04

E   |     |  

 දිනය: 2025-03-15   පිළිතුර ලබා දී ඇත 

0275/2025: IDH සිට කොළොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය: සංවර්ධනය

275/2024

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අයි.ඩී.එච්. සිට කොළොන්නාව මංසන්ධිය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් යෝජනා කර තිබේද;

            (ii)       එසේ නම්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන දින වකවානු කවරේද;

(iii) එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගනු ලබන ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-15

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ)           (i)      ඔව්.

              (ii)     

මාර්ග කොටස

අනු කොටස්

දුර

වර්තමාන තත්ත්වය

පළමු කොටස -  කිලෝ මීටර් 2 මීටර් 770 සිට කිලෝ මීටර් 3 මීටර් 100 දක්වා

 

කිලෝ මීටර් 2 සිට කිලෝ මීටර් 3 මීටර් 100 දක්වා

ද්විත්ව මංතීරු දක්වා පුළුල් කර සංවර්ධනය කර ඇත.

දෙවන කොටස -  කිලෝ මීටර් 0 සිට කිලෝ මීටර් 2 මීටර් 770 දක්වා

02(a)

කිලෝ මීටර් 1 මීටර් 200 සිට කිලෝ මීටර් 1 මීටර් 800 දක්වා (මීටර් 600)

අබලන්ව ඇත

 

02(b)

කිලෝ මීටර් 0 සිට කිලෝ මීටර් 1 මීටර් 200 සහ  කිලෝ මීටර් 1 මීටර් 800 සිට කිලෝ මීටර් 2 මීටර් 770

අබලන්ව ඇති මීටර් 600 කොටස දෙපස ඇති මෝටර් රථ ගමන් කළ හැකි තත්ත්වයේ පවතින කොටස

ඉහත වගුවෙහි සඳහන් පරිදි කිලෝ මිටර් 0 සිට කිලෝ මීටර් 2 මීටර් 770 දක්වා කොටස තුළ පවතින මීටර් 600 (කිලෝ මීටර් 1 මීටර් 200 - කිලෝ මීටර් 1 මීටර් 800) දැඩි ලෙස අබලන්ව ඇති අතර මෙම කොටස ප්‍රතිසංස්කරණය කිරීම 2025 වැඩ සැලැස්මට ඇතුළත් කර ඇත. දැනට පවතින මාර්ගය වාහන යා හැකි පරිදි නඩත්තු කිරීම සිදු වේ.

කොළොන්නාව මංසන්ධියේ සිට ගොතටුව හංදිය දක්වා දිවෙන මාර්ගයෙහි අවසාන කොටස වන ගොතටුව හංදිය ආශ්‍රිත කිලෝ මීටර් 2 මීටර් 770 සිට කිලෝ මීටර් 3 මීටර් 100 දක්වා කොටස ද්විත්ව මංතීරු දක්වා පුළුල් කර සංවර්ධනය කර ඇත. (ඇමුණුමෙහි** දක්වා ඇත.)

 

තවද, පවතින වාහන ධාරිතාව අනුව මෙම මාර්ගය (කිලෝ මීටර් 0 - කිලෝ මීටර් 2 මීටර් 770 දක්වා කොටස) සම්මත ද්විත්ව මංතීරු දක්වා පුළුල් කර සංවර්ධනය කළ යුතු අතර, ඒ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු 2026 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසුව මාර්ගය පුළුල් කිරීමට අදාළව ප්‍රතිපාදන 2027 වර්ෂයේදී වෙන් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය.

(iii) භාණ්ඩාගාරය මඟින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත, මාර්ග නඩත්තු කටයුතු සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතය.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks