෙසේයි. [බාධා කිරීමක්] ගරු මන්ත්‍රීතුමා, මම ඒ ගැන කියන්නම්.
ශ්‍රී ලංකා ගුරු සේවය
1 පන්තිය, 2 පන්තිය, (I ශ්‍රේණිය), 2 පන්තිය (II ශ්‍රේණිය) නිලධාරින් සඳහා
වැටුප් කේතය: (GE 2 -2025)
වැටුප් පරිමාණය: 66,880-10x1490-7x2400-20x2940-157,380
1 පන්තියේ ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප - රු. 98,580
2 පන්තිය (I ශ්‍රේණිය) ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප - රු. 81,780
2 පන්තිය (II ශ්‍රේණිය) ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප - රු. 66,880
3 පන්තිය- I (අ) ශ්‍රේණිය, 3 පන්තිය- I (ආ) ශ්‍රේණිය, 3 පන්තිය - I (ඇ) ශ්‍රේණිය සහ 3 පන්තිය - II ශ්‍රේණිය නිලධාරින් සඳහා
වැටුප් කේතය: (GE 1-2025)
වැටුප් පරිමාණය :
53,060 - 6 x 800 - 7 x 940 - 2 x 1,080 - 66,600
3 පන්තිය - I (අ) ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප - රු. 64,440
3 පන්තිය - I (ආ) ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප - රු. 61,620
3 පන්තිය - I (ඇ) ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප - රු. 57,860
3 පන්තිය - II ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප - රු. 53,060
(අංක 10/2025 හා 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය උපලේඛන 1, ඇමුණුම I, උපලේඛන II - ඇමුණුම II හා පිටු අංක 49 - ඇමුණුම III ලෙස සභාගත* කරමි.)
(ආ) (i) ඔව්.
2024.12.31 දිනට සියලුම ජාතික හා පළාත් පාසල්හි ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.
|
පළාත් පාසල්/ ජාතික පාසල් |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
|
ජාතික පාසල් |
1,497 |
|
|
පළාත් පාසල් |
බස්නාහිර |
4,143 |
|
|
දකුණ |
2,566 |
|
|
මධ්‍යම |
7,300 |
|
|
වයඹ |
3,614 |
|
|
ඌව |
3,177 |
|
|
උතුරු මැද |
2,374 |
|
|
නැඟෙනහිර |
6,051 |
|
|
සබරගමුව |
5,719 |
|
|
උතුර |
3,326 |
|
එකතුව |
39,767 |
|
සටහන: අධ්‍යාපන චක්‍රලේඛ 06/2021 අනුව අනුමත ගුරු පුස්තකාල සඳහා පවතින පුරප්පාඩු 2,464 ප්‍රමාණය ඉවත් කර ඇත. (ඉදිරියට එම තනතුර සඳහා ගුරු සේවයේ නිලධාරින් බඳවා නොගැනීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් මත.)
(ii) 2020-2022 කණ්ඩායමේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් 3,987ක් සඳහා ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා පහත පරිදි ගුරු පත්වීම් 2025.05.02 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇත.
|
|
පත්වීම් සංඛ්‍යාව |
||
|
|
සිංහල මාධ්‍ය |
දෙමළ මාධ්‍ය |
ඉංග්‍රීසි මාධ්‍ය |
|
ජාතික පාසල් |
968 |
345 |
381 |
|
පළාත් පාසල් |
1,134 |
861 |
298 |
|
|
2,102 |
1,206 |
679 |
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අදාළව 2023.01.27 දිනැති 2317 දරන ගැසට් ගැසට් පත්‍රය නිකුත් කරන ලද නමුත්, එම ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩු හේතුවෙන්, 2023.03.25 දින පැවැත්වීමට නියමිත වූ විභාගය පැවැත්වීම අතුරු නියෝගයක් මත තාවකාලිකව නතර කර ඇති බැවින්, මේ දක්වා එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සිදු කිරීමට නොහැකි වී ඇත. අනෙකුත් උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට ද ඉන් බාධාවක් වී ඇත.
මේ නිසා එම ගැසට් නිවේදනය මඟින් බඳවා ගැනීමට අපේක්ෂිත වූ 26,742ක ගුරු පුරප්පාඩු ප්‍රමාණයක් අවුරා තැබීමට සිදුවන අතර, පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර, එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
එමෙන්ම, අංක අමප/24/0693/601/047 හා 2024.04.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව "සැමට ඉංග්‍රීසි" වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරු 2,500ක් බඳවා ගැනීමට ද නියමිතය.
තවද, දිවයිනේ වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුරු සහායකයන් බඳවා ගැනීමට අදාළව අංක 2024.06.14 දිනැති 2389 දරන ගැසට් නිවේදනය නිකුත් කරන ලද අතර, ඒ අනුව 2024.08.12 දින පැවැත්වීමට නියමිතව තිබූ බඳවා ගැනීමේ තරග විභාගයට අදාළව නඩු අංක CA (Writ) 519/2014 යටතේ අභියාචනාධිකරණයේ නඩු පැවරීම හේතුවෙන් අධිකරණය විසින් 2024.08.09 දින අදාළ තරග විභාගය පැවැත්වීමට අතුරු තහනම් නියෝගයක් පනවා ඇත. එම නඩුව අවසන් වූ පසු එම බඳවා ගැනීම් සම්බන්ධයෙන්ද ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
(iii) ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100ට වඩා අඩු සංඛ්‍යාවක් සිටින පාසල් සංඛ්‍යාව 3,144කි.
(iv) එම පාසල්වල නම් දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ඇ) (i) පසුගිය වර්ෂ පහ තුළ රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ඇතුළත් කළ ශිෂ්‍ය සංඛ්‍යාව පහත පරිදි වේ.
|
වර්ෂය |
පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගනු ලැබූ (රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ පිරිවෙන්) |
|
2023 |
298,959 |
|
2022 |
303,868 |
|
2021 (රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල පමණක්) |
315,363 |
|
2020 (රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල පමණක්) |
330,571 |
|
2019 (රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල පමණක්) |
343,912 |
(ii) මීළඟ වර්ෂ පහ තුළ රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ඇතුළත් වෙතැයි පුරෝකථනය කරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව පහත පරිදි වේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks