01

E   |     |  

 දිනය: 2025-02-07   පිළිතුර ලබා දී ඇත 

0290/2025: කොවිඩ් - 19 ආසාදිත මළ සිරුරු මජ්මා නගර්හි භූමදානය කිරීම: යොදාගත් යුධ හමුදා සාමාජිකයින් සහ වාහන

290/2024

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත, “කොවිඩ්-19” වසංගත රෝගය වැළදීම හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මඩකලපුව “මජ්මා නගර්” ප්‍රදේශයේ භූමදානය කරන ලද අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය හා දායකත්වය ලබා ගත් බව දන්නේද;

(ii) එම භූමදාන කටයුතු සඳහා අනුයුක්ත වී සිටි එක් එක් අනු කණ්ඩයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මූලික වැටුපට අමතරව එම නිලධාරින්ට ගෙවන ලද දීමනා කොපමණද;

(iv) එම භූමදාන කටයුතු සඳහා භාවිතා කරන ලද ත්‍රිවිධ හමුදාවේ වාහන සහ කුලී පදනම මත ලබා ගන්නා ලද වාහන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉන්ධන සඳහා එම එක් එක් වාහනය වෙනුවෙන් දරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vi) එම භූමදාන කටයුතු සඳහා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් මුදල් අය කරනු ලැබුවේද;

(vii) එසේ නම්, එසේ අයකරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නො‍එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-02-07

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබාගෙන ඇත.

                        ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගෙන නොමැත.

              (ii)      ඉහත සඳහන් මළ සිරුරු භූමදානය සඳහා කිසිදු යුද හමුදා සාමාජිකයෙකු යොදවා නොමැති අතර, එම මළ සිරුරු ප්‍රවාහනය සඳහා සහ එම ස්ථානයේ වළ දැමීමේ අවස්ථා  සඳහා වට ආරක්ෂාවට පමණක් යුද හමුදා භට පිරිස් සහාය ලබා දී ඇත.

(iii) ඉහත කටයුතු සඳහා යුද හමුදා සාමාජිකයන්හට කිසිදු ගෙවීමක් සිදුකර නොමැත.

(iv) ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මළ සිරුරු ප්‍රවාහනය සඳහා ප්‍රසම්පාදන ක්‍රමය යටතේ, කුලී ගෙවීමේ පදනම මත සහ පරිත්‍යාග වශයෙන් ආකාර තුනකට වාහන ලබාගෙන තිබෙනවා.

 

ප්‍රසම්පාදන ක්‍රමය යටතේ වාහන 8ක් ලබාගෙන තිබෙනවා. ඒවා පහත පරිදි වේ.

අනු අංකය

වාහන අංකය හා වර්ගය

1

එල්පී 0333 ෆීසර් ලොරි

2

එල්පී 0196 ෆීසර් ලොරි

3

එල්බී 6293 අ/ලේ ලොරි

4

එච්වී 1760 ඉසුසු ලොරි

5

68 - 5633 ලොරි

6

එල්එන් 5819 අ/ලේ ලොරි

7

එල්එෆ් 2200 ටාටා ලොරි

8

එල්එන් 4434 ඉසුසු ලොරි

කුලී ගෙවීමේ පදනම මත වාහන 5ක් ලබාගෙන තිබෙනවා. ඒවා පහත පරිදි වේ.

අනු අංකය

වාහන අංකය හා වර්ගය

1

එල්එෆ් 1713 අ/ලේ ලොරි

2

එල්එම් 6540 අයිෂර් ලොරි

3

එල්එන් 5819 පූසෝ ලොරි

4

එල්එල් 9604 ටාටා ලොරි

5

එල්අයි 8037 ටාටා ලොරි

පරිත්‍යාග වශයෙන් පහත සඳහන් පරිදි එක් වාහනයක් ලබාගෙන තිබෙනවා.

අනු අංකය

වාහන අංකය හා වාර්ගය

1

යුහ 55511 ෆීසර් ලොරි

(v) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් යොදවන ලද වාහන සඳහා ලබා ගත් ඉන්ධන ප්‍රමාණය හා දරන ලද මුදල පහත පරිදි වේ.

 

ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලබා ගත් වාහන සඳහා දරන ලද ඉන්ධන වියදම:

 

අනු  අංකය

වාහන අංකය හා වර්ගය

ලබාගත් මුළු ඉන්ධන ප්‍රමාණය ලීටර්

මුළු වටිනාකම (රු.)

1

එල්පී 0333 ෆීසර් ලොරි

555.0

61605.00

2

එල්පී 0196 ෆීසර් ලොරි

585.0

64935.00

3

එල්බී 6293  අ/ලේ ලොරි

1265.0

140415.00

4

එච්වී 1760 ඉසුසු ලොරි

670.0

74370.00

5

68-5633 ලොරි

240.0

26640.00

6

එල්එන් 5819 අ/ලේ ලොරි

1115.0

123765.00

7

එල් එෆ් 2200  ටාටා ලොරි

1665.0

184815.00

8

එල්එන් 4434  ඉසුසු ලොරි

830.0

92130.00

කුලී ගෙවීමේ පදනම යටතේ ලබා ගත් වාහන සඳහා දරන ලද ඉන්ධන වියදම:

අනු  අංකය

වාහන අංකය හා වර්ගය

ලබා ගත් මුළු ඉන්ධන ප්‍රමාණය ලීටර්

මුළු වටිනාකම (රු.)

1

එල් එෆ් 1713 අ/ලේ ලොරි

525.0

58275.00

2

එල්එම් 6540 අයිෂර් ලොරි

200.0

22200.00

3

එල්එම් 6540 අයිෂර් ලොරි

300.0

33300.00

4

එල්එම් 6540 අයිෂර් ලොරි

285.0

31685.00

5

එල්එන් 5819 පූසෝ ලොරි

970.0

107670.00

6

එල් එල් 9604 ටාටා ලොරි

620.0

68820.00

7

එල් එල් 9604 ටාටා ලොරි

325.0

36075.00

8

එල් එල් 9604 ටාටා ලොරි

125.0

13875.00

9

එල්අයි 8037  ටාටා ලොරි

674.0

74814.00

පරිත්‍යාග වශයෙන් ලබා ගත් වාහන සඳහා දරන ලද ඉන්ධන වියදම:

අනු  අංකය

වාහන අංකය හා වර්ගය

ලබා ගත් මුළු ඉන්ධන ප්‍රමාණය ලීටර්

මුළු වටිනාකම (රු.)

01.

යුහ 55511 ෆීසර් ලොරි

1350.00

149850.00

(vi)                   කිසිදු මුදලක් අය කර ගෙන නොමැත.

           (vii)        අදාළ නොවේ.

(ඇ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks