E   |     |  

 දිනය: 2025-06-17   පිළිතුර ලබා දී ඇත 

0279/2025: විදුලි බිල්පත් යැවීම සඳහා භාවිත කරන කෙටි පණිවුඩ සේවාව: ලියාපදිංචි නොකළ පාරිභෝගිකයන්

279/2024

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)      කෙටි පණිවුඩ සේවාව (SMS) මාර්ගයෙන් විදුලි බිල්පත් ලබා දීම ආරම්භ කර මේ වනවිට ගත වී ඇති කාලය කොපමණද;

             (ii)      මේ වනවිට සියලුම විදුලි පාරිභෝගිකයන් කෙටි පණිවුඩ සේවාව සඳහා ලියාපදිංචි වී තිබේද;

(iii) නොඑසේ නම්, මේ වනතෙක් ලියාපදිංචි වී නොමැති විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම සේවාව සඳහා ලියාපදිංචි වීමට නොහැකි හා ජංගම දුරකථන නොමැති විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි බිල්පත් ලබා දීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-06-17

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත.

              (ii)      නැත.

             (iii)      ආසන්න වශයෙන් පාරිභෝගිකයන් 204,832ක ප්‍රමාණයක් තවමත් මෙම කෙටි පණිවුඩ සේවාව සඳහා ලියාපදිංචි වී නොමැති අතර, එය සක්‍රිය මුළු පාරිභෝගිකයන් අතරින් සියයට 2.9ක ප්‍රමාණයකි.

                        වැඩිදුරටත් ගත්තොත්, 2025 ජුනි මස වනවිට කෙටි පණිවුඩ සේවාව සඳහා ලියාපදිංචි වී ඇති ප්‍රමාණය 6,964,414ක් වන අතර, එය මුළු සක්‍රිය සාමාන්‍ය පාරිභෝගිකයන් අතරින් සියයට 97.1ක ප්‍රමාණයකි.

(iv) ජංගම දුරකථන නොමැති විදුලි පාරිභෝගිකයන් සඳහා ඔවුන්ගේ ඉල්ලීම පරිදි මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම සිදු කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks