පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
280/2024
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස නොමැති පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පවුල්වලට නිවාස ලබා දීම සඳහා වැඩපිළිවෙළක් යෝජනා වී තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
(iv) එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කාල වකවානු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-20
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිවාස නොමැති පවුල් සංඛ්‍යාව 1,035කි.
(ii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ව්‍යාපෘති 3ක් ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව 2025 අවුරුද්ද තුළදී ලංකාව පුරාම නිවාස නොමැති දුගී පවුල් 3,000කට නිවාස ලබා දෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉන්න නිවාස නොමැති දුගී පවුල්වල අය සඳහාත් ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන අතරේ, තවත් ණය යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ ණය යෝජනා ක්‍රම හරහාත් නිවාස ණය ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම වතු ආශ්‍රිතව ඉන්න කණ්ඩායම් සඳහා දැනටමත් "සංහිඳ සෙවණ" මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඉදිකරලා තිබෙනවා; 696ක් ඉන්නවා. ඒ වාගේම, "ලක්සඳ සෙවණ" මහල් නිවාස සංකීර්ණයේ නිවාස 1,008ක් තිබෙනවා.
ඊට අමතරව කොළොන්නාව ගංවතුර පාලන ව්‍යාපෘතිය පිළිබඳව ගරු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් මේ වනවිටත් සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ සාකච්ඡාවේදීත් ඉල්ලීමක් කර තිබෙනවා, ගංවතුරින් යට වන නිවාස සඳහාත් නිවාස ලබා දෙන වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන්. ඒ පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව ඒ සඳහා වැඩ පිළිවෙළකුත් යෝජනා වෙලා තිබෙනවා. සමහර ඒවා ක්‍රියාත්මකත් වෙනවා. මම කලින් කියපු ආකාරයට, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මේ වැඩ පිළිවෙළ, ලංකාව පුරාම ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළක්.
(iii) රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නිවාස ණය ලබා දීම සඳහා "සේවාභිමානි" නිවාස ණය වැඩසටහන, අඩු ආදායම් හා මධ්‍යම ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා "සැමට නිවහන" නිවාස ණය වැඩසටහන, දිළිඳුම අයගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා වෙනමම වැඩ පිළිවෙළක්, මිලියන 30ක ආධාර මුදලක් අදියර කිහිපයකින් ලබා දෙන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වනවා.
(iv) එම වැඩ පිළිවෙළ 2025 ඉඳලා ආරම්භ වෙලා තිබෙනවා.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2025-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks