04

E   |     |  

 දිනය: 2025-03-14   පිළිතුර ලබා දී ඇත 

0302/2025: පාසල්වල පළමු ශ්‍රේණියට සහ රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සිසුන්: විස්තර

302/2024

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       රජයේ සහ පෞද්ගලික අංශයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට  වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

              (ii)       ඉහත (i) හි සඳහන් වන ආකාරයට පසුගිය වසර පහ තුළ ඇතුළත් කරගන්නා ලද ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

(iii) පසුගිය වසර තුන තුළ අ.පො.ස. (සා/පෙ) සහ අ.පො.ස. (උ/පෙ) විභාග සඳහා පෙනී සිටි සහ සමත් වූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව සහ පෞද්ගලිකව විභාගයට පෙනී සිටි තැනැත්තන් සංඛ්‍යාව කොපමණද;

(iv) ඉහත අ.පො.ස. (උ/පෙ) විභාගයෙන් සමත්ව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට වෙන් වෙන් වශයෙන් දන්වන්නෙහිද?

(ආ) (i) විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ එහෙත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට වරම් නොලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර  කවරේද;

(ii) එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සංඛ්‍යාව කොපමණද;

(iii) පසුගිය වසර පහ තුළ උසස් අධ්‍යාපනය සඳහා  විදේශගත වූ ශිෂ්‍ය සංඛ්‍යාව සහ විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා වාර්ෂික ඇස්තමේන්තුගත වියදම වෙන් වෙන් වශයෙන් ශ්‍රී ලංකා රුපියල්වලින් සහ ඇමෙරිකානු ඩොලර්වලින් කොපමණද;

(iv) පසුගිය වසර පහ තුළ අධ්‍යාපනය සඳහා වන මුළු වෙන්කිරීම් සහ එය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-03-14

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 287,639යි.

                        පෞද්ගලික අංශයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 11,153යි. -මෙම සංඛ්‍යාවට ආධාර ලබන හා ආධාර නොලබන පාසල් ඇතුළත් අතර,  ජාත්‍යන්තර පාසල් ඇතුළත් නැත.

                        පිරිවෙන් - වයස 5, 6 - 167යි.

මුළු ඇතුළත් කර ගැනීම් -රජයේ, පෞද්ගලික හා පිරිවෙන්- 298,959යි.

 

(ii)

 වසර

පසුගිය වසර පහ තුළ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ලද ශිෂ්‍ය සංඛ්‍යාව (රජයේ, පෞද්ගලික හා පිරිවෙන්)

2023

298,959

2022

303,868

2021 (රාජ්‍ය හා පෞද්ගලික පාසල් පමණක්)

315,363

2020 (රාජ්‍ය හා පෞද්ගලික පාසල් පමණක්)

330,571

2019 (රාජ්‍ය හා පෞද්ගලික පාසල් පමණක්)

343,912

 

 

(iii) පසුගිය වසර තුන තුළ අපොස (සාමාන්‍ය පෙළ) සහ අපොස (උසස් පෙළ) විභාග සඳහා පෙනී සිටි සහ සමත් වූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව සහ පෞද්ගලිකව පෙනී සිටි තැනැත්තන් සංඛ්‍යාව.

 

අපොස (සාමාන්‍ය පෙළ) විභාගය

වර්ෂය

පාසල් අපේක්ෂකයන්

පෞද්ගලික අපේක්ෂයන්

සමස්ත අපේක්ෂකයන්

 

විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්

සාමාන්‍ය පෙළ සමත් අපේක්ෂකයන්

විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්

සාමන්‍ය පෙළ සමත් අපේක්ෂකයන්

විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්

සාමාන්‍ය පෙළ සමත් අපේක්ෂකයන්

2023

329,006

245,878

15,213

7,304

344,219

253,182

2022

325,008

238,043

15,315

7,393

340,323

245,436

2021

318,680

234,251

15,235

7,993

333,915

242,244

 

අපොස (උසස් පෙළ) විභාගය

  වර්ෂය

පාසල් අපේක්ෂකයන්

පෞද්ගලික අපේක්ෂයන්

සමස්ත අපේක්ෂකයන්

 

විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයන්

විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයන්

විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයන්

2023

229,057

151,343

40,556

22,101

269,613

173,444

2022

232,797

149,487

31,136

17,451

263,933

166,938

2021

236,035

149,946

36,647

21,551

272,682

171,497

(iv) ඉහත අපොස (උසස් පෙළ) විභාගයෙන් සමත්ව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව:

 

 වර්ෂය

සමස්ත අපේක්ෂකයන්

 

විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයන්

2023

269,613

173,444

2022

263,933

166,938

2021

272,682

171,497

 

(ආ) (i) 2023/2024 උසස් පෙළ සඳහා සිසුන් 269,613ක් පෙනී සිට ඇති අතර, ඉන් 173,444ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. ඉන් සිසුන් 87,776ක් විශ්වවිද්‍යාල සඳහා  ඉල්ලුම් කර ඇති අතර ඉන් 42,282ක් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තෝරාගෙන ඇත.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ, එහෙත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට ‍වරම් නොලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් යම් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන අතර, තවත් පිරිසක් බාහිර උපාධි සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යොමුවන අතර, තවත් පිරිසක් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලින් උපාධිය ලබා ගැනීම සඳහා යොමු වේ. එසේම උසස් තාක්ෂණ ආයතනය, වෘත්තීය අධ්‍යාපන ආයතනය හා විද්‍යාපීඨ වෙත ද තවත් පිරිසක් ඇතුළත් වේ.

ඒ අනුව,

2024  වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයෙහි ලියාපදිංචි සිසුන් සංඛ්‍යාව 7,500යි.

2023 වර්ෂයේ රජයේ විශ්වවිද්‍යාල සඳහා බාහිර උපාධි පාඨමාලා සඳහා බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 19,204යි.

2023 වර්ෂයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යටතේ බාහිර උපාධි පාඨමාලා සඳහා බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 11,964යි.

2023 වර්ෂයේ තාක්ෂණ විද්‍යායතනය (මොරටුව විශ්වවිද්‍යාලය) බාහිර උපාධි පාඨමාලා සඳහා බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 772යි.

2023 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යායතනයෙහි බාහිර උපාධි පාඨමාලා සඳහා බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 470යි.

2023 වර්ෂයේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාව 49,146යි.

 

(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ දැනට පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතන 28හි 2024 වර්ෂය සඳහා එක් එක් දේශීය උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වී සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව ආයතන මඟින් ලබා ගත් දත්ත අනුව 49,146ක් පමණ වේ.

 

(iii) උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගත වීම් පෞද්ගලිකව සිදුවන බැවින්, ඒ සඳහා වැය වූ විදේශ විනිමය ගණනය කිරීමට මෙම අමාත්‍යාංශයට හැකියාවක් නොමැත.

නමුත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මඟින් පසුගිය වසර 5 තුළ උසස් අධ්‍යාපනය සඳහා සිසුන් 511දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දී ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 7,535ක් වැය කර ඇත. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,825,011.31කි.

(iv)

 

වසර

වෙන් කිරීම් (රුපියල් බිලියන)

ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස

2020

340

2.2

2021

347

2.0

2022

390

1.6

2023

446

1.6

2024 (සත්‍ය)

493

1.6

2025 (ඇස්තමේන්තුගත)

622

1.9

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks