E   |     |  

 දිනය: 2025-02-28   පිළිතුර ලබා දී ඇත 

0303/2025: සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් සංස්ථාගත කරන ලද සමාගම්: විස්තර

303/2024

ගරු රවී කරුණානායක මහතා,— වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වත්මන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ නම කුමක්ද;

             (ii)       2015 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා සමාගම් රෙජිස්ට්‍රාර් තනතුරු හෙබවූ තැනැත්තන්ගේ නම් කවරේද;

(iii) මේ දක්වා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් සංස්ථාගත කරන ලද මුළු සමාගම් සංඛ්‍යාව කොපමණද;

(iv) 2010, 2015, 2020, 2021, 2022, 2023 හා 2024 යන එක් එක්  වර්ෂය තුළ සහ 2025 වර්ෂය තුළ මේ දක්වා සංස්ථාගත කරන ලද මුළු සමාගම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) සමාගමක් සංස්ථාගත කිරීමට ගන්නා ලද සාමාන්‍ය කාලය කොපමණද;

(vi) ඉහත (iii) අනුව සමාගම් සංස්ථාගත කිරීමෙන් දෙපාර්තමේන්තුව උපයා ඇති මුළු ආදායම කොපමණද;

(vii) ඉහත (iii) අනුව වර්තමානයේ ක්‍රියාත්මකව ඇති සක්‍රිය සමාගම් සංඛ්‍යාව කොපමණද;

(viii) සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-02-28

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කේ.ඒ.පී. ද සිල්වා මහත්මිය (වැඩ බලන සමාගම් රෙජිස්ට්‍රාර්)

              (ii)      01.      කේ.ඒ.පී. ද සිල්වා මහත්මිය -

                                   2024.12.30 සිට මේ දක්වා

                                   (සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරේ වැඩ           බැලීම)

                         02.     පුරප්පාඩු වී පැවතුණි. - 

                                   2024.11.21 සිට           2024.12.29 දක්වා

03. එස්‍.ඒ.එම්.එල්. ගුණතිලක මහතා - 2024.07.09 සිට 2024.11.20 දක්වා

(සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරේ වැඩ බැලීම)

04. සංජීව දිසානායක මහතා -

2021.07.08 සිට 2024.07.01 දක්වා

(සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්)

05. ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර මහතා -   2021.01.03 සිට 2021.07.01 දක්වා

(සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරේ වැඩ බැලීම)

06. ඩී.එන්.ආර්. සිරිවර්ධන මහතා - 2015.01.01 සිට 2015.12.31 දක්වා

(සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරේ රාජකාරි ඉටු කිරීම)

-  2016.01.01 සිට 2018.12.31 දක්වා

(සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරේ වැඩ බැලීම)

සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් - 2019.01.03 සිට 2021.01.02 දක්වා

(iii) මුළු සමාගම් සංඛ්‍යාව 223,383 - 2007.05.05 සිට 2025.01.31 දක්වා (ඇමුණුම 01)

සීමාසහිත පෞද්ගලික සමාගම් -     212,055

සීමාසහිත පොදු සමාගම් -         4,540

සංගම් (34 වගන්තිය) -         3,658

ඇපයෙන් සීමිත සමාගම්

(32 වගන්තිය) -         1,229

විදේශීය සමාගම් -            537

අක් වෙරළ සමාගම් -            107

පොදු ලැයිස්තුගත සමාගම් -            254

සීමා රහිත සමාගම් -              03

 

 

(iv)

 

 

 

වර්ෂය

සංස්ථාගත කරන ලද

මුළු සමාගම් සංඛ්‍යාව

2010

 6,341

2015

 7,766

2020

13,619

2021

18,434

2022

17,819

2023

22,376

2024

27,133

2025.01.31 දක්වා

  2,461

(ඇමුණුම 02 බලන්න.)

 

(v) වැඩ කරන දින 2 - 4 අතර ලියාපදිංචිය ලබා දීමට අපි කටයුතු කරනවා.

(vi) රුපියල් මිලියන 9,906.74යි. 2003 වර්ෂයේ සිට 2024 දක්වා සමාගම් සංස්ථාගත කිරීමෙන් දෙපාර්තමේන්තුව උපයා ඇති මුළු ආදායම. (ඇමුණුම 03 බලන්න.) ඇමුණුම් 01, 02, 03 සභාගත* කරමි.

(vii) සක්‍රිය සමාගම් ගණන - 202,426

(viii) නැත.

දෙපාර්තමේන්තුවේ කාර්යයන් පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය කර නොමැත. එහෙත් අංක 07/2007 සමාගම් පනතෙන් ආවරණය වන සමාගමක් සම්බන්ධ සියලු කටයුතු පූර්ණ වශයෙන් මාර්ගගතව - online - කිරිමට හැකි වන පරිදි පරිගණකගත කොට ඇත. එනයින් මුද්‍රිත‍ ලේඛන භාවිතය 2021 ජුනි මස සිට නවතා ඇති අතර, සියලු ලේඛන හා ක්‍රියාදාම පරිගණක ගතකොට ඇත.

(ආ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2025-02-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks