පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-10
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර, ජලජ සහ සාගර සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් ගොවිපළ 699ක ප්‍රමාණයක් ක්‍රියාත්මක අතර එයින් 2021 වර්ෂයේ උපරිම අස්වැන්නක් වන මෙට්‍රික් ටොන් 12,449ක ප්‍රමාණයක් ලබා ගෙන තිබුණි. එම වර්ෂයේ එම ප්‍රමාණය සමස්ත ඉස්සන් නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් 14410 ප්‍රමාණයෙන් සියයට 86ක ප්‍රමාණයක් වේ. එම වර්ෂයේ සමස්ත ඉස්සන් අපනයනයෙන් විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් මිලියන 42.5ක ප්‍රමාණයක් උපයා ඇත. නමුත් 2023 වර්ෂය අවසානයේ සමස්ත ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 11,600ක් වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 9,115ක් වී ඇත. තවද, සමස්ත ඉස්සන් අපනයනයෙන් ලබාගත් විදේශ විනිමය ඉපයීම ඇමෙරිකානු ඩොලර් මිලියන 31.73ක් ලෙස අඩු වී ඇත. ඒ අනුව ඉස්සන් කර්මාන්තය අර්බුදයට ලක් වි ඇත. එම ප්‍රමාණය 2024 වර්ෂය වන විට තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව කර්මාන්තය අර්බුදයකට ලක්ව ඇති බව පිළිගනිමි.
(ii) පුත්තලම දිස්ත්‍රික්කයේ ඍජු රැකියා 4,000ක් හා වක්‍ර රැකියා 5,000ක ප්‍රමාණයක් මෙම කර්මාන්තය මත උත්පාදනය වී තිබූ අතර නිෂ්පාදනය අඩුවීමත් සමඟ රැකියා සහ ආර්ථිකමය ශක්තියට බලපෑමක් ඇති වී තිබේ.
(ආ) (i) ඉස්සන් ගොවිපළ ක්‍රියාත්මක වීම අඩුවීමට පහත හේතු බලපා ඇත.
1. ඉස්සන් කර්මාන්තයද කර්මාන්තයක් සේ සැලකීම හා නිෂ්පාදන කර්මාන්තවලට විදුලි බිල අඩු නොකිරීම හේතුවෙන් විදුලි බිල විශාල වශයෙන් වැඩිවීම. (ඉස්සන් කිලෝවක් නිපදවීමට විදුලිය සඳහා 2022 වසරෙහි රුපියල් 50ක මුදලක් වැය වූ අතර මේ වන විට එය රුපියල් 150ක් දක්වා වැඩි වී ඇත.)
2. ඉස්සන් ආහාර සඳහා වැය වන මුදල සැලකිය යුතු ලෙස වැඩි වී තිබීම.
3. EHP නැමැති රෝගී තත්ත්වය පැතිරීම හා එම රෝග L.vannamei ඉස්සන් වගාවට දැඩි හානියක් ඇති කිරීම.
4. වාර්ෂික ආදායම මිලියන 60ට වඩා වැඩි ඉස්සන් වගාකරුවන් සඳහා VAT පැනවීම - අක්කර 04ක පමණ කුඩා ප්‍රමාණයේ වගාකරුවෙකු මෙම ආදායම ලබාගන්නා බැවින් මෙම මුදල ඉස්සන් කර්මාන්තය සමඟ සැසඳීමේදී කුඩා මුදලක් වේ. මෙම බදු පැනවීම හේතුවෙන් ආයෝජකයින් ඉස්සන් කර්මාන්තය සඳහා ආයෝජනය කිරීම අඩුවීමක් දැකිය හැකි විම.
(ii) මේ පිළිබඳව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ සහභාගිත්වයෙන් SLADA සංවිධානයේ නියෝජිතයින් සමඟ 2024.10.09 දින ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේදී සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී පහත තීරණවලට එළැඹිණි.
1. ඉස්සන් කර්මාන්තයේ වර්ධනය සඳහා SLADA සංවිධානයේ නියෝජිතයින් සමඟ දීර්ඝකාලීන සැලසුමක් සකස් කිරීම.
2. 2024.11.15 දිනෙන් පසුව අභිජනනාගාරවල නීත්‍යනුකූල නොවන ලෙස පවත්වාගෙන යන දේශීය මව් සතුන්. කීට හෝ පසු කීට අවස්ථා තබා නොගත යුතු බවට යෝජනා කළ අතර යම් හෙයකින් දේශීය මව් සතුන්, කීට හෝ පසු කීට අවස්ථා ඇති බවට වාර්තා වුවහොත් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡාවකින් පසුව අවශ්‍ය නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ගත යුතු බව.
3. EHP රෝග පාලනය සඳහා සකස් කරන ලද යහපත් ජලජීවී ක්‍රියාකාරකම් (BMP) ක්‍රියාත්මක කිරිම.
4. දැනට මතභේදාත්මකව පවතින ඉස්සන් ප්‍රභේද අතරින් වඩාත් සුදුසු සහ වගා ඉඩ පිළිබඳ පර්යේෂණයක් 2025 වසරේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සමඟ පැවැත්වීමත් එම විද්‍යාත්මක දත්ත මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් යෝජනා කිරීම.
* කුඩා පරිමාණ ඉස්සන් වගාකරුවන් අභිජනනාගාරවල නීත්‍යනුකූල නොවන ලෙස පවත්වාගෙන යන දේශීය මව් සතුන්, කීට හෝ පසුකීට අවස්ථා පිළිබඳ වාර්තා වුවහොත් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට විරෝධය දක්වන බැවින් දේශීය ඉස්සන් අභිජනනය හා වගාව පිළිබඳ පර්යේෂණයක් නාරා ආයතනය මඟින් 2025 වර්ෂයේ සිදු කිරීමට නියමිත වේ.
* ඉස්සන් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඉස්සන් කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්ව සහභාගිත්වයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks