04

E   |     |  

 දිනය: 2025-02-28   පිළිතුර ලබා දී ඇත 

0273/2025: කොළඹ නගරය තුළ ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්: ආයෝජන ව්‍යාපෘති

273/2024

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොළඹ නගරය තුළ ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් මුළු ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබේද;

             (ii)       එම ඉඩම් අතරින් ආයෝජන ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට අපේක්ෂිත ඉඩම් කවරේද;

(iii) එම එක් එක් ඉඩමේ සිදු කිරීමට අපේක්ෂිත ආයෝජන ව්‍යාපෘති වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-28

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන ව්‍යාපෘති සඳහා කොළඹ නගරය තුළින් 1950 අංක 9 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව හා රජයේ ඉඩම් ආඥා පනතේ 6(1) වගන්තිය යටතේ මෙන්ම 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 15(1) වන වගන්තිය යටතේ පවතින විධිවිධාන ප්‍රකාරව නාගරික සංවර්ධන අධිකාරිය වෙත අත්කර/පවරා ගත් ඉඩම් කොටස් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතුව කොළඹ නගරය තුළ (කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ) 2020 වර්ෂය වන විට හෙක්ටෙයාර 125.9ක පමණ ඉඩම් ප්‍රමාණයක් අත්කර/පවරා ගැනීමට කටයුතු කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විසින් දන්වා ඇත.

(ii) ඉහත කී ඉඩම් කොටස් අතුරින් මේ වන විට යෝජිත සංවර්ධන කටයුතුවලට අදාළව ආයෝජන ව්‍යාපෘති සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරනු ලබන ඉඩම් කොටස් පිළිබඳ විස්තර ඇමුණුමේ පළමු තීරයේ සඳහන් ‍කර ඇත. ඇමුණුම සභාගත* කරමි.

ඉඩම් 20ක් සම්බන්ධයෙන් වන තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සභාගත කළ ලේඛනයේ තිබෙන මුල් ව්‍යාපෘති දෙක විතරක් මම කියන්නම්.

කොළඹ කොටුවේ හෙක්ටෙයාර 3.9ක පිහිටි Chalmers Granaries land ව්‍යාපෘතිය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා තමයි වෙන්වෙලා තිබෙන්නේ. ඒ වාගේම, කොළඹ Chatham Street එකේ අංක 125 දරන ස්ථානයේ හෙක්ටෙයාර 0.2ක ඉඩමත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වෙන්වෙලා තිබෙනවා. මේ ආදී වශයෙන් ඉඩම් 20ක් පිළිබඳ තොරතුරු සභාගත කළ ලේඛනයේ සඳහන් කර තිබෙනවා. එම එක් එක් ඉඩමේ ලිපිනය, හෙක්ටෙයාර ගණන සහ අදාළ යෝජිත ව්‍යාපෘති මොනවාද කියන විස්තර සඳහන් කර තිබෙනවා.

(iii) ඇමුණුමේ දක්වා ඇති වගුවෙහි තෙවන තීරයෙන් එම ඉඩම් කොටස් තුළ සිදු කිරීමට අපේක්ෂිත ‍ආයෝජන ව්‍යාපෘති දක්වා ඇත.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks