01

E   |     |  

 දිනය: 2025-02-19   පිළිතුර ලබා දී ඇත 

0257/2025: හෝලුවාගොඩ සංවර්ධන ව්‍යාපෘතිය: වත්මන් තත්ත්වය සහ අපේක්ෂිත ප්‍රතිලාභ

257/2024

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ගාල්ල දිස්ත්‍රික්කයේ ‘හෝලුවගොඩ’ සංවර්ධන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද;

            (ii)       එම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂිත කෘෂිකාර්මික භූමි ප්‍රමාණය කොපමණද;

(iii) එම භූමි ප්‍රමාණය කෘෂිකර්මාන්ත කටයුතු සඳහා යොදා ගැනීමට මේ වනවිට ඇති බාධා කවරේද;

(iv) එම ව්‍යාපෘතිය වෙනුවෙන් මේ දක්වා කරන ලද වියදම් හා සංසන්දනය කිරීමේදී, එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-19

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

   (අ)    (i)       ·     හෝලුව‍ාගොඩ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2023.12.20 දින වන විට අවසන් කර ඇත.

  • ඒ අනුව, හෝලුව‍ාගොඩ දියදම් උයන 2024.03.13 දින මහජනතාව වෙත විවෘත කර ඇත.
    • එම උද්‍යානය කළමනාකරණය සඳහා රුහුණු සංචාරක කාර්යාංශය වෙත භාර දී ඇත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) මෙම ව්‍යාපෘතියෙන් පහත සඳහන් ප්‍රතිලාභ සපුරාලීමට අපේක්ෂා කරන ලදී.

-  නිසි ජලාපවහන පද්ධතියක් මඟින් ගංවතුර අවම කිරීම 

-  අවට ප්‍රජාවට විනෝදාස්වාද පහසුකම් සැපයීම

- වෙළෙඳ කුටි සහිත වෙළෙඳ පොළ ප්‍රදේශ මඟින් ආර්ථික දියුණුව සහ වැවිලි කර්මාන්ත ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය

- කෘෂිකාර්මික වගාව හරහා දිවෙන මාර්ගවලින් නගර අලංකරණය

-  සංචාරක ප්‍රවර්ධනය

- ඇවිදින මංතීරු සහ ළමුන් සඳහා ක්‍රීඩා කිරීමට වෙන් වූ ඉඩකඩක් සකස් කිරීම.

  ඒ අනුව, අදාළ ප්‍රතිලාභ ලැබී ඇති බව නිරීක්ෂණය කරමි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks