පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
305/2024
ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති රජයට අයත් විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් විශ්වවිද්‍යාලයේ ඇති පීඨ සංඛ්‍යාව සහ එක් එක් පීඨයේ සිටින සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) රජයේ විශ්වවිද්‍යාලයක එක් සිසුවෙකු සඳහා වැය කරන සාමාන්‍ය වාර්ෂික පිරිවැය සහ එක් එක් විෂය ක්ෂේත්‍රයට අනුව උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කිරීම සඳහා වැය වන මුළු පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ශ්‍රී ලංකාවේ ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද;
(v) එක් එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) එක් පෞද්ගලික විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු සඳහා වැය වන මුළු පිරිවැය සහ එක් එක් විෂය ක්ෂේත්‍රයට අනුව උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කිරීම සඳහා වැය වන මුළු පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එක් එක් රජයේ විශ්වවිද්‍යාලයේ සිටින මහාචාර්යවරුන් සංඛ්‍යාව සහ මහාචාර්යවරුන්ගේ මුළු සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් රජයේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම සඳහා වැය වන මුළු පිරිවැය කොපමණද;
(iii) ඉහත එක් එක් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු සඳහා වැයවන මුළු පිරිවැය කොපමණද;
(iv) එක් එක් රජයේ විශ්වවිද්‍යාලයේ වත්කම්වල මුළු වටිනාකම කොපමණද;
(v) ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ඉහත එක් එක් විශ්වවිද්‍යාලයට හිමි ස්ථානය කවරේද;
යන්නත් එතුමිය වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-21
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල 17කි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය යටතේ විශ්වවිද්‍යාල 02කි. (ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය)
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල 17හි මුළු පීඨ සංඛ්‍යාව 122කි.
|
විශ්වවිද්‍යාලය/උසස් අධ්‍යාපන ආයතනය |
පීඨ සංඛ්‍යාව |
|
කොළඹ විශ්වවිද්‍යාලය |
10 |
|
පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
9 |
|
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
11 |
|
කැලණිය විශ්වවිද්‍යාලය |
7 |
|
මොරටුව විශ්වවිද්‍යාලය |
6 |
|
යාපනය විශ්වවිද්‍යාලය |
12 |
|
රුහුණ විශ්වවිද්‍යාලය |
10 |
|
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය |
6 |
|
නැඟෙනහිර විශ්වවිද්‍යාලය |
6 |
|
ත්‍රිකුණාමල මණ්ඩපය |
3 |
|
අග්නිදිග විශ්වවිද්‍යාලය |
6 |
|
රජරට විශ්වවිද්‍යාලය |
6 |
|
සබරගමුව විශ්වවිද්‍යාලය |
8 |
|
වයඹ විශ්වවිද්‍යාලය |
6 |
|
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය |
5 |
|
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය |
4 |
|
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය |
4 |
|
වවුනියා විශ්වවිද්‍යාලය |
3 |
|
පීඨ |
සිසුන් ගණන |
|
බෞද්ධ අධ්‍යයන පීඨය |
245 |
|
භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨය |
225 |
|
පීඨ |
සිසුන් ගණන |
|
භාෂා අධ්‍යයන පීඨය |
272 |
|
බෞද්ධ අධ්‍යයන පීඨය |
316 |
( 2019 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වූ සිසුන්ගෙන් දැනට සක්‍රිය තත්ත්වයේ ඇති සිසුන් ගණන පදනම් කරගෙන ඇත.)
(iii) · විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාලයක එක් සිසුවෙකු සඳහා වැය කරන සාමාන්‍ය වාර්ෂික පිරිවැය (2022 වර්ෂය සඳහා) රුපියල් 405,313.00කි.
· විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාලයක එක් එක් විෂය ක්ෂේත්‍රය අනුව උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කිරීම සඳහා වැය වන ඒකක පුනරාවර්තන වියදම
|
පීඨ/අධ්‍යයන පාඨමාලාව |
ඒකක පුනරාවර්තන වියදම 2022 වර්ෂය සඳහා |
|
කලා |
341,665.00 |
|
අධ්‍යාපන |
492,344.00 |
|
නීතිය |
273,037.00 |
|
සෞන්දර්ය |
413,482.00 |
|
කළමනාකරණ හා වාණිජ්‍යය |
260,967.00 |
|
ඉංජිනේරු විද්‍යාව |
526,305.00 |
|
වාස්තු විද්‍යාව |
371,669.00 |
|
තොරතුරු තාක්ෂණය |
345,449.00 |
|
වෛද්‍ය විද්‍යාව |
818,583.00 |
|
දන්ත ශල්‍ය විද්‍යාව |
1,352,947.00 |
|
පශු වෛද්‍ය විද්‍යාව |
1,372,710.00 |
|
කෘෂිකර්මය |
579,495.00 |
|
විද්‍යාව |
428,582.00 |
|
සම සෞඛ්‍ය |
438,114.00 |
|
තාක්ෂණවේදය |
267,054.00 |
|
දේශීය වෛද්‍ය විද්‍යාව |
544,994.00 |
|
සාමාන්‍යය |
405,313.00 |
මෙය වැඩිවීමක් සිද්ධ වෙන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීමත් එක්කයි.
· ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ එක් එක් විෂය ක්ෂේත්‍රයට අනුව උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කිරීම සඳහා වැය වන මුළු පිරිවැය රුපියල් 2,960,013.00කි.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2024 වර්ෂය සඳහා උපාධි පාඨමාලා සම්පූර්ණ කිරීම සඳහා එක් සිසුවෙකුට වැය වන පිරිවැය රුපියල් 927,257.00කි. (ක්ෂය හා සේවා පාරිතෝෂික දීමනා අඩු කළ පසු)
ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වසර තුනක සාමාන්‍ය උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට එක් සිසුවෙක් සඳහා වැය වන මුදල රුපියල් 2,954,868.00කි. (ක්ෂය හා සේවා පාරිතෝෂික වෙන් කිරීම යනාදී මූල්‍ය නොවන වියදම් මෙම පිරිවැයට අන්තර්ග්‍රහණය කර ඇත.)
සාගර විශ්වවිද්‍යාලයේ එක් සිසුවෙකු සඳහා වැය කරන සාමාන්‍ය වාර්ෂික පිරිවැය රුපියල් 167,000.00ක් වන අතර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා එක් සිසුවෙකු සඳහා වැය කරන සාමාන්‍ය වාර්ෂික පිරිවැය රුපියල් 140,316.74කි.
සාගර විශ්වවිද්‍යාලයේ හා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ එක් එක් විෂය ක්ෂේත්‍රයට අනුව උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කිරීම සඳහා වැය වන මුළු පිරිවැය වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ එක් සිසුවෙකු සඳහා වැය කරන සාමාන්‍ය වාර්ෂික පිරිවැය (2024 වර්ෂයට අනුව) රුපියල් 548,766.00කි.
එම විශ්වවිද්‍යාලයේ එක් එක් විෂය ක්ෂේත්‍රයට අනුව උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කිරීම සඳහා වැය වන මුළු පිරිවැය වෙන් වෙන් වශයෙන් ඇමුණුම 04 මඟින් ඉදිරිපත් කර ඇත.
iv. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ ප්‍රතිපාදන අනුව 'විශ්වවිද්‍යාල' නාමය යොදා ගත හැක්කේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මඟින් ස්ථාපිත කර ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා පමණි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල නොමැති අතර 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වන වගන්තිය යටතේ උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා විසින් උසස් අධ්‍යාපන ආයතන, උපාධි පිරිනැමීමේ ආයතන ලෙස පිළිගනු ලැබීමට බලතල පවතින අතර, ඒ අනුව පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතන 28ක් මේ වන විට පවතී.
v. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වන වගන්තිය යටතේ දැනට පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතන 28හි දේශීයව ලියාපදිංචි වී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව ඇමුණුම 05 මඟින් ඉදිරිපත් කර ඇත.
vi. මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන මෙම උපාධි පිරිනැමීමේ ආයතන වෙත වෙන් කිරීමක් සිදු නොවන අතර උපාධි පිරිනැමීමේ ආයතන සඳහා අනුමැතිය ලබා දීමට අවම නිර්ණායක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, අවම නිර්ණායක සපුරන ආයතන සඳහා උපාධි පිරිනැමීමේ බලය ලබා දෙයි. එසේ වුවද, එක් එක් ආයතන සිසුන් සඳහා ලබා දෙන පහසුකම් හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් ප්‍රමාණයන් විවිධ මට්ටම්වල පවතින බැවින්, එක් ශිෂ්‍යයෙකු සඳහා ඔවුන් වැය කරන පිරිවැය ආයතනයෙන් ආයතනයට හා පාඨමාලාවෙන් පාඨමාලාවට වෙනස් අගයක් ගනී. ඔවුන්ගේ වාර්ෂික වාර්තා පමණක් අප අංශයේ අධීක්ෂණයට ලක් කරනු ලැබේ. එබැවින් විමසන ලද තොරතුරු අමාත්‍යාංශය සතු නොවේ.
(ආ) (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවල සිටින මුළු මහාචාර්යවරු සංඛ්‍යාව 1,409කි. එම විස්තර වෙන් වෙන් වශයෙන් ඇමුණුම 06 මඟින් ඉදිරිපත් කර ඇත.
(ii)
There
|
විශ්වවිද්‍යාලය |
ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන (2023) |
පුනරාවර්තන වියදම රුපියල් මිලියන (2023) |
|
කොළඹ විශ්වවිද්‍යාලය |
1,196 |
7,186 |
|
පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
773 |
9,560 |
|
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
3,168 |
6,954 |
|
කැලණිය විශ්වවිද්‍යාලය |
2,974 |
6,157 |
|
මොරටුව විශ්වවිද්‍යාලය |
634 |
4,409 |
|
යාපනය විශ්වවිද්‍යාලය |
649 |
4,089 |
|
රුහුණ විශ්වවිද්‍යාලය |
1,451 |
4,754 |
|
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය |
670 |
3,855 |
|
නැඟෙනහිර විශ්වවිද්‍යාලය |
281 |
2,434 |
|
අග්නිදිග විශ්වවිද්‍යාලය |
273 |
1,906 |
|
රජරට විශ්වවිද්‍යාලය |
481 |
2,565 |
|
සබරගමුව විශ්වවිද්‍යාලය |
900 |
2,697 |
|
වයඹ විශ්වවිද්‍යාලය |
626 |
2,187 |
|
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය |
336 |
1,451 |
|
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය |
227 |
1,352 |
|
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය |
242 |
730 |
|
වවුනියා විශ්වවිද්‍යාලය |
213 |
641 |
2024 - රුපියල් 505,711,057.00කි.
2023 - රුපියල් 443,957,829.00කි.
පුනරාවර්තන වියදම් 2024 වර්ෂයට රුපියල් මිලියන 565කි.
(iii)
|
විශ්වවිද්‍යාලය/උසස් අධ්‍යාපන ආයතනය |
ඒකක පුනරාවර්තන වියදම රුපියල් (2022 වර්ෂය සඳහා) |
|
පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
714,662.00 |
|
කොළඹ විශ්වවිද්‍යාලය |
450,438.00 |
|
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
404,072,00 |
|
කැලණිය විශ්වවිද්‍යාලය |
363,907.00 |
|
මොරටුව විශ්වවිද්‍යාලය |
416,704.00 |
|
යාපනය විශ්වවිද්‍යාලය |
352,309.00 |
|
රුහුණ විශ්වවිද්‍යාලය |
391,745.00 |
|
නැඟෙනහිර විශ්වවිද්‍යාලය |
352,741.00 |
|
අග්නිදිග විශ්වවිද්‍යාලය |
300,679.00 |
|
රජරට විශ්වවිද්‍යාලය |
299,821.00 |
|
සබරගමුව විශ්වවිද්‍යාලය |
338,021.00 |
|
වයඹ විශ්වවිද්‍යාලය |
338,965.00 |
|
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය |
323,504.00 |
|
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය |
440,808.00 |
|
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය |
693,056.00 |
|
වවුනියා විශ්වවිද්‍යාලය |
237,685.00 |
|
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය |
448,055.00 |
|
දේශීය වෛද්‍ය විද්‍යායතනය |
620,248.00 |
|
ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය |
304,277.00 |
|
සාමාන්‍යය |
405,313.00 |
2024 - රුපියල් 1,075,981.00කි.
2025 - රුපියල් 1,013,602.00කි.
2024 වර්ෂය සඳහා ඒක ශිෂ්‍ය පිරිවැය - රුපියල් 961,994.00කි.
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු සඳහා වැය වන මුළු පිරිවැය රුපියල් 561,313.43කි.
(iv)
2024 - රුපියල් 2,540,456,926.00කි.
2023 - රුපියල් 2,555,862,145.00කි.
(v)
2024 වර්ෂය - 19604
2025 වර්ෂය - 18681
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks