E   |     |  

 දිනය: 2025-02-07   පිළිතුර ලබා දී ඇත 

0256/2025: කයිකාවල ජනකලා කේන්ද්‍රය: වර්තමාන තත්ත්වය

256/2024

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       බෙන්තර, කයිකාවල පිහිටුවා ඇති ජනකලා කේන්ද්‍රය මේ වනවිට භාවිතයට නොගෙන අතහැර දමා ඇති බව දන්නේද;

            (ii)       එම ජනකලා කේන්ද්‍රය තවදුරටත් භාවිතා කළ හැකි මට්ටමක පවතින්නේද;

(iii) නොඑසේ නම්, එය ප්‍රතිසංස්කරණය කිරීම මඟින් නැවත භාවිතයට ගත හැකිද;

(iv) එහි පරිපාලන කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බෙන්තර කයිකාවල ජනකලා කේන්ද්‍රය අප අමාත්‍යාංශය සතු ආයතනයක් නොවේ. එම ආයතනය බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2ඒ, වරාහේන ග්‍රාම නිලධාරි වසමේ සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩමක පිහිටා ඇති බවත්, අදාළ ඉඩම දකුණු පළාත් සභාව වෙත බදු පදනමට ලබා දී ඇති අතර, දකුණු පළාත් සභාව විසින් එහි ජනකලා කේන්ද්‍රය ඉදි කොට 1991.09.27 දින විවෘත කර ඇත. මේ සම්බන්ධයෙන් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් විසින් යොමු කර ඇති වාර්තාව ඇමුණුමක් ලෙස මේ සමඟ යොමු කරමි. එම ඇමුණුම සභාගත* කරමි. 

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

 

(ආ) අදාළ නොවේ. මක් නිසාද යත්, අප අමාත්‍යාංශය යටතේ නොවෙයි මේ ප්‍රශ්නයෙන් අසා තිබෙන ආයතනය පාලනය වන්නේ.

 

පිළිතුරු දුන් දිනය

2025-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks