පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
263/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන කවරේද;
(iii) මේ වනවිට එම දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යභාරය කවරේද;
(v) එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම කවරේද;
(vi) ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-11
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සෝල්බරි කොමිෂන් සභාවේ උපදෙස් හා නිර්දේශ අනුව 1948 ජූලි මස 31වන දින කොළඹ ගාලු මුවදොර පිහිටි මහලේකම් කාර්යාලයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත.
(ii) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ආයතන කිසිවක් නොපවතී. එහෙත්, මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25හිම දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පිහිටුවා ඇත.
(iii) 301කි.
(iv) ඉහළ සංවර්ධන මට්ටමක් සහ තිරසර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන සහභාගි කර ගනිමින් සන්නිවේදනයෙන් දායක වීම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේය.
(v) හර්ෂ ශ්‍රී ක්‍රිෂ්මල් ජයරත්න බණ්ඩාර (එච්.එස්.කේ.ජේ. බණ්ඩාර)
(vi) · ව්‍යාපාර පරිපාලනපති උපාධිය - Master of Business Administration: 2017.12.15 - රජරට විශ්වවිද්‍යාලය.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks