පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
289/2024
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) “කොවිඩ්-19” රෝගයෙන් මරණයට පත් වූ පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විරෝධතා මතුවීම හේතුවෙන්, මඩකලපුව, “මජ්මා නගර්” ප්‍රදේශයේ ඉඩමක එම මළ සිරුරු භූමදානය කරන ලද බව දන්නේද;
(ii) මරණයට පත්ව එලෙස භූමදානය කරනු ලැබූ එක් එක් පුද්ගලයාගේ නම, ලිපිනය, ආගම, ස්ත්‍රී/පුරුෂ සමාජභාවය, මළ සිරුර ලියාපදිංචි කළ අංකය, භූමදානය කරන ලද දිනය, මරණයට පත් වූ එක් එක් පුද්ගලයා වෙනුවෙන් භූමදානය කරන ලද අවස්ථාවට සහභාගීවීමට අවසර ලත් පුද්ගලයන් සංඛ්‍යාව, එම සහභාගී වූ පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මරණයට පත් වූ එක් එක් පුද්ගලයාගේ භූමදානය වෙනුවෙන් සහභාගී වූ පුද්ගලයන්ගෙන් මුදල් අය කරනු ලැබුවේද;
(iv) එසේ නම්, අය කරන ලද මුදල කොපමණද;
(v) මුදල් අය කිරීම සඳහා බලය ලත් ආයතන/පුද්ගලයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද ?
අසන ලද දිනය
2025-02-05
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks