04

E   |     |  

 දිනය: 2025-03-07   පිළිතුර ලබා දී ඇත 

0292/2025: පුත්තලම මූලික රෝහල: නිසි ජලාපවහන පද්ධතියක් ලබා දීම

292/2024

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2024 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවති අධික වැසි නිසා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ නේවාසික වාට්ටු, බාහිර රෝගී අංශ, සායන ඇතුළුව රෝහල් පරිශ්‍රය ජලයෙන් යට වූ බවත්;‍

(ii) එම රෝහලේ අපජලය බැහැර කිරීමට සහ වැසි ජලය බැස යෑමට කාණු පද්ධතියක් නොමැති බවත්;

(iii) රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් පරිශ්‍ර වඩාත් සුරක්ෂිතව පවත්වාගෙන යා යුතු බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) එසේ නම්, ඉහත රෝහල් පරිශ්‍රය වඩාත් සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නො‍එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-03-07

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2024 නොවැම්බර් මාසයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ වාට්ටු අංක 08 පිහිටා ඇති ප්‍රදේශය ජලයෙන් යට වූ අතර දින දෙකකින් ජලය බැස ගියේය.

              (ii)      පුත්තලම රෝහලේ අපජලය බැස යෑම සඳහා කාණු පද්ධතියක් සකස් කර අති අතර එම කාණු පද්ධතියේ වැඩිදියුණු කිරීම සිදු කිරීමට ඇත.

              (iii)      ඔව්.

(ආ)      පුත්තලම රෝහලේ අපජලය පද්ධතිය (පල්දෝරු පද්ධතිය) වැඩිදියුණු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඇස්තමේන්තුවක් සකස් කර ඇත. ඒ සඳහා 2025 වසරේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ප්‍රතිපාදන වෙන්කොට අදාළ වැඩිදියුණු කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

(ඇ) පැන නොනඟී.‍

පිළිතුරු දුන් දිනය

2025-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks