පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
259/2024
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2022 සිට 2024 දක්වා කාලය තුළ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ නිල විදේශ සංචාර සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් විදේශ සංචාරය කරන ලද රට, අරමුණ, ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රතිලාභ, හිටපු ජනාධිපතිවරයාට අමතරව රජයේ වියදමින් සම්බන්ධ වූ පුද්ගලයන් සහ ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අරමුණ වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම විදේශ සංචාර සඳහා වැය කරන ලද සම්පූර්ණ වියදම කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-21
අසන ලද්දේ
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වර්ෂයේ නිල විදේශ සංචාර 4ක්, 2023 වර්ෂයේ නිල විදේශ සංචාර 14ක්, 2024 වර්ෂයේ නිල විදේශ සංචාර 5ක් වශයෙන් නිල විදේශ සංචාර 23ක් සඳහා සහභාගි වී ඇත.
ඒ අනුව, එම නිල විදේශ සංචාර පිළිබඳ තොරතුරු පහත පරිදි ඉදිරිපත් කරමි.
|
2022 වර්ෂය - නිල විදේශ සංචාර 04 |
||
|
අංකය |
රට |
අරමුණ |
|
01 |
එක්සත් රාජධානිය |
දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම. |
|
02 |
ජපානය |
ජපාන හිටපු අග්‍රාමාත්‍යතුමාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම. |
|
03 |
පිලිපීනය/මැනිලා |
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 55 වන පාලක මණ්ඩල වාර්ෂික සමුළුව සඳහා සහභාගි වීම. |
|
04 |
ඊජීප්තුව, කයිරෝ |
COP 27, UNFCCC ලෝක නායක සමුළුවට සහභාගි වීම. |
|
2023 වර්ෂය - නිල විදේශ සංචාර 14 |
||
|
05 |
එක්සත් රාජධානිය |
තුන්වෙනි චාල්ස් මහරජුගේ රාජාභිෂේකය සඳහා සහභාගි වීම. |
|
06 |
සිංගප්පූරුව |
සංචාරයේ අරමුණ පැහැදිලි නැත. |
|
07 |
ජපානය |
Nikkei Future of Asia සමුළුවට සහභාගි වීම. |
|
08 |
එක්සත් රාජධානිය, ලන්ඩනය |
2023 IDU සමුළුවට සහභාගි වීම. |
|
09 |
ප්‍රංශය |
2023 නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගි වීම. |
|
10 |
ඉන්දියාව |
ශ්‍රී ලංකා ජනාධිපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද ද්විපාර්ශ්වික සංචාරයට සහභාගි වීම. |
|
11 |
සිංගප්පූරුව |
රාජකාරි සංචාරය |
|
12 |
කියුබාව/හවානා |
"වර්තමාන සංවර්ධන අභියෝග" පිළිබඳ "G 77 හා චීනය" රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගි වීම. |
|
13 |
නිව්යෝර්ක් |
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන ඉහළ පෙළ සැසිවාරයට සහභාගි වීම. |
|
14 |
එක්සත් රාජධානිය |
2023.09.22වන දින වොල්වහැම්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයකට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ සහභාගි වී ඇති බව පෙනී යයි. |
|
15 |
ජර්මනිය/බර්ලින් |
බර්ලින් ගෝලීය සමුළුවට සහභාගි වීම. |
|
2022 වර්ෂය - නිල විදේශ සංචාර 04 |
||
|
අංකය |
රට |
අරමුණ |
|
16 |
චීනය |
ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ තෙවන "එක් තීරයක් එක් මාවතක්" සමුළුවට සහභාගි වීම. |
|
17 |
මාලදිවයින |
අතිගරු ආචාර්ය මොහොමඩ් මයිස්ෂු මැතිතුමාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීම. |
|
18 |
ඩුබායි/එක්සත් අරාබි එමීර් රාජ්‍යය |
UNFCCC (COP 28) සමුළුවෙහි පක්ෂ සම්මේලනය සඳහා සහභාගි වීම. |
|
2024 වර්ෂය - නිල විදේශ සංචාර 05 |
||
|
19 |
ස්විට්සර්ලන්තය |
ලෝක ආර්ථික සමුළුවේ සභාපතිතුමන්ගේ ආරාධනය පරිදි ලෝක ආර්ථික සමුළු වාර්ෂික හමුවට සහභාගි වීම. |
|
20 |
උගන්ඩාව |
නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19වන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම. |
|
21 |
ඕස්ට්‍රේලියාව |
7 වන ඉන්දීය සාගර සමුළුව සඳහා සහභාගි වීම. |
|
22 |
ඉන්දුනීසියාව |
10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළ හමුව සඳහා සහභාගි වීම. |
|
23 |
ඉන්දියාව |
ඉන්දීය රජයේ ආරාධනය පරිදි ගරු ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම. |
(ii) මෙම විදේශ සංචාර සඳහා ජනාධිපතිවරයාට අමතරව රජයේ වියදමින් සම්බන්ධ වූ පුද්ගලයන් ගණන පහත පරිදි වේ.
විදේශ සංචාරය කරන ලද රට, අරමුණ, ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රතිලාභ ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අරමුණ ඇමුණුම 01හි පැහැදිලිව දක්වා ඇත.
(iii)
|
වර්ෂය |
විදේශ සංචාර ගණන |
වියදම (රුපියල්) |
|
2022 |
04 |
129,316,753.66 |
|
2023 |
14 |
577,964,372.83 |
|
2024 |
05 |
300,065,855.17 |
ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks